රටේ ආර්ථිකය හාන්සියි.. එජාප එකම මන්ත‍්‍රීකම බාරගෙන ආර්ථිකය බේරා දෙන්න..- සියළු එජාප හිටපු මන්ත‍්‍රීන් රනිල්ගෙන් ලිඛිතව ඉල්ලති

November 25, 2020 at 6:28 am | lanka C news

එක්සත් ජාතික පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සඳහා පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ නම අවසන් වශයෙන් තීරණය වෙයි. ඒ 23 පැවැති කළමනාකරණ කමිටු රැස්වීමේදීය.

ජාතික මන්ත්‍රී ලැයිස්තු ධුරය සඳහා රනිල් වික්‍රමසිංහ මහතාගේ නම මීට පෙර යෝජනා කළේ එම පක්ෂයේ ජාතික සංවිධායක නවීන් දිසානායක සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අර්ජුන රණතුංග මහතා විසිනි.

එම යෝජනාව කළමනාකරණ කමිටු රැස්වීමේදී දීර්ඝව සාකච්ඡාවට ගැනීම ආරම්භ කළේ අර්ජුන රණතුංග මහතායි.

නවීන් දිසානායක මහතා මෙම රැස්වීමට නොපැමිණියත් ඔහුගේ ද අදහස අනුව එක්සත් ජාතික පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සඳහා රනිල් වික්‍රමසිංහ මහතා සුදුසු බව එහිදී අර්ජුන රණතුංග මහතා පෙන්වා දුන්නේය.

රැස්වීමට පැමිණි සියල්ලන්ම එම අදහසට විරුද්ධ නොවූ අතර ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය භාර ගන්නැයි ඉල්ලා සියලු දෙනාගේ අත්සන් සහිත ලිපියක් රනිල් වික්‍රමසිංහ මහතාට භාර දීමට ද එම කමිටු සාමා‍ජිකයින් කටයුතු කළේය.

රැස්වීම අවසානයේ මාධ්‍ය වෙත අදහස් දක්වමින් අර්ජුන රණතුංග මහතා මේබව හෙළි කරමින් පැවසුවේ මේ අවස්ථාවේදී රට වෙනුවෙන් තම පක්ෂයෙන් පාර්ලිමේන්තුවට යා යුතු සුදුසුතම පුද්ගලයා රනිල් වික්‍රමසිංහ මහතා බවයි.

‍”අපේ ‍රට දැන් මුහුණ දෙමින් සිටින්නේ ‍ගෝලීය අර්බුදයකට. රටේ ආර්ථිකය වගේ ම ලෝකයේ ආර්ථිකයත් කඩා වැටිලා. මේ වගේ අවස්ථාවක මේ ව්‍යවසනයට මුහුණ දෙමින් රටේ ආර්ථික ගොඩ නැඟීමට සක්‍රීයව දායක විය හැකි පුද්ගලයා වෙන්නේ රනිල් වික්‍රමසිංහ. ඒ නිසා තමයි අපි රනිල් වික්‍රමසිංහ මහතාගේ නම ජාතික ලැයිස්තු ධුරයට යෝජනා කළේ. ඒ සඳහා එතුමාගේ කැමැත්තක් නැහැ. නමුත් අපි එතුමාගේ නම ඒකමතිකව යෝජනා කරලා සියලු දෙනාගේ ම අත්සන් සහිතව ලිඛිත ඉල්ලීමක් අද එතුමාගෙන් සිදු කළා….”යි ද අර්ජුන රණතුංග මහතා පැවසීය

– තමීර මංජු

18,299 views

23 Comments to “රටේ ආර්ථිකය හාන්සියි.. එජාප එකම මන්ත‍්‍රීකම බාරගෙන ආර්ථිකය බේරා දෙන්න..- සියළු එජාප හිටපු මන්ත‍්‍රීන් රනිල්ගෙන් ලිඛිතව ඉල්ලති”

  1. B. Anthony says:

    මහ බැංකුව විකුණා කන එක වෙන්ඩෑ තොපේ මහ එකාගේ රටේ සංවර්‍ධෙන් . මහ එකා එක්කම තොපිත් පක්සෙත් මකබෑවිලා යන්නෙ තවත් රට විනාශ කරපු මූසල පක්සයක් හැටියට ඉතිහාස ගත වෙලයි. නූතණ ධර්‍ඹපාල!

  2. මහ බැංකුව හොරා කාලා. රටේ ආර්ථිකය බින්දුවට බස්සලා හොරු රැකපු උන්ට තාම ලැජ්ජාව නැති හැටි ජනතා තීන්දුවට ඔච්චම් කරන්න.

  3. Alapaluwa says:

    ඒ කියන්නෙ රනිලා ආණ්ඩුවට සෙට් වෙන්න යන්නෙ අනේ හොඳයි ගොන් බයියන්ට. 😀

  4. Banda says:

    RW has the capacity and vision to develop the country. But he should also groom another candidate to take over the leadership of the UNP

  5. Sun says:

    Is he going to return the stolen money from the poor.

    • Banker says:

      Check your facts before writing rubbish. Aprox 12 Billion from Perpetual Treasuries is held or blocked by Central Bank. Get hold of these funds first.

  6. Andiris says:

    Yes Sir please come forward and rescue Pohottu Government.

  7. MD says:

    අසව් අසව් මහබැංකුවේ මහා මංකොල්ල කරුට රට ගොඩගන්න පුළුවන් වෙයිලු.හ..හහ්..හා..අසව් අසව්

  8. GU-VP SAKKILI API says:

    Jayawewa, Jayawewa, Jayawewa
    GU-VP RED STAR & BOMBA EBRAHIM BROTHER’S RESPECT YOU, HONORABLE SIR

    Hukas, Hukas, Hukassssssss

  9. fass says:

    Agamathi wela aandu karapu awurudu 5 beragaththa wage wenna athi mage hithe…dan ithin lapati toyyo tika dai comment Loweth nathi

  10. පුියන්ත says:

    ඇයි රනිල් විශ්වකර්මයාද රට බෙිරාගන්න පක්ෂය කැඩෙන්නේ නැතිව බෙිරාගන්න බැරිඋන රනිල් කොහොමද රට බෙිරාගන්නේ ඔය හදන්නේ වලපල්ලටම යන පක්ෂය බෙිරාගන්න මිසක් ජනතා ආදරයක් නෙමෙයි

Main News