50-60ක් පාරවල් වසාගෙන ජනතාවට බාධා කලොත් බහුතරයේ යහපතට පොලිසිය කටයුතු කල යුතුයි..

January 25, 2017 at 12:40 pm | lanka C news
50-60ක් පාරවල් වසාගෙන ජනතාවට බාධා කලොත් බහුතරයේ යහපතට පොලිසිය කටයුතු කල යුතුයි..

ලෝකයේ දියුණු රටවල මෙන් ජනතාවගේ ආත්ම ගෞරවය ආරක්ෂා කරන සියළු දෙනාටම සමසේ නීතිය ක්‍රියාත්මක කරන වෘත්තිමය පොලිසියක් බිහි කිරීම 19 වන සංශෝධනය හරහා ක්‍රියාත්මක කල පොලිස් කොමිසන් සභාවේ අරමුණ බවද එවන් සුභවාදී තත්වයක් කරා පොලිසිය වෙනස් වෙමින් පවතින බවද කථානායක කරු ජයසුරිය මහතා පැවසීය.

පොලිස් කොමිසන් සභාව හේතුකොට ගෙන දේශපාලනඥයන්ට අවශ්‍ය ලෙස පොලිස් නිළධාරීන් පත් කිරීම්, මාරු කිරීම්, උසස් කිරීම් කල නොහැකි තත්වයට පත්ව ඇත්තේ යැයි සහ දක්ෂයන්, සුදුසුකම් සපුරාලූ, කැපවීමෙන් රාජකාරී කරන අවංක නිළධාරීන්ට සුසුදුතැන් ලැබෙන බවත් කථානායකවරයා කිවේය.

කථානායක කරු ජයසුරිය මහතා මේ බව පවසා සිටියේ දිවයිනේ පොලිස් ස්ථාන 600 දක්වා වැඩි කිරිමේ රජයේ ව්‍යාපෘතිය යටතේ ඉදිකල 474 වන පොලිස් ස්ථානය වන මීරිගම,පල්ලේවෙල පොලිස් ස්ථාන ගොඩනැගිලි සංකීර්ණය විවෘත කිරීමේ උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස එක්වෙමිනි.

මෙහිදී තවදුරටත් කථාකල කරු ජයසුරිය මහතා පෙන්වා දුන්නේ ආරක්ෂක හමුදාවක් නොවන පොලිසිය ජනතාවගේ එදිනෙදා ජීවිතයට අතිශයින් සමීපව කටයුතු කරන ජනතාවගේ සිතුම් පැතුම් තේරුම් ගත් ආයතනයක් විය යුතු බවයි.

එමෙන්ම ‍ලෝකයේ වෙනත් රටවල මෙන් නවීන තාක්ෂණය භාවිතා කරන දැනුමෙන් පරිපූර්ණ බුද්ධිමත් නිලධාරීන් බිහි කිරී‍ම තුලින් පොලිසිය ජනතා ගෞරවයට පාත්‍රවනු ඇති බවද හෙතෙම සඳහන් කලේය.

කථානායකවරයා මෙසේද පැවසීය. පොලිසිය සඳහා වෙන් වුනු අධ්‍යාපන ආයතනයක් සඳහා මේ වන විට පියවර ගෙන තිබීම සතුටට කරුණක්. එමෙන්ම නිළධාරීන් සඳහා විදෙස් පුහුණුව ලබා දීමටත්, අවධානය යොමු වී තිබෙනවා.

පසුගිය කාලය තුල අපේ පොලිසියතුල අති දක්ෂ අවංක නිළධාරින් සිටින බව ඔප්පු වුනා.

මහාපරිමාන මත්ද්‍රව්‍ය ජාවාරම්,දූෂණ, අපරාධ හෙලිකර ගන්නට ඔවුන් දිවි පරදුට තබා කටයුතු කලා. පොලිසියේ විශාල පිරිසක් වෘත්තිමය ගෞරවය රැකගෙන රටට අවංකව සේවය කරනවා.

පොලිසිය ආරක්ෂක හමුදාවක් නොවේ. එය ජනතාවට අතිශයින් සමීප ආයතනයක්. අද පොලිසියක් පූර්ණ ලෙස වෙනස් වෙමින් තිබේ. පොලිසියට නවීන තාක්ෂණය, දැනුම, පුහුණුව ලබා දීමෙන් මහජන ගෞරවයට පාත්‍ර වන වෘත්තිමය නිළධාරීන් බිහිකල හැක.
පොලිසියේ රස්සාව ඒතරම් ප්‍රසන් එකක් නෙවෙයි.දුෂ්කරතා බොහොමයක් තිබෙනවා. ඒ සියල්ල මැද කටයුතු කරන අවංක නිළධාරීන්ගේ ගෞරවයට හානිකරන අතලොස්සක් නිසා පොලිසියේ කීර්ති නාමය කැලැල් වූ අවස්ථා තියෙනවා.

නමුත් රටේ විනය,නීතිය .මහජන සාමය ආරක්ෂා කිරීමේ දී පොලිසිය කරන සේවය විශිෂ්ඨයි. අද ජනතාවට ලැබී තිබෙන ප්‍රජාතන්ත්‍රවාදී නිදහස තව තවත් ශක්තිමත් කල යුතු බවද නමුත්, ප්‍රජාතන්ත්‍රවාදය නමින් කටයුතු කිරීමට, මිනිසුන්ට නිදහසේ ජීවත්වීමේ අයිතිය උදුරා ගැනීමට කිසිවෙකුටත් ඉඩ දිය නොහැකි බවත්, පුද්ගලයන් පනහක් හැටක් එක්ව විරෝධතා මුවාවෙන් මහාමාර්ග හරස්කර දහස් ගණන් ජනතාවගේ එදිනෙදා ජීවිත වලට බාධා කරන්නේ නම් බහුතරයේ යහපත වෙනුවෙන් කටයුතු කිරීම පොලිසිය වෙත බැහැර කල නොහැකි වගකීමක් බවද කථානායකවරයා සඳහන් කලේය.

මෙම අවස්ථාවට පොලිස්පති පූජිත ජයසුන්දර,පලාත්සභා මන්ත්‍රීවරුන් වන උදේන විජේරත්න, සංජය සිරිවර්ධන යන මහත්වරුන්ද එක්ව සිටියහ.

– චමින්ද ගමගේ

0 views

3 Comments to “50-60ක් පාරවල් වසාගෙන ජනතාවට බාධා කලොත් බහුතරයේ යහපතට පොලිසිය කටයුතු කල යුතුයි..”

  1. බන්ඩයියා says:

    පොලිස්පති කිව්ව නීතිය නවන ඒකද නව ක්‍රමය?

  2. Ranjan Rama says:

    Mey kathanayakath katha koranne passa paththen .

  3. lion says:

    ” යර්ස් සර්.. නො සර්..අම්මපල්ලා සර්.. මම එහෙම කරන්නේ නෑ සර්.. “

Main News