5% සීමාව පනී.. ලංකාවේ කොරෝනා සමාජ ව්‍යාප්තියක… මරණ ගණන විශාල ලෙස වැඩිවේවි.. රෝගීන්ට දොස්තරලා නැති වේවි..

January 24, 2021 at 3:50 pm | lanka C news
5% සීමාව පනී.. ලංකාවේ කොරෝනා සමාජ ව්‍යාප්තියක… මරණ ගණන විශාල ලෙස වැඩිවේවි.. රෝගීන්ට දොස්තරලා නැති වේවි..

අද වන විට මෙරට කොරෝනා ආසාදිතයන් සොයා ගැනීම සඳහා සිදුකරන පරීක්ෂණ වලින් ආසාදිතයන් වාර්තාවීම 5.5% සීමාවට පැමිණ ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.

එහි සංස්කාරක වෛද්‍ය හරිත අලුත්ගේ මහතා පෙන්වා දෙන්නේ දැනට මාසයකට කලින් එය 3% මට්ටමේ තිබුනද අද වන විට ශ්‍රී ලංකාව අවදානම් මට්ටම පසු කර අවසන් බවයි.

ඒ අනුව ආසාදිතයන් වැඩිවීම සමගින් අනිවාර්යයෙන්ම මරණ සංඛ්‍යාව ඉහළ යනු ඇතැයි ද ඔහු කියා සිටියේය.

මූලාශ්‍රයක් සොයා ගත නොහැකි රෝගීන් දිනපතා වාර්තා වෙමින් ඇති බවත් බිම් මට්ටමේ යතාර්ථය නම් සමාජය ව්‍යාප්තියක් ඇති බවද කී ඔහු ‍ප‍්‍රායෝගික යථාර්ථය වන්නේ ද සමාජය ව්‍යාප්තියක් බවද සඳහන් කළේය.

අද වන විට වෛද්‍යවරුන් ඇතුළු සෞඛ්‍ය කාර්යමණ්ඩලද වෛරසය ආසාදනය වෙමින් ඇතැයි පැවසූ ඔහු එළඹෙන මස මැද පමණ වන විට ආසාදිත රෝගීන් විශාල ලෙස රෝහල්වලට පැමිණීමට පටන් ගත හොත් ඔවුන්ට ප්‍රතිකාර කරන්නේ කවුදැයි ඔහු ප්‍රශ්න කළේය.

කොළඹ පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා මෙම අදහස් පල කරන ලදී.

44,701 views

12 Comments to “5% සීමාව පනී.. ලංකාවේ කොරෝනා සමාජ ව්‍යාප්තියක… මරණ ගණන විශාල ලෙස වැඩිවේවි.. රෝගීන්ට දොස්තරලා නැති වේවි..”

  1. Nandasoma Suriyaarachchi says:

    නිවැරදිව පාලනය කලේ නැත්නම්, ෙකාෙරා්නා ෙම් විදියට ව්‍යාප්ත වෙන බව එදා සිටම මම කිව්වා…..!
    ඒ පිළිබඳව ජනාධිපති තුමාටත් කිව්වා……!!
    ඒත් ගණන් ගන්න කෙනෙක් නැති වීම රටේම අවාසනාව මිස වෙන කුමක්ද…..?
    මේ විදියටම ගියොත් ප්‍රතිඵල ඉතාම භයානක වන බව අදත් කියනවා…..!!!

    • Nimal says:

      ඔීකම අපේ වහලේ ඉන්න හුනත් කිවා. තව කිවා කොරෝනා හැදුනට බය වෙන්ට එපා 98%නිකමිම හොද වෙනවා කියලා

  2. සීයා පප්පා says:

    පණ්ඩිතයා වෙන්නැතිව හිටහං කොළුවෝ , ලංකාවෙ ඔක්කෝටොම කොරෝනා උනත් ඒක සමාජ ගත වෙන්නෑ . කට පියං – පාඩුවේ හිටිං , නලියන්නැතුව .

  3. පොඩි එකා says:

    ජනාධිපත්තුමායි අගමැත් තුමායි ඉන්නව අපිව බේර ගන්ඩ. අපි දුන්න නෙ චන්දෙ නන්දෙට.

  4. monarch says:

    Theory නේ Professional ගණන් ගන්නේ නෑ නේ…. කටින් නේ බතල හිටවන්නේ එකයි… උම්බෑ

  5. Kanyalatha says:

    Ammo.. eh assen campusuth patan gattama hodata tiyey.

  6. Ape Eka says:

    මේක පවත්ව ගන්න තියෙන එකම ක්‍රමය වැඩි වැඩියෙන් PCR කර රෝගීන් හඳුනා ගැනීමයි. එතකොට PCR වලින් අපිටත් හොඳ කොමිසන් එකක් එනව. මොකද අප තමයි රු 2000 PCR එක 4000 ට ගේන දීපු Game එකේ පෙරමුණේම හිටියෙ.ඒක අපි කලේ මේ රටේ ඉන්න ලක්ෂ ගාණක් අහිංසක ජනතාව ගැනම හිතල තමයි…හික්..හික්…..හික්

  7. Ravana parapura says:

    දැන්වත් හෙළ වෙදකමට ඉඩ සලසා දෙන්න,

  8. Dusty says:

    Health officials love to see the numbers going up as this is a fantastic money making opportunity for them….. They are even asking for pay back from the hotels that have been approved to keep patients….. 10% Frome each room occupied. It’s so sad we don’t realize how corrupt most of our officials are ……far worse that even the politicians

  9. Local Tradtional Medicine to be implemented with western to save Sri Lankans

  10. Dikman Aiyya says:

    ….More than CORONA,…our people urgent need treatment for NEGATIVITY,…most only see the dark side of everything….

Main News