SLPL තරගාවලිය ICC අනුමතද.. දුෂණ විරෝධී නිලධාරීන් ඉන්නවාද..- නාමල්ට ප‍්‍රශ්න වැලක්..

November 16, 2020 at 5:30 pm | lanka C news
SLPL තරගාවලිය ICC අනුමතද.. දුෂණ විරෝධී නිලධාරීන් ඉන්නවාද..- නාමල්ට ප‍්‍රශ්න වැලක්..

ලබන 26 වැනිදා ආරම්භ වීමට නියමිත ප්‍රිමියර් ලීග් තරගාවලිය හෙවත් එල්. පී. එල්. තරගාවලියේ විනිවිදබව ප්‍රශ්න කරමින් හිටපු ටෙස්ට් ක්‍රිකට් නායක අර්ජුන රණතුංග මහතා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මැතිතුමාට ලිපියක් අද (16) යොමු කර තිබේ.

01. මෙම තරගාවලිය අයි. සී. සීය විසින් අනුමත කර තිබේද ? එය ඍජු මැදිහත් වීමක්ද ?

02. මෙම තරගාවලිය අයි. සී. සී දූෂණ විරෝධී නිලධාරීන් අධීක්ෂණය කරන්නේද ?

03. අයි. සී. සී. දූෂණ විරෝධී නිලධාරීන් මෙම තරගාවලිය අධීක්ෂණය නොකරන්නේ නම් එම කාර්යය සිදුවන මෙරට ආචාර්ය ධර්ම පද්ධතිය කුමක්ද ?

04. ක්‍රීඩයින් තරගාවලිය සඳහා ගිවිසුම් අත්සන් කරන්නේ කවුරුන් සමඟ ද? ( ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ද ? කණ්ඩායම් හිමිකරුවන් සමඟ ද? )

05. මෙම තරගාවලිය පාලනය කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට හැකියාවක් තිබේද ? (එසේනම් ඒ කුමන අංශයෙන්ද ?)

06. කණ්ඩායම් හිමිකරුවන් කවුරුන්ද යන්න පිළිබඳ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සිදු කර ඇති තක්සේරුව මෙන්ම ඔවුන්ගේ ක්‍රියාකාරකම් පිළිබඳ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය දැනුවත් ද ?

යන ප්‍රශ්න එම ලිපියෙන් අර්ජුන රණතුංග මහතා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මැතිතුමාගේ අවධානයට යොමු කරන මූලික කරුණ වේ. එම ලිපියේ වැඩිදුරටත් දැක්වෙන්නේ ‍දේශීය තරග පාවාදිමට වැරදිකරුවකු වූවකු මෙම තරගාවලියේ අධ්‍යක්ෂ ධුරයේ කටයුතු කිරීම ක්‍රීඩාවේ ජීව ගුණයට උචිත ද යන්නයි.

මේ සමඟ එම ලිපිය ද අමුණා ඇත.

– midea unit

28,403 views

2 Comments to “SLPL තරගාවලිය ICC අනුමතද.. දුෂණ විරෝධී නිලධාරීන් ඉන්නවාද..- නාමල්ට ප‍්‍රශ්න වැලක්..”

  1. Raj says:

    This is very pertinent question but why did he remain so silent until now? More important is who are these franchise holders? Some from UK or Europe may be LTTE Diaspora money.They sign the deal with the Dubai IPG company & not with SLC. Dubai company does not care it is LTTE money or not.This will give Diaspora to control SLC.

  2. Kalana says:

    මොන මගුලක්ද යකෝ, හම්බ කරගන්න ඉඩ දීයල්ලකෝ. ඉන්දියාවේ බුකී කාරයෝ මේවා ඔක්කොම බලා ගනියි.

Main News