ඇවන්ගාඩ් බඩඉරිගු අක්කර 5000 ගැන කෘෂිකර්ම ලේකම් පහදයි..
November 26, 2020 at 3:28 am | lanka C news
ඇවන්ගාඩ් මැරිටයිම් සර්විසස් සමාගමේ බඩඉරිඟු වගාවක් සඳහා කෘෂිකර්ම අමාත්‍යාංශයට අයත් ඉඩම් අක්කර 5000ක් ලබාදී ඇති බවට පළවන මාධ්‍ය වාර්තා මුළුමනින්ම අසත්‍ය බව අමාත්‍යාංශ ලේකම් විශ්‍රාමික මේජර් ජනරාල් සුමේධ පෙරේරා මහතා පවසයි.
කෘෂිකර්ම අමාත්‍යාංශය සතුව පවතින්නේ ගොවිබිම්, බීජ ගොවිපොළවල්, පර්යේෂණ මධ්‍යස්ථාන පමණක් බවද සුමේධ පෙරේරා මහතා ප්‍රකාශ කරයි.
එසේම කෘෂිකාර්මික උපදේශන සේවය හා තාක්ෂණික සහාය ලබාදීම කෘෂිකර්ම අමාත්‍යාංශයට අයත් කාර්යභාරය වන බවත් පවසන ලේකම් සුමේධ පෙරේරා මහතා අදාළ ඇවන්ගාඩ් මැරිටයිම් සර්විසස් සමාගම මඟින් පවත්වාගෙන යන බඩඉරිඟු ගොවිපලක් සඳහා උපදේශන හා තාක්ෂණ සහාය ලබා දීම කෙරෙහි අවධානය යොමු කර ඇති බව පවසයි.
එම සහාය ඕනෑම කෘෂි ගොවිපොළක් සඳහා ලබා දීම අමාත්‍යාංශයේ වගකීම බවද ඒ මහතා පෙන්වා දෙයි.
එම නිසා ඉඩම් අක්කර 5000ක් ලබාදී ඇති බවට පළවන සියලු වාර්තා සත්‍යයෙන් තොර බව ද අමාත්‍යාංශ ලේකම් විශ්‍රාමික මේජර් ජනරාල් සුමේධ පෙරේරා මහතා අවධාරණය කරයි.
– සුජිත් විතානපතිරණ
බඩ ඉරිගු ගොවිපොළේ රස්සා වලට මිනිස්සු තෝරන්න සුදුසුම කෙනා අපේ සජී තුමා.
Usa nam Security.. Miti nam Kamkaru..
ජාතියන්තර ඩෝල් කොම්පැනිට අක්කර 5000 දුන්නා නම් ඇවන්ගාඩ් ට දෙන එකේ වැරැද්ද මොකක්ද?
ජාතියන්තර ඩෝල් කොම්පැනියට බනානා වවන්න අක්කර 5000 දුන්නා නම් ඇවන්ගාඩ් ට දෙන එකේ වැරැද්ද මොකක්ද?
අරුන්ට කොහොමත් මඩ ගහනව ඇරෙන්න වෙන කරන්න පුළුවන් දෙයක් නෑ නෙ.
ගහන මඩ එන්න එන්න අවුල්වෙනවා.
මොකා හරි කමක් නෑ වගා කරන්න පුළුවන් නම්. රජය මේවට උදව් කරන්න ඕන.
මමනං කියන්නේ සේනාධිපතිට බඩඉරිඟු වවන්න අක්කර 5000 නෙමේ ඉල්ලපු අක්කර 40,000 ම දෙන්න ඔනේ , මේ මිනිස්සු කට්ට කාගෙන ,නඩු හබ ඔතාගෙන තමන්ගේම සල්ලි වියදං කරලා ,කැම්පේන් ගස්සවලා ,දරදිය ඇදලා ,පූට්ටුව ගොඩ දැම්මේ ජොලියට නෙමේනේ.මේ මිනිස්සුත් හම්බ කරන්න ඔනේ , මේ අවුරුදු පහේ ගේමක් ගහගන්න ඔනේ , දිලිත්ලට ,සේනාධිපතිලට මෙව්වා කරන්න බැරිනං , අක්කර ගනං දෙන්න කියන්නේ 69 ලක්ශයේ බෛයි වීරයන්ටද ? නිකං කුහක වෙන්නෙපා යකො !
