කිලිනොච්චියේ කොටි මහවිරු සොහොන් සුද්ද කරයි.. දෙමල සන්ධාන මන්ත‍්‍රීත් යයි.. මහවිරු සැමරුම කරන බව කියයි..

November 16, 2020 at 12:40 pm | lanka C news
කිලිනොච්චියේ කොටි මහවිරු සොහොන් සුද්ද කරයි.. දෙමල සන්ධාන මන්ත‍්‍රීත් යයි.. මහවිරු සැමරුම කරන බව කියයි..

කිලිනොච්චිය කනකපුරම් මහවිරු සුසානභූමිය සුද්දපවිත්‍ර කරමින් සිටි දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. ශ්‍රීධරන්ගෙන් ප්‍රශ්න කොට ප්‍රකාශයක් ලබාගත් බවට කිලිනොච්චිය පොලීසිය පවසයි.

ශ්‍රීධරන් මන්ත්‍රීවරයා ඇතුලු පිරිසක් කනකපුරම් මහවිරු සුසානභූමිය සුද්ධ පවිත්‍ර කරමින් සිට ඇති අවස්ථාවේදී කිලිනොච්චිය පොලීසියට නිරෝධායන නීති කඩකරමින් පිරිසක් කනකපුරම් සුසාන භූමියේ රැස්ව සිටින බවට පොලීසියට ලැබුනු තොරතුරකට අනුව එහි නිලධාරීන් පිරිසක් ගොස් මන්ත්‍රීවරයාගෙන් ඇතුලු පිරිසකගෙන් ප්‍රකාශයන් ලබා ගෙන ඇත.

අදාල ප්‍රකාශය පොලීසියට ලබා දෙමින් ශ්‍රීධරන් මන්ත්‍රීවරයා පවසා .

‘තමන් ඇතුලු පිරිස කිසිදු ලෙසකින් නිරෝධායන නීති කඩනොකල බවටත් ඉතා සුලු පිරිසක් පමණක් කනක පුරම් සුසාන භූමියට රැස්වූ අතරම සෞඛ්‍ය ආරක්ෂිත පියවර අනුගමනය කරමින් තමන් කටයුතු කල බවටයි.

එමෙන්ම පසුගිය වසරේදී කනකපුරම් සුසාන භූමියේ මහවිරු සැමරුම් සැමරීමට අවසරය ලැබුනු ලෙසින් මේ වසරේද මහවිරු දිනය සැමරීම තමන්ට ඇතුලු ජනතාවට අවස්ථාව උදාවෙනු ඇති බවට තමන් විශ්වාශ කරන බවට ශ්‍රීධරන් මන්ත්‍රීවරයා වැඩි දුරටත් පැවසීය.

– වන්නි රොමේෂ් මධුෂංඛ

19,790 views

5 Comments to “කිලිනොච්චියේ කොටි මහවිරු සොහොන් සුද්ද කරයි.. දෙමල සන්ධාන මන්ත‍්‍රීත් යයි.. මහවිරු සැමරුම කරන බව කියයි..”

  1. CAT says:

    කොරෝනා නීති කඩ කරමින් මෙලෙච්චේද මිනීමරු LTTE ත්‍රස්තවාදීන් සැමරීමට කටයුතු කරන ශ්‍රීධරන් මන්ත්‍රීවරයා වහාම අඩංගුවට ගත යුතුයි
    අපේ රටේ LTTE ත්‍රස්තවාදී සැමරීමට ඉඩ නොදෙනු ..ආණ්ඩුව නිදිද ? යහපාලන සමයේ ඉඩදුන් මෙවැනි මෙලෙච්චේද සැමරීම් දැන්වත් නතර කල යුතුයි

  2. saman says:

    එහෙම දෙයක් නෑ බය වෙන්න එපා

  3. Niroshan says:

    යහපාලන ආණ්ඩු සමයේ මෙවැනි දේවල් සිද්ධ වනවිට ….මතකද බයියන්ගෙ ඇඩිල්ල….

  4. Jahuta says:

    Awadanaya wenathakata yana bawanam peneeeeeeeee

Main News