කටුනායක බෝඩිමක අහඹු පරීක්‍ෂාවකින් 21කට කොරෝනා…

November 24, 2020 at 6:22 am | lanka C news
කටුනායක බෝඩිමක අහඹු පරීක්‍ෂාවකින් 21කට කොරෝනා…

කටුනායක ඇවරිවත්ත ප්‍රදේශයේ නේවාසිකාගාරයක ඇගළුම් සේවිකාවන් 21 දෙනකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇත.

සීදුව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා සඳහන් කරන්නේ ඇවරිවත්ත ප්‍රදේශයේ නේවාසිකාගාරයක සිදුකළ අහඹු පරීක්ෂණයකින් මෙම ආසාදිතයන් හමුවූ බවයි.

මෙම සේවිකාවන් පිරිස කටුනායක නිදහස් වෙළඳ කලාපයේ ඇඟලූම් කර්මාන්ත ශාලාවක සේවය කරන අය බව ද ඔහු කියා සිටියේය.

මෙම නේවාසිකාගාරයේ කාන්තාවන් 59 දෙනෙකුට වැසිකිළි දෙකක් පමණක් බවත් එම නේවාසිකාගාරය අවම පහසුකමක් නොමැතිව පවත්වාගෙන ගොස් ඇතැයි ද ඔහු තව දුරටත් පැවසීය.

18,588 views

2 Comments to “කටුනායක බෝඩිමක අහඹු පරීක්‍ෂාවකින් 21කට කොරෝනා…”

  1. වලතැන්නේ මලසරා says:

    ගම්පහට ආසන්න පන්සලක මිනිස්සු එපා කියද්දි ඊයේ උදේ කඨින පිංකම සෞඛ්ය අංශ කිව්ව ගණනටත් වඩා මිනිස්සු එක්ක පැවැත්වූවා.. ඊට පස්සේ ඊයේ හවස මහා මල්වෙඩි සංදර්ශනයක් පැවැත්වූවා… මෙහෙම ගියොත් ලංකාවේ කඨින රැළි එන්නත් පුළුවනි

  2. ෆුල් ද බෝයි අම්බලන්ගොඩ says:

    “මෙම නේවාසිකාගාරයේ කාන්තාවන් 59 දෙනෙකුට වැසිකිළි දෙකක් පමණක් බවත්”
    ඉන්දියාවේ එහෙම උනත්..
    ඉන්දියාවේ එහෙම උනත්..
    ලංකාවේ එහෙම වෙන්නේ නෑ නෑ../
    අර ලොකුවට ඇඩ් එකක් ගියා අපේ රටට විදේශ විනිමය ගේන අපේ රටේ ඇඟලුම් සේවිකාවන් අපේ රටට නිමකළ නොහැකි සම්පතක්. නමුත් අපේ රට රකින විරුවා.. මව්බිමට හෙමින් කෙලියා… ගාමන්ට් කෙල්ලන්ටත් ඇරියා.

Main News