රටේ ආර්ථිකය හාන්සියි.. එජාප එකම මන්ත්‍රීකම බාරගෙන ආර්ථිකය බේරා දෙන්න..- සියළු එජාප හිටපු මන්ත්‍රීන් රනිල්ගෙන් ලිඛිතව ඉල්ලති
November 25, 2020 at 6:28 am | lanka C newsඑක්සත් ජාතික පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සඳහා පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ නම අවසන් වශයෙන් තීරණය වෙයි. ඒ 23 පැවැති කළමනාකරණ කමිටු රැස්වීමේදීය.
ජාතික මන්ත්‍රී ලැයිස්තු ධුරය සඳහා රනිල් වික්‍රමසිංහ මහතාගේ නම මීට පෙර යෝජනා කළේ එම පක්ෂයේ ජාතික සංවිධායක නවීන් දිසානායක සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අර්ජුන රණතුංග මහතා විසිනි.
එම යෝජනාව කළමනාකරණ කමිටු රැස්වීමේදී දීර්ඝව සාකච්ඡාවට ගැනීම ආරම්භ කළේ අර්ජුන රණතුංග මහතායි.
නවීන් දිසානායක මහතා මෙම රැස්වීමට නොපැමිණියත් ඔහුගේ ද අදහස අනුව එක්සත් ජාතික පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සඳහා රනිල් වික්‍රමසිංහ මහතා සුදුසු බව එහිදී අර්ජුන රණතුංග මහතා පෙන්වා දුන්නේය.
රැස්වීමට පැමිණි සියල්ලන්ම එම අදහසට විරුද්ධ නොවූ අතර ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය භාර ගන්නැයි ඉල්ලා සියලු දෙනාගේ අත්සන් සහිත ලිපියක් රනිල් වික්‍රමසිංහ මහතාට භාර දීමට ද එම කමිටු සාමාජිකයින් කටයුතු කළේය.
රැස්වීම අවසානයේ මාධ්‍ය වෙත අදහස් දක්වමින් අර්ජුන රණතුංග මහතා මේබව හෙළි කරමින් පැවසුවේ මේ අවස්ථාවේදී රට වෙනුවෙන් තම පක්ෂයෙන් පාර්ලිමේන්තුවට යා යුතු සුදුසුතම පුද්ගලයා රනිල් වික්‍රමසිංහ මහතා බවයි.
”අපේ රට දැන් මුහුණ දෙමින් සිටින්නේ ගෝලීය අර්බුදයකට. රටේ ආර්ථිකය වගේ ම ලෝකයේ ආර්ථිකයත් කඩා වැටිලා. මේ වගේ අවස්ථාවක මේ ව්‍යවසනයට මුහුණ දෙමින් රටේ ආර්ථික ගොඩ නැඟීමට සක්‍රීයව දායක විය හැකි පුද්ගලයා වෙන්නේ රනිල් වික්‍රමසිංහ. ඒ නිසා තමයි අපි රනිල් වික්‍රමසිංහ මහතාගේ නම ජාතික ලැයිස්තු ධුරයට යෝජනා කළේ. ඒ සඳහා එතුමාගේ කැමැත්තක් නැහැ. නමුත් අපි එතුමාගේ නම ඒකමතිකව යෝජනා කරලා සියලු දෙනාගේ ම අත්සන් සහිතව ලිඛිත ඉල්ලීමක් අද එතුමාගෙන් සිදු කළා….”යි ද අර්ජුන රණතුංග මහතා පැවසීය
– තමීර මංජු
අනේ අපේ සුදුතුම්පියා ඇවිත් රට භාරගන්න භාරගෙන රටේ ඉතිරිටිකත් විකුණා රට බේරගන්න.
