දෙරණ සභාපතිගෙන් සිරසට ප‍්‍රහාරයක්.. සිරස ප‍්‍රවෘත්තිවලට අධිකරණයෙන් වාරණයක්..

November 23, 2020 at 10:02 pm | lanka C news
දෙරණ සභාපතිගෙන් සිරසට ප‍්‍රහාරයක්.. සිරස ප‍්‍රවෘත්තිවලට අධිකරණයෙන් වාරණයක්..

සිරස “නිව්ස් ෆස්ට්“අයත් MTV පෞද්ගලික සමාගම හරහා ජෝ(ර්)ජ් ස්ටුව(ර්)ට් හෙල්ත් පෞද්ගලික සමාගමට, එහි සභාපති දිලිත් ජයවීර මහතාට සහ එහි ඉහළ නිලධාරීන්ට එරෙහිව කිසිදු ආකාරයක අපහාසාත්මක පුවත් පළකිරීම වළක්වාලමින් කොළඹ දිසා අධිකරණය අද (23) වාරණ නියෝගයක් නිකුත් කළේය.

එම නියෝගය නිකුත් කළේ, සිරස “නිව්ස් ෆස්ට්“ අයත් MTV පෞද්ගලික සමාගම විසින් ජෝ(ර්)ජ් ස්ටුව(ර්)ට් හෙල්ත් පෞද්ගලික සමාගමට අපහාස කිරීම සම්බන්ධයෙන් රුපියල් බිලියන 2ක වන්දි ඉල්ලා ගොනුකළ නඩුවක් අද සලකා බැලීමෙන් අනතුරුවය.

ජෝ(ර්)ජ් ස්ටුව(ර්)ට් හෙල්ත් පෞද්ගලික සමාගම වෙනුවෙන් ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා ප්‍රමුඛ නීතිඥ මඩුල්ලක් අද කොළඹ දිසා අධිකරණය හමුවේ සිරස “නිව්ස් ෆස්ට්“ අයත් MTV පෞද්ගලික සමාගමට එරෙහිව එම නඩුව ගොනු කළේය.

සිරස “නිව්ස් ෆස්ට්“ සිය ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය ඔස්සේ ජෝ(ර්)ජ් ස්ටුව(ර්)ට් හෙල්ත් පෞද්ගලික සමාගමට සහ එහි සභාපති දිලිත් ජයවීර මහතාට අපහාස වන පරිදි පුවත් පළ කිරීම වළක්වාලමින් MTV පෞද්ගලික සමාගමට එරෙහිව වාරණ නියෝගයක් නිකුත් කරන ලෙස පැමිණිලිකරු කොළඹ දිසා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

සිරස “නිව්ස් ෆස්ට්“ ඔස්සේ නොවැම්බර් 11, 13, 16 සහ 19 වන දිනවල ජෝ(ර්)ජ් ස්ටුව(ර්)ට් හෙල්ත් සමාගම විසින් කොවිඩ් – 19 ක්ෂණික ප්‍රතිදේහජනක පරීක්ෂණ කට්ටල ආනයනය කිරීම සම්බන්ධයෙන් ව්‍යාජ සහ සිතාමතා ගොතන ලද කරුණු ඇතුළත් අපහාසාත්මක පුවත් පළකළ බව පැමිණිලිකරු විසින් අධිකරණයට කරුණු දක්වා තිබුණි.

මෙමගින් සිදුවු අපහාසයට වන්දි වශයෙන් පැමිණිලිකාර පාර්ශවය විසින් රුපියල් බිලියන 2ක් වගඋත්තරකාර පාර්ශවයෙන් ඉල්ලා තිබේ.

ජෝ(ර්)ජ් ස්ටුව(ර්)ට් හෙල්ත් සමාගම පෙන්වා දී ඇත්තේ, වගඋත්තරකරුවන් සැමවිටම පැමිණිලිකරුගේ අයිතිවාසිකම් උල්ලංඝනය කරමින් ද්වේෂසහගතව කටයුතු කර ඇති බවය.

දිලිත් ජයවීර මහතා සභාපතීත්වය දරණ දෙරණ මාධ්‍ය ජාලය හා ආර් රාජමහේන්ද්‍රන් සභාපතීත්වය දරණ සිරස “නිව්ස් ෆස්ට්“ අයත් MTV පෞද්ගලික සමාගම අතර දිගු කලක සිට පවතින මාධ්‍ය තරගකාරීත්වය මෙම ද්වේෂසහගත තත්ත්වයට හේතුව බව පැමිණිලිකරු පෙන්වා දුන්නේය.

