LPL ආ විදෙස් ක‍්‍රීඩකයන් සිටින හෝටල් ඉදිරිපිට විරෝධතා.. තරගාවලිය කඩාකප්පල් කරන දුරකථන කුමන්ත‍්‍රණයක්..

November 23, 2020 at 9:20 am | lanka C news
LPL ආ විදෙස් ක‍්‍රීඩකයන් සිටින හෝටල් ඉදිරිපිට විරෝධතා.. තරගාවලිය කඩාකප්පල් කරන දුරකථන කුමන්ත‍්‍රණයක්..

ශ්‍රී ලංකා ප්‍රිමියර් ලීග් ‍ක‍්‍රීකට් තරගාවලිය පැවැත්වීම නතර කිරීම සඳහා සමගි ජන බලවේගය දේශපාලකයින් පිරිසක් පහත් පෙළේ උත්සාහයක යෙදෙමින් සිටින්නේ ඇයි ක්‍රීඩා ඇමති නාමල් රාජපක්ෂ මහතා සඳහන් කරයි.

නමුත් එම කඩාකප්පල්කාරී උත්සාහයන් සියල්ල පරාජය කරමින් මෙම තරඟාවලිය පවත්වන බවද ඔහු කීය.

තරගාවලිය නියමිත සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව පැවැත්වීමට කටයුතු කර තිබියදී සමගි ජන බලවේගය ඇතැම් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසින් විදෙස් ක්‍රීඩකයන් රැඳී සිටින හෝටල් ඉදිරිපිටට ගොස් විරෝධය දැක්වීමට තරම් පහත් තත්වයකට පත්ව ඇති බවත් තමන් ඒ ගැන දැඩි ලෙස කණගාටු වන බවත් ඔහු කියා සිටියේය.

කොරෝනා වෛරසය පාලනය කිරීමට සමගාමීව අනෙක් කටයුතු ද සෞඛ්‍ය උපදෙස් අනුව සිදු කිරීමට ලොව බොහෝ රටවල් කටයුතු කරමින් සිටින බවත් එම රටවල් ක්‍රීඩා තරගාවලි ද ඒ අනුව පවත්වන බවත් ඇමැතිවරයා පෙන්වා දෙයි.

වසංගතය පාලනය කරමින් සිටින අවස්ථාවක මෙරට ක්‍රීඩා කටයුතු වැඩි දියුණු කිරීමටත් තමා පියවර රැසක් ගනිමින් සිටි බවද පවසන ඇමතිවරයා මෙම තරඟාවලිය ඉන් එකක් පමණක් බවත් ඊට සියලු දෙනා සහයෝගය දිය යුතු බවද තවදුරටත් කියා සිටියේය.

37,788 views

6 Comments to “LPL ආ විදෙස් ක‍්‍රීඩකයන් සිටින හෝටල් ඉදිරිපිට විරෝධතා.. තරගාවලිය කඩාකප්පල් කරන දුරකථන කුමන්ත‍්‍රණයක්..”

  1. thajudeen avatar says:

    Dalada maaligawa issaraha car race padda ley pipasitha mini maruwa😵😵😡😡

  2. කාන්තාර පළඟැටියා says:

    මේ පිටුවෙම තියනවා අද රෝගීන් 20000 පැන්නා කියා. එසේම පකපකිස්තානයෙන් සහ ඉන්දියාවෙන් තරගාවලියට ආව තුන් දෙනකුට කොරෝනා කියා. මේ 20000 හදාගත්තෙත් ඉන්දියාවට කියලා.
    දිගින් දිගටම කෙලවගන්නද හදන්නෙ?

  3. dev says:

    ow Namal oya JVP wage ewun obata mara irisiyai.

    oba ediriyatama yanna.

  4. Baba namal says:

    Macho uba dalada maligawa isSaraha car race eke nettewwa Russian badut genawada?

  5. ඇත්ත යථාර්ථය says:

    බුකි කාරයො ඔට්ටු කාරයො කැසිනෝ කාරයො බඩු කාරයො කුඩු කාරයො ඒකී මෙකී නොකී ඔක්කොම අලුගුත්තේරු ජාතික විජාතික මුදලාලිලා මේක මොන තොවිලේ නටලා හරි තියන්න කියලා නාමල් බාබී ට අතමිතමොලවල තියෙන්නේ. බැරිවෙලාවත් මේක ගැස්සුනොත් උන් ඔක්කොම නාමල් බේබිගේ කලිසම ගලවනවා දෙකක් නැහැ.

  6. sadun says:

    Rata inna sri lankansla genna thama thopita satan karanna bari…wal saththu