සමාජ ජාල කැළඹූ පින්තූරය සත්‍ය එකක් බව තහවුරු වුනා.. රහස් පොලිසියේදී එය හෙලි වුනා..

November 17, 2020 at 10:02 pm | lanka C news
සමාජ ජාල කැළඹූ පින්තූරය සත්‍ය එකක් බව තහවුරු වුනා.. රහස් පොලිසියේදී එය හෙලි වුනා..

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා, අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා, ඔවුන්ගේ ආර්යාවන් සහ ඇමති එස්.එම්. චන්ද්‍රසේන මහතා සහිත පින්තූරයක් සමාජ ජාලවල පළවීම පිළිබඳ ප්‍රශ්න කිරීමට ඇමැති චම්පික රණවක මහතාගේ හිටපු මාධ්‍ය ලේකම්වරයා වන ධනුෂ්ක රාමනායක මහතා රහස් පොලිසිය වෙත අද කැඳවා තිබිණි.

එහිදී සිදු කරන ලද ප‍්‍රශ්න කිරීම්වලින් පසු ඉන් පිටතට පැමිණි ඔහු කියා සිටියේ අදාල ඡායාරූපය සත්‍ය එකක් යයි එහිදී තහවුරු වූ බවයි.

තමන්ගෙන් ප්‍රශ්න කරන ලද්දේ එම ස්ථානය ඡායාරූප ගැනීමෙන් වැළකී සිටීමට උපදෙස් දී තිබියදී එවන් ඡායාරූපයක් මාධ්‍ය වෙත පැමිණියේ කෙසේදැයි දැන ගැනීමට බවද ඔහු කියා සිටියේය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ඉල්ලීම මත තමා තමන්ගේ සමාජ ජාල ගිණුමෙන් එම පින්තූරය ඉවත් කළ බවත් තම ජංගම දුරකථනයේ සම්පූර්ණ පිටපතක් රහස් පොලීසිය අතට දුන් බවත් ඔහු කව දුරටත් සඳහන් කළේය.

205,129 views

55 Comments to “සමාජ ජාල කැළඹූ පින්තූරය සත්‍ය එකක් බව තහවුරු වුනා.. රහස් පොලිසියේදී එය හෙලි වුනා..”

  1. kamal says:

    ආණ්ඩුවට විපක්ෂයට වගේ සමාජ මාධ්‍යය ප්‍රචාරනය තේරෙන්නැති බව තමයි මේවායින් පේන්නෙ.

  2. ලක්වැසියා says:

    1988, 89 කාලෙදි දහස් ගනන් හාමුදුරුවරුන්ට වධ දීල මරාදාපු රතු කොල මිනීමරුවන්ගෙ වහල්ලුන්ට මේ දවස්වල මාර සංඝ ආලයක් පහලවෙලා තියෙන්නෙ. අඩු ගානෙ යහපාලුවො බලයට ආපු ගමන් මරාදාපු මාදුලුවාවේ සොභිත හිමිගෙ මරණෙ ගැන පරීක්ෂණ කරන්න කියල ඉල්ලන්නවත් මෙච්චර කැක්කුමක් උන්ට තිබුනෙ නෑ.

  3. Japanese says:

    එලකිරි bro අන්න එහෙම ඇත්ත කියන නිර්භීත කොල්ලන්ට වරදින්නේ නෑ

  4. saman says:

    චම්පිකගේ ළගම නෑයෙක්. මිනිහගේ ඩීල් කරන්නේ මෙයා තමයි. කාලයක් චම්පික විද්‍යා තාක්ෂණ ඇමති කාලේ ප්‍රමිතියේ ලොක්කාව අන්දලා ටී ෂර්ට්, බත් පතෙනුත් ගසා කෑවා.

    ගුරා ගේ හැටියටනෙ ගෝලයා. මුන් ගේ දේශපාලනේ තියෙන්නේ බොරුව හා වංචාව​. බොරු පින්තූර හදල අනුන්ට අපහාස කර වාසි ලබා ගැනීමේ පහත් ගති ගුණ උපතින්ම ගෙනා පහත් මිනිස්සු. කලින් ලෙස්ටර් ජේමිස් පිරිස් මහත්තය ගෙ පින්තුරෙ විකුර්ති කළ වෙලාවේ දඬුවම්ක් නොලැබුන වරද​.

Leave a Comment

Main News