කොරෝනා එන්නතක් ලංකාවට උවමනා නෑ.. ඒකට වෙන වෙන දේවල් අපට තිබෙනවා..- වාසු

November 20, 2020 at 1:20 pm | lanka C news
කොරෝනා එන්නතක් ලංකාවට උවමනා නෑ.. ඒකට වෙන වෙන දේවල් අපට තිබෙනවා..- වාසු

අද වන විට මෙරටට කොරෝනා එන්නතක් අවශ්‍ය යැයි තමන් නොසිතන බව ඇමති වාසුදේව නානායක්කාර මහතා සඳහන් කළේය.

කොරෝනා එන්නතක් වෙනුවට භාවිතා කළ හැකි වෙනත් දේවල් ලංකාවේ ඇති බවත් ඒවා භාවිතා කරමින් මෙරට වෛරසය පාලනය කරමින් සිටින බව ඔහු පැවසීය.

දැනට කොරෝනා එන්නතක් අවශ්‍ය වී ඇත්තේ ඇමරිකාවට බවත් ලංකාවට වුවමනා වූ දිනෙක මුදල් සොයාගෙන ගෙන්වා ගන්නා බවත් ඔහු සඳහන් කළේය.

අද පාර්ලිමේන්තුවේදී ඔහු මෙම අදහස් පල කරන ලදී.

‘වෙල් මුලාදෑනියා.. ඉඳගන්නවා.. මේක හමුදාව නෙවෙයි’ යයි නානායක්කාර මහතා විසින් පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා මහතාට කියා සිටියේය.

අයවැය විවාදයේදී ඇමැතිවරයා කතා කරමින් සිටියදී අතරමැදින් නැඟිට ෆොන්සේකා මහතා අදහස් පළ කිරීම හේතුවෙන් ඔහු මේ බව කියා සිටියේය.

මේ හමුදාව නොවන බවත් හිතු හිතූ දැනෙන් නැගිට කතා පැවැත්වීමට නොහැකි බවත් පාර්ලිමේන්තු සම්ප්‍රදාය අනුව කතා කළ යුතු බවත් ඇමතිවරයා සඳහන් කළේය.

37,148 views

25 Comments to “කොරෝනා එන්නතක් ලංකාවට උවමනා නෑ.. ඒකට වෙන වෙන දේවල් අපට තිබෙනවා..- වාසු”

  1. වෙන වෙන දේවල් තියෙන්නේ තොගේ රෙද්ද අස්සේ මුල්ගසලයා

  2. මර්තේනිස් අයියා says:

    තමුන්නැහෙගේ පශ්චාත්භාගය තමයි

  3. Ajith says:

    ඔන්න අපේ ලංකාවේ අයගේ දැනුමේ ප්‍රමාණය හැබැයි ඉන්නේ පාර්ලිමේන්තුවේ අනේ දුප්පත් මිනිස්සුන්ට දෙයියන්ගේ පිහිටයි

  4. Rasika says:

    ලොව බලවත් රටවල් හැම නිෂ්පාදකයෙක්ගෙන්ම දැනටම vaccine ඕඩර් කරලා ඉවරයි. ඒවාට වෙනම vaccine task force පවා තියනවා . බ්‍ර්තාන්‍යය දැනට vaccine මාත්‍රා මිලියන 350 කට වඩා වෙන්කර ගෙන ඉවරයි . මොකද මේ වසංගතයෙන් බේරෙන්න ඇති එකම ක්‍රමය ඒක .
    අපේ රටේ අති පණ්ඩිතයන්ට ඒකට වෙන ක්‍රම තියනවලු . හැබැයි එන්නත ආවම මුලින්ම විද ගන්නෙත් ඒ ගොල්ලොම තමයි

  5. ප්‍රියන්ත says:

    වැසිකිලි කටක් වගේ අහන් ඉන්නත් ජුගුප්සා ජනකයි

Main News