අනිවාර්යෙන්ම. දැන් බලන්න උඹේ එජාපෙ උන් ඒ කාලෙ එන්ජීඕ වලින් ගත්තුව ගෙවන්න මහ බැංකුවටම කෙලල ඒ සල්ලි බෙදාගෙන මුකුත්ම උනේ නැති තොත්ත බබාල වගේ සජබය ට වෙලා ඉන්න ලස්සන. ඇත්තටම කෝ අර අර්ජුන් මහේන්ද්‍රන් මහතා සහ එතුමාගෙන් සල්ලි ගත්තු ෆුට් නෝට් ගැංසිය. මේව නිකන් එදාවේල මඩ විතරයි. ඒත් මහ බැංකු හොරකම සාක්ෂි සහිතවම ඔප්පු වුනා නේද.
නැතුව නැතුව , 2012 ඉදලා වෙච්චි බැදුම්කර මගඩි වලින් ගොඩගිය හැතිකරේට අපිට ඉල්ලන්න වෙන්නේ හෙණහත විතරයි . උන්ව කුදලනවා කියලා ආපු විරුවෝ , යහපාලකයොම දාපු නඩු විසිකරන තත්වෙට පත්වෙලා ! අවංකවම බං බැදුම්කර වංචාවට හවුල් හැම එකාටම ,මේ රටේ අහිංසකයගේ සල්ලි ගිලලා පුස් වීරයො වගේ ඉන්න උන්ට නිතීයෙන් ගැලවුනත් පවුල් පිටිං කෙලවෙලා යන්න ස්වභාවධර්මය හරි වැඩක් දෙනවා බලපංකො !
ඒකනේ නේද. ඒ වුනාට තමුන්ට හැම තිස්සෙම බැනෙන්නෙ පොහොට්ටුවට විතරනෙ. ලෙඩක්ද ඒක. කමක් නෑ. උඹත් කීයක් හරි හොයා ගන්න එපෑ.
ක්රිමිනලයට තද වෙලා,ඕක මොන ක්රිමිනලයක් කොර ගනීද දන්නෙ නැහැ.
ක්‍රිමිනල් නැමැති පැකනිල් මීහරකා දන්නෙ නෑ ලංකා භූමියට වැටෙන හිරු එළියෙන් යම් වගාවක් කර අස්වැන්න ගත් විට එය ලංකාවේ සම්පතක් වන බව. මෝඩ පුතාට ත් වඩා ගොබ්බයෙක් ඉන්නවා නම් අන්න ඒ මූ තමයි.
මෙවැනි අය තමයි මාධ්‍ය සදාචාරය වනසන්නෙ.මේ සඳහා නිතී පොතේ ඇති දේ ගැන සොයා බලා කටයුතු නොකරන්නේ මන්ද?
This Government did a basic mistake of appointing the retired Defense forces personnel to important Administrative positions of the Ministries. They had a different task that is to safeguard the country from terrorism which they did tremendously but to Mann professional ministries the country needs experienced educated personnel. These people is good give orders but for technology innovation and extension they fail miserably. Sri Lanka is now facing the repercussions
Where they have failed miserably? Pls give some examples. Otherwise just mud.
කසිකබල් මාක්ස්වාදියෝ ව්‍යාපාරිකයොන්ට විරුද්ධ වීම අලුත් දෙයක් නෙවේනේ. කතාව රට දියුනු කරන්න, රට දියුනු වෙන්නේ ව්‍යවසායකයෝ නිසා කියලා හැබැයි තේරෙන්නෙ නෑ.
ඇයි බන් හැම දෙයක්ම ගජමිතුරන්ට විතරක් දෙන්නේ ? අනෙක් වියවසායකයො මැරිලා වැටිලද ? 😂😂😂😂