ලංකාවට Face mask ආනයනය අත්හිටුවයි..
November 19, 2020 at 12:40 pm | lanka C news
කොරෝනා වසංගත තත්ත්වය හමුවේ ඉල්ලුම ඉතාම ඉහළ ගිය ශල්‍ය මුහුණු ආවරණ (Surgical mask) සියල්ල රට තුළම නිෂ්පාදනයට මේ වන විට කටයුතු යොදා ඇත. දිනකට ශල්‍ය මුහුණු ආවරණ ලක්ෂ පහළොවක් පමණ රට තුළ භාවිතයට ගැනෙන අතර මේ වන තෙක් චීනය සහ තවත් රටවල් කිහිපයකින් මෙම මුහුණු ආවරණ ආනයනයට කටයුතු යොදා තිබිණි.
ඖෂධ නිෂ්පාදන, සැපයුම් සහ නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතාගේ ප්‍රධානත්වයෙන් සෞඛ්‍ය අමාත්‍යංශයේ දී පැවති රැස්වීමක දී මේ බව අනාවරණය විය. KN95 වර්ගයේ මුහුණු ආවරණ ද රට තුළ නිෂ්පාදනයට ඉදිරි සති කිහිපයේදි පියවර ගැනෙනු ඇත.
මුහුණු ආවරණ නිෂ්පාදකයන් සහ ආනයනකරුවන්ගේ සහභාගීත්වයෙන් පැවැත්වුණු මෙම රැස්වීමේ දී ශල්‍ය මුහුණු ආවරණයක් රැ.15 ක උපරිම සිල්ලර මිලකටත් KN95 මුහුණ ආවරණයක් රුපියල් 100 උපරිම සිල්ලර මිලකටත් ලබාදීමට එකඟතාවක් ඇති විය.
පාලන මිලට මුහුණු ආවරණ ආවරණය ලබා දෙන්නේ ද යන වගත්, මුහුණු ආවරණවල ප්‍රමිතිය පිළිබඳවත් නිරතුරුව සොයා බලන ලෙස ද අමාත්‍යවරයා උපදෙස් ලබා දුන්නේය.
වෛද්‍ය සැපයුම් ඒකකය, රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව, ජාතික ඖෂධ නියාමන අධිකාරිය යන ආයතන ප්‍රධානීන් ද මෙම සාකච්ඡාවට සහභාගි විය.
– media unit
Why my earlier comment was not published.
Good move.
Great work. This is what we expect from the government.
කරුණාකර ඔය එකඟ වුන එවුන්ගේ නම් ටික ප්‍රසිද්ධ කරන්න.ඕකුන් ඔය කියන මිලට දෙනවද බලන්න.
Professor Channa…day by day you ad value to my vote. Go ahead ..be an example to other ministers
කොහොමද මහාචාර්යතුමනි, නිෂ්පාදකයන් සහ ආනයන කරුවන් එක්ක කතා කරලා සිල්ලර මිල තීරණය කරන්නෙ. ඔවුන්ට පාලනය කරන්න පුළුවන් තොග මිල පමණයි .
දේශපාලන ගෝල බාලයෝ MAKS බිස්නස් එකට ලැජ්ජ නැතුව බැහැලා නේද ඉන්නේ ?
ඇත්තටම පාලන මිලක් දාන්න අවශ්‍ය නම් , උපරිම සිල්ලර මිල ගැසට් කරන්න ඕන .
මුන්ට ඩඩ්ලිගේ හාල් කැවිලා වගේ. මෝඩ හැත්ත. මේවට බදු සහන හෝ බදු නැතිකරනවා දෙනවා මිසක් ඕවා අපනයනය තහනම් කරන්නේ ගොන්නු. ඕවා හදන්නේ රජයේ ගජමිතුරු කල්ලිය. මේ ගොන් වැඩ නිසා තව ටික දවසක් යනකොට ෆේස් මාස්ක් හිඟයක් එනවා ලංකාවේ. එතකොට ඔය නිෂ්පාදකයෝ නිකම්ම මාස්ක් වල ගාන වැඩිකරනවා. උන් කෝට්පතියෝ වෙනවා. දුප්පත් එවුන්ට මාස්ක් නැතිව ලෙඩ වුනාම කොරෝනා එක ගරානා කරගන්නවා. කොරෝනා වැඩි වෙන්න වැඩිවෙන්න ගජමිතුරන් ගොඩ. කොහමද මොලේ ?
උපරිම සිල්ලර මිල ගැසට් කරන්න හදනවා කියලා නේද එතුමා කිව්වේ. කුහකයෙක් වෙන්නේ නැතුව බලාගෙන ඉන්න