තත්වය ඉතාම අවදානම්.. කොළඹ නගරය වසා දමන්නැයි කියයි..

November 16, 2020 at 10:08 pm | lanka C news
තත්වය ඉතාම අවදානම්.. කොළඹ නගරය වසා දමන්නැයි කියයි..

කොළඹ නගර සභා සීමාව අවම වශයෙන් සති තුනක කාලයකට වසා දමන්නැයි කොළඹ නගරාධිපතිනි රෝසි සේනානායක මහත්මිය රජයෙන් ඉල්ලා සිටී.

ඇය පෙන්වා දෙන්නේ කොළඹ නගර සභා බලබල ප‍්‍රදේශයේ කොරෝනා ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා දැඩි ක්‍රියාමාර්ග ගැනීමට අවශ්‍ය බවයි.

කොළඹ නගර සභා සීමාව දැඩි සංචරණ සීමා යොදා පාලනයට යටත් කර කිසිවකුට ඇතුළුවීමට හෝ පිටවීමට නොහැකි ලෙස දැඩි පාලනය කර මෙය සිදු කළ යුතු බව ද ඇය සඳහන් කරන්නීය.

එසේ නොකළහොත් විශාල ව්‍යසනයකට මුහුණ දෙන්න රටක් ලෙස සිදුවන බවද මේ වන විට කොරෝනා මරණ සංඛ්‍යාව එන්න එන්නම ඉහළ යනවා මිස අඩු නොවන බවද ඇය පැවසුවාය.

කොළඹ නගර සභා සීමාව තුළ ජීවත්වන වයස්ගත පුද්ගලයන් සංඛ්‍යාව ඉහළ බව ද සඳහන් කරන නගරාධිපතිනිය ඔවුන් බේරාගත හැකි දැයි අද වනවිට ප්‍රශ්නයක් ඇතිවී තිබෙන බවත් කියා සිටී.

නිවසටම වී සිටින්නයි කොපමණ කිව්වද පැල්පත්වාසීන්ට එසේ කිරීමේ හැකියාවක් නැතැයිද තව දුරටත් පෙන්වා දෙයි.

මාධ්‍ය ඔස්සේ විශේෂ ප‍්‍රකාශයක් සිදු කරමින් ඇය මෙම අදහ්ස පල කලාය.

118,751 views

15 Comments to “තත්වය ඉතාම අවදානම්.. කොළඹ නගරය වසා දමන්නැයි කියයි..”

  1. ගමේ මිනිහා says:

    මේ සේරටම මුල නිරෝධායන නීතී උල්ලංගනය කල Brandix ආයතනය​ නේද​? දැන්වත් වෛද්‍යවරු කියන විදියට වැඩකලොත් හොඳා. ඇමරිකන් ලණු නොකා.

    • Rasika says:

      සැබෑ මුලාශ්‍රය ඉන්දියාවේ සිටබෝට්ටු වලින් හොර බඩු ගේන වෙළදුන් . බ්‍රැන්ඩික්ස් පිටින් ගියාට

  2. සමන්ත says:

    ඇත්තටම සිදු කල යුත්තේ එයයි. නැත්නම් කොරෝනා රෝගීන් මෙන්ම මරණද වැඩි විය හැක. මතකනේ ගම්පහ වැහුවොත් ආර්ථිකය කඩා වැටෙනවා කිය කියා ඉදලා කොරෝනා මුලු රටේම පැතිර ගියාට පසුව වසා දැමුවා. දැන්වත් දූරදර්ශිව බලා කටයුතු කරන්න. දැන්ත් රටක් හැටියට කො⁣ටුව පිටකොටුව හුදකලා කර ඇතත්.බස්රථ සහ දුම්රිය මගින් පැමිණිය හැක. විශේෂයෙන් කොටුව ආදී ප්‍රදේශවල ඇත්තටම පදිංචි අයගේ හැඳුනුම්පත් වල සදහන් ලිපිනයන් වෙනස් විය හැක. එවිට පොලිසියට වුනත් ඔවුන්ගේ ස්ථිර පදිංචිය කොහේද කියා වැටහීමක් නැත. ඒ අයට පැවසිය හැකියි හැඳුනුම් පතේ ලිපිනයේ පදිංචි බව. දුම්රියෙන් හෝ බස් රථ මගින් මේ අයට පිට පලාක් වලට යාමට හැකියාව ඇත. සමහරවිට මේ පිරිස් කොරෝනා ආසාදිතයින් ද විය හැක. ඇත්තටම රජයන් හැටියට ගන්නා සමහර තීරණ තීන්දු නැකිල්ලේ රජතුමා ගත්.තීන්දු වගේ..

    • ඩිංගිරි says:

      වැහුවට පස්සේ තොගේ ගෑනිගේ අහවල් එක විකුනලද එලියට ගිහින් රස්සාවක් කොරගෙන එදා වෙල හම්බු කොරන් කන උන්ගේ පවුල් වල දරුවන්ට කන්න දෙන්නේ? ලෙඩ වෙලා මිනිස්සු මැරෙන එක අද ඊයේ වෙච්ච දෙයක්ද බෝල ගොන් බූරුවෝ? මෙලොව ඉපදිච්ච හැම එකෙක්ම මැරෙන එක නියතයී. කොරෝනා හැදිලා මැරෙන්නේ කොහොමත් මාරාන්තික ලෙඩ තියෙන 3% යී හැබැයී රට වහල තිබ්බම රස්සාවල් කොරගන්න බැරුව කන්න දෙයක් ගන්න සල්ලි නැතුව හාමතේ ඊට වඩා මිනිස්සු මැරෙනවා. තොපි වගේ ගෙදර ඉඳන් අපේ බදු මුදල් වලින් පින් පඩි ගන්න පිංගුත්තර හැත්තෑ ඔක්කොටම කලින් මකබාවල දාන්න ඕනේ.