පැමිණිලිකාර පාර්ශවයේ කරුණු සළකා බැලු කොළඹ දිසා අධිකරණය MTV පෞද්ගලික සමාගම සහ එහි අනුබද්ධ ආයතන සහ සේවකයින් විසින් ජෝ(ර්)ජ් ස්ටුව(ර්)ට් හෙල්ත් පෞද්ගලික සමාගම, එහි සභාපති සහ එහි ඉහළ නිලධාරීන්ට එරෙහිව කිසිදු ආකාරයක අපහාසයක් වන ආකාරයෙන් පුවත් පළ කිරීම වළක්වාලමින් වාර්ණ නියෝගයක් නිකුත් කළේය.

– ada derana

93,612 views

14 Comments to “දෙරණ සභාපතිගෙන් සිරසට ප‍්‍රහාරයක්.. සිරස ප‍්‍රවෘත්තිවලට අධිකරණයෙන් වාරණයක්..”

  1. සල්ලි says:

    දෙන්න දෙමස්සිනෝ…දෙගොල්ලන්ම රටේ සාරධර්ම තරගයට බුදිති. එකෙක් සිංහලයන්ගෙ ගැලවුම්කාරයෙකි.අනෙකා දෙමළ අයගේ ගැලවුම් කාරයෙකි. මුන් ඔක්කොම කෙළවන්නේ රටටය. සල්ලි යන්නේ කලු සුද්දන්ගේ සාක්කුවටය.

  2. Upali says:

    RICH KEEP ON FIGHTING FOR PETTY THINGS !!! HAVE NOTS ARE STARVING !!! WHAT A WORLD ?

  3. Darshana abayakoon says:

    මීට කලින් ඔය වාරන නියොග ගත්තේ අභියොගවලට බියෙන් කවද වත් පලා ගියෙ නෑ කියපු හමුදාවෙනුත් පැනල ගියපු කයිවාරු පප්පෙක්. බලමු වාරන නියොගයක් වත් අරන්, අර ගෙනපු ඇන්ටිජෙන් කිට් ටික විකුනල සදුලත් එක්ක ආතල් එකක් ගන්න පුලුවන් වෙයි ඩ කියල මෙයාටත්.

  4. 😥😥😥😥😥😥😥 says:

    දෙරණ කියන්නේ සිංහල භාෂාව විනාශ කරන මාධ්‍යක්..
    සිංහල ඉංග්‍රීසි කවලම් කරලා දාන වෙළඳ දැන්වීම් පෙන්වන්න සූරයා…!
    නාට්‍යවල අම්මට ..” අම්මි ” තාත්තට.. ” තාත්ති ” කියලා පෙන්වනවා නිතරම..!
    අම්මි කියන්නේ දෙමලෙන් ‘වංගෙඩියට’…
    සුද්ද සිංහලෙන් ‘අම්මි’ කියන්නේ ” වේසි” නැත්නම් කුඩ්ඩි ( කුඩු විකුනන්නා )
    සුද්ද සිංහලෙන් ‘තාත්ති’ කියන්නේ ” මත් කුඩ්ඩා ” ( කුඩු විකුනන්නා )

    • බල්ලො සිරස තමයි මේ රට විනාශ කලේ. සිරස දෙරණ ඉස්සරහ පීචං .
      උඹට මේ රටේ මිනිහෙක්ගේ එකට වඩා මහරාජාගේ ගූ හොඳයිද? උඹේ ජාතකය ඉන්දියාවේ එලියේ රෙන එකෙක්ගෙන් නේද?

      • SANDEEPA says:

        sirasa kiyanne me rate sanskruthiya, sinhala bashawa vinasha kala indian RAW balal atha, oya comment dapu eka maharajage lat eka hodana sakkiliyek.

  5. කු says:

    වාරණය දීල තියෙන්නෙ දවස් හතකට නෙ අනික උසාවි ගානෙ දගලන්නෙ ඇයි තමන්ටත් ටීවී චැනල් එකක් තියෙන එකේ ඒකෙන් තමන්ගෙ නිවැරදි බව ජනතාවට ඔප්පු කරන්ඩ පුලුවං නෙ. අනික මොන තරම් හොරැන්ට විරැද්දව පැමිණිලි විභාග කරාද එක හොරෙකුට දඩුවම් දුන්නද බයිල කතා ඕවනං ජනතාව දන්නව ඕනම එකෙක් බිස්නස් එකක් කරනකොට විශාල කොමිස් කුට්ටියක් ගන්නව කියල. හොරැම නඩු දානව නඩුව නැගල යන කොට අත් අඩංගුවට ගන්නඩ එපා කියලත් වාරන ගන්නව පට්ටම රටක් මේක

  6. Maadyawediya says:

    Why MTV was not given an opportunity to present their explanation?

  7. saman says:

    තව උනා නෙවෙයි. තව අවුරුද්දක් ඉවසපන් , ඊට පස්සේ වැඩ බලා ගනිල්ලා.

  8. කළු කොට දුමියා says:

    කුඩු සල්ලි කතාකරනවා මචං

  9. බලු සිරසයි පාර කියන්නේ..

  10. KKS says:

    Smiling Thieves…. Ha ha ha

Main News