‘අපි තීන්දු කලොත් මීට වඩා කැලෑ කපනවා..’ ඇමති විමලවීර වනජීවී නිලධාරීන්ට එලිපිට බැණවදී..
November 26, 2020 at 10:02 pm | lanka C news
පොළොන්නරුවේ තඹාල හා වෙහෙරගොඩයාය ප්‍රදේශවල දී වනජීවී රාජ්‍ය ඇමති විමලවීර දිසානායක මහතා සහ වනජීවී නිලධාරීන් අතර උණුසුම් වචන හුවමාරුවක් සිදුවිණි.
රක්ෂිත වනාන්තර වලට ජනතාවට ඇතුල් වීමට ඉඩ දෙන ලෙස ඉල්ලමින් ඇමැතිවරයා වනජීවී නිලධාරීන්ට බලපෑම් කළ අතර වනජීවී නිලධාරීන් ඊට දැඩිව විරුද්ධ වූහ.
වනජීවී නිළධාරින් කියා සිටියේ අධි සංවේදී පරිසර කලාප වල කිසිදු මිනිස් ක්‍රියාකාරකමක් සිදුකිරීමට නීති විරෝධී බවත් එවන් කටයුතු සදහා කිසිදු අවසරයක් නැති බවත්ය.
එහිදී කෝප වූ ඇමතිවරයා වනජීවී නිලධාරීන්ට බැණ වැදුනු අතර විරෝධය පාමින් වනජීවී නිලධාරීන් එම ස්ථානයෙන් ඉවත් විය.
මෙම රජය යටතේ නොබියව ,නිවැරදිව තම රාජකාරි කිරීමට රාජ්‍ය නිලදරුවන් උත්සුක වන බව මෙයින් මනාව ගම්‍යවේ.
ඇමතිතුමාද යටිහිතින් සිතන්නේ මෙය විය යුතුයි.
මේ ඇමට්ය නම් කොහෙත්ම එම තනතුර දැරීමට සුදුසු නැත.. ගම්මුන්ගෙ චන්ද කිහිපයක් බලාගෙන් රටේ අනාගතය තීන්දු කරන වන සම්පත් විනාස කරන තීන්දු නොගත යුතුයි.. මේ වන රක්ශිත වලටඇතුලු වෙලා මිනිස්සු කරන දේවල් අපි දන්නවා විනාශය අපි දැකලා තියෙනවා. වල්ලපට්ට කපනවා, තුවක්කු බදිනවා වටිනා ගස් කපනවා.. බෙහෙත් ගස් වල ගහ මරෙන කම්ම පොතු ගලවනවා.. මැනික් ගරනවා වැනි විසාල විනාස සිදුකරනවා.. මොන හේතුවකටවත් රක්සිත වනයට ඇතුලු වෙන්න ඉඩ නොදිය යුතුයි. වනජීවි නිලදාරීනට හිසනමා ආචාර කරමි
රිෂාඩ් කැලේකපනකොට මේ පරයෝ කොහේද හිටියේ…!!!!!!!!!!!!!!
වහාම මුන් රැකියාවෙන් නෙරපියයුතුයි…!
These are Mahinda and Gota’s policies. PPl does not understand how the policies from the top get executed at the bottom. this is similar to the bomb blast incident, it is not the fault of police or intelligence, it is the liberal policy of the previous government. sorry for the SL.
ඇමති කියන්නේ ජනතා සේවකයෙක්.
එහෙම නැතුව ජනතාවට ඉහලින් යන රොකට් එකක් නොවේ.
තොපි තීරණය කෙරොත් කැලෑ කපනවා හරි.
අපි තීරණය කෙරා තෝ ගෙදර යවන්ඩ.
වර ඊලඟ පාර, දෙන්ඩ
හරක් මස් කඩ වහල අවුරුදු 2-3 යනකොට වැඩේ පත්තුවේවි. මිනිස්සුන්ටවත් ඉන්න බැරි වෙන්න හරක් ගහනය වැඩි වෙනකොට වනජීවින් කැලෙන් එලියට එලවලා හරක් කැලේට දක්කන්න තමයි වෙන්නේ.