5000 ආධාරය ගන්න දින 15ක් තිස්සේ වතු කම්කරුවන් පෝලිමේ..

June 15, 2020 at 6:48 pm | lanka C news
5000 ආධාරය ගන්න දින 15ක් තිස්සේ වතු කම්කරුවන් පෝලිමේ..

කොවිඩ් 19 වෛසරය පැතිර යාමේ අවධානම සමග රජය විසින් පිඩාවට පත් ජනතාව වෙනුවෙන් දෙවන අදිරය යටතේ ලබාදෙන රු පන්දහසේ දිමනාව ලබා ගැනිමට වතු කම්කරුවන් විශාල පිරිසක් දින 15 ක් තිස්සේ හැටන් දික්ඔය 319 ජේ ග්‍රාමසේවා කාර්යයාලය අසල රැදි සිටියි.

නොර්වුඩ් සමෘද්ධි කාර්යයාලය මගින් තේ වතු ආශ්‍රිතව පිඩාවට පත් ප්‍රතිලාභින් වෙත දෙවන අදිරයේ මුදල් ගෙවිම සිදු කරන අතර , හැටන් දික්ඔය වනරාජා වත්තේ වතු කම්කරුවන්ට මුදල් ලබා ගැනිමට පැමිණෙන ලෙස නොර්වුඩ්  සමෘද්ධි කාර්යයාලයෙන් දැනුම් දෙන බවත් , එම මුදල ලබා ගැනිමට වසමේ ග්‍රාමසේවා කාර්යයාලය වෙත දිනපතා පැමිණියද  රු පන්දහසේ දිමනාව තමන්ට ලබා නොදෙන බවය පිඩාවට පත් වතු කම්කරුවන් කියා සිටින්නේ.

තම වතු යායේ දෛනික වැඩකටයුතු වලටද නොගොස් රු පන්දහසේ දිමනාව ලබා ගැනිමට ග්‍රාමසේවා කාර්යයාලය වෙත දිනපතා උදැසනම පැමිණ පස්වරුව තෙක්ම එම කාර්යයාලය ඉදිරිපිට රැදි සිටිමින් රස්තියාදු වි ආපසු හිස් අතින් නිවසට යන බවයි (15) දිනයේත් දිමනාව ලබා ගැනිමට ග්‍රාමසේවා කාර්යයාලය ඉදිරි පිටට පැමිණි වතු කම්කරුවන් කියා සිටින්නේ.

මේ චෝදනාව සම්බන්ධයෙන් අප නොර්වුඩ් සමෘද්ධි කාර්යයාලයේ කලමණාකරු විල්සන් ජේ ප්‍රකාශ් මහතාගෙන් අප දුරකථනය ඔස්සේ සම්බන්ධ කර ගනමින් කරුණු විමසිමේදි ඔහු කියා සිටියේ මේ සම්බන්ධයෙන් සොයා බලා තොරතුරු වාර්තා කරන බවට පවසමින් කලමණාකාරවරයා විසින් දුරකථන ඇමතුම විසන්ධි කරනු ලැබිණ.

– හැටන් රංජිත් රාජපක්ෂ

140 views
Main News