නන්නත්තාර වෙලා ඉන්න යූඑන්පී ගමරලාලා දැන් අලියගේ නැට්ටේ හරි එළිලිලා දිව්‍යලෝකේ ගියා වගේ පොණිල් ගේ පස්ස පැත්තෙන් හරි ගිහින් නැත්වෙච්ච ඡන්ද ටික හදාගන්න යන්නේ. රවි, කරු, වජිර , රංගේ, නවින්, අර්ජුන කියන පෝනිල් ගේ බත් බැලයන්ට කොන්දක් තිබ්බේ නැහැ නිවැරදි තීරණයක් ගන්න. තමන්ගේ බලය ගැන විතරක් හිතලා කටයුතු කළා. අන්තිමට ඔක්කොම යූඑන්පී කාරයො එකතු වෙලා බූරුවෝ රැලටම ඇද්‍රස් නැති වෙන්න දුන්නා ඡන්දෙදි. ඇත්වශයෙන්ම වෙන රටක නම් මුන් දේශපාලන යෙන් අයින් වෙලා ගිහින් මෙලහකට. නමුත් ගොඩක් යු එන් පී කාර්යෝ කලකිරිලා ඡන්දෙ දුන්නේ නැහැ. දැන් තුනෙන් දෙක අරන් බයියෝ පාර්ලිේන්තුවේ පිනුම් ගහනවා. ඒත් මේ යු එන් පී කරයන්ට ලේජ්ජා නැහැනේ.
මම නම් කියන්නේ ඔය පාර්ලිමේ්තු ධුරය දෙන්න ඕන වැඩක් ඇති වැඩක් කරන්න පුළුවන් කෙනෙකුට. යු එන් පී එක පෙට්ටියට දාලා ව ල දාලා ඉවරයි. ඕක දෙන්න ඕන ජන බලවේගේ හාමුදුරුවන්ට. අඩුම ගානේ දුප්පත් මිනිහා වෙනුවෙන් වත් කතා කරයි.
Sahathika aththa.
Correct!
Correct what? he was unable to save his Party, UNP gone to walapalla. Now asking him to come and save the country. What a joke by original wahallu
රට ගොඩගන්න පුළුවන් දෙන්නයි ඉන්නේ.
ඒ බැසිල් හා රනිල්.මේ දෙදෙනාම රට වෙනුවෙන් පාර්ලිමේන්තුවට එන්න ඕනේ.
සර්ට බෑ..සර් ෆේල්.
Awurudu 5 k rata kaapu Ranil pass, mara theory. E awurudu 5 kisima wasangathayak wath yuddayakwath nathuwa rata kewa…amme wahal kama redda pallen berenawa
තොපිට ලැජ්ජා නැද්ද තොපි ආණ්ඩුවක් කලා නේද තොපි දැන් ඉවරයි මුදේ පැනලා මැරිය, මිනිස්සු ගොන්නු නොකර.
රනිල් වික්කමසිංහගේ කතාන්දරය අහවරයි .රොයල් ගැන්සිය ඩීල් ගහලා යහපාලනේ නන්ත්තාර කරා , වික්කමසිංහලයි ,රාජපක්ශලයි කියන්නේ එකම වල්ලේ සයිස් දෙකක පොල් , මෙගොල්ලන්ගේ ආර්ථික උපදේශකයො කලේ රට තවත් නය කරන එක විතරයි , මහෙන්ද්රන්ලගේ භූමීකාව පැහැදිලිව දැන් කබ්රාල් ලා , පි.බී ලා සහ මොරගොඩලා කරගෙන යනවා . එච්චරයි ! යු.ඇන්.පී කාරයො රනිල්ව එලෙව්වා , ආපහු රනිල්ලගේ යූ.ඇන්.පිය ගොඩගන්නවා බොරු , මොන වැල්වටාරං ගැහුවත් ,ලස්සන තියරි තිබ්බත් වික්කමසිංහලා කියන්නේ ප්රායෝගීකරණයේදී ෆේල් චරිත. ඕක විජේවර්ධනලටත් අදාලයි ඈ.
ඔබේ කියමන හරි
ඉතිරි බැංකු ටිකත් ඉවරයක් කරන්න. ලංකාව විතරක් නොව ලොවම හාන්සියි. නැවතත් හිගාකකා ඒ ටිකත් හොරාකන්න.