  3. කොන්කානිස් ද ජොන් බැප්ට්ස් says:

    මෙම ප්‍රදේශ වල ජිවත් වන ගුවන්තොටුපලේ හා වරායේ සේවය කරන පුද්ගලයන් තම සේවා ස්තානයේ හැදුනුම් පත භාවිතාකරමින් සංචරණ තහනම් කල ප්‍රදේශ යන්ගෙන් පිටතට අනවශ්‍ය ලෙස නිතර නිතර යාමෙන් මොවුන් මේ ස්තානයන් ගෙන් පිටතටද රොගය රැගෙන යනුලැබේ, එබැවින් අවම වශයෙන් මේ ස්තාන වල ජිවත් වන සියලු දෙනා අවම වශයෙන් දින 21 කට මෙ ස්තානයන් ගෙන් බාහිරට පැමිණිම වලකාලන්න. නැත හොත් මොවුන් මුලු රටම අනතුරේ දමනු ඇත. අනිත් කරැනනම් මොවුන් ගෙන් බහුතරය මත් ද්‍රව්‍ය වල ඇබ්බැහි වුවන් එබැවින් Navy සහ Army පොකුරු පාලනය කල ආකාරයෙන්ම මොවුන් ව පාලනය කල නොහැකි බව තරයේ මතක තබා ගන්න.

  4. ඩිංගිරි says:

    ලෝක සවුක්‍ය සංවිධානයේ දත්ත අනුව කොරෝනා වැළඳුන අයගෙන් 95% කට වැඩිය සුව වෙනවා. කොරෝනා රෝගීන්ගෙන් පිළිකා, හර්දයාබාද, පෙනහළු රෝග, වැනි වෙනත් මාරාන්තික රෝග වලින් පෙලෙන අය 3% – 4% මියැදෙනවා. ඉපදුන හැම එකෙක්මමොනයම් විදියකින් හරි මැරෙන එක සැක්කරයටවත් නවත්තන්න බැහැ. එහෙම කොරන්න දඟලන එකත් මහා ගොන් වැඩක්. මාද්‍ය හමු පවත්වලා ජනතාව බොරුවට බය කොරන මේ ගොන් ගෑනියී හොර දොස්තරලයී රොත්තම හිරේ දාන්න තියෙන්නේ. රට වහන්න රට වහන්න කියා කියා මුන් මේ කොරන්නේ පිටරටින් අපේ රටට කෙලවන්න දුන්න කොන්තරාත්තුවක්. වැළඳුන රෝගීන්ගෙන් 95% කට වැඩිය රෝගීන් සුව වෙන ලෙඩකින් කවදාවත් මුළු රටෙම් ජනතාව මැරෙන්නේ නැහැ. තාමත් නිට්ටාවටම සුව කොරන බෙහෙතක් නැති ගිය අවුරුද්දේ අග ආපු කොරෝනාව මුළු රටේම ජනතාවට වැළඳුන රටකුත් නැහැ.

    • Hi says:

      අතුරු ආබාධ ගැන ඔබතුමාගේ මතය කුමක්ද?

      • ඩිංගිරි says:

        කොරෝනා වැළඳුන අයගෙන් 95% කට වැඩි දෙනෙක් සුවවෙනවා කියල කියන්නේ වෙන කවුරුවත් නෙමෙයී ලෝක සවුක්‍ය සන්විධානයමයී. අතුරැ ආභාද ඇති වෙනවා කියලා කතා කොරාට තවම කවුරුවත් කොහෙවත් එව්වා කොරෝනාවෙන් පමණක්ම ඇතිවුන අතුරු ආබාධ කියලා 100% ඔප්පු කොරල නැහැ. අනික් කාරණේ තමයී මේ රටේ මීට කලින් හොඳ නිරෝගිමත්ව හිටපු තරුණයන්, වයසක අය පපුවේ අමාරුව හැදිලා හිටි ගමන් මැරිලා වැටිලා නැද්ද? ශ්වසන රෝග වලින් මැරිලා නැද්ද? පිළිකා හැදීලා මැරිලා නැද්ද? හඳුනා නොගත් රෝග වලින් මැරිලා නැද්ද? විශේබීජ ශරීර ගත වෙලා මැරිලා නැද්ද? දැන් වෙන්නේ මේ රෝග තියෙන කවුරු හරි මළොත් මුන් පරීක්ෂනයක් කොරලා කොරෝනාවෙන් මැරුණා කියල ලේබල් එක ගහනවා. ඒ කියන්නේ කලින් මේ රෝග වලින් මරුන අය මරුනෙත් එම රෝගවලින් නැතුව කොරෝනාවෙන්ද? මේ මොන බොරු වැඩක්ද? හැබැයී ඔය ප්ෆිස්ර් එකෙන් විකුණන එන්නතෙනුත් අතුරු ආබාධ 100% නැහැ කියලා ඔප්පු කොරලත් නැහැ. 100% ලෙඩේ හැදෙන එක නවතිනවා කියලා ගැරන්ටියක්වත් උන් දෙන්නේ නැහැ.

  5. කිරිමෙල් says:

    ඔබතුමිය හරියටම හරි.

  6. උක්කුං මල්ලී says:

    සර් ෆේල් නෑ. කුජීතයි…..

  7. Sirimal says:

    ඔව් ඇය හරි

  8. priyantha sirisena says:

    Hi guys, Lockdown kirima no results. hama kenekma saukya nithi rithi pilipadinawanam gataluwak neha. baya nethi kara ganna. samanya widiyata inna.

Main News