5000 ආධාර පෝලිමේ උණුසුම් තත්වයක්.. හමුදා සෙබලෙකුගේ ගිනි අවිය පත්තු වෙයි…

May 1, 2020 at 6:48 pm | lanka C news
5000 ආධාර පෝලිමේ උණුසුම් තත්වයක්.. හමුදා සෙබලෙකුගේ ගිනි අවිය පත්තු වෙයි…

කොළඹ මාලිගාවත්ත ප්‍රදේශයේ රුපියල් 5000 ආධාරය බෙදී දීමේ අවස්ථාවකදී නාවික හමුදා සෙබලකුගේ ගිනි අවියක් උදුරා ගැනීමට යාමේදී එය පත්තු වී ඇත.

සමාජ දුරස්ථ භාවය රැකෙන පරිදි සකස්කර සිදු පෝලිම්වල අතරමැදින් ඇතුළුවීමට තැත් කල පුද්ගලයෙකු වැළැක්වීමට නාවික හමුදා සෙබළකු දැරූ උත්සාහයක දී මෙම සිදුවීම සිදුව තිබේ.

එම අවස්ථාවේදී ගිනිඅවිය ක්‍රියාත්මකවී උන්ඩ කිහිපයක් පොළොවට එල්ලවී ඇති නමුත් කිසිවකු තුවාල ලබා නැත.

රාජකාරියට බාධා කිරීමේ චෝදනා මත අදාළ පුද්ගලයා පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහි වූවකු බවත් හෙළිව තිබේ.

සිදුවීම සම්බන්ධයෙන් මාලිගාවත්ත පොලිසිය පරීක්ෂණ පවත්වයි.

271 views

34 Comments to “5000 ආධාර පෝලිමේ උණුසුම් තත්වයක්.. හමුදා සෙබලෙකුගේ ගිනි අවිය පත්තු වෙයි…”

  1. නිරීක්ෂකයා says:

    මේ උද්ගතව අති තත්වයේදි කුඩුකාරයෝ වගේම පාර්ලිමේන්තුවේ කෑම කාලා රෑට රාජගිරියේ පොට් එකට යන්න බරි නාකි වැළ මැරුණු දේශප්‍රේමියොත් එක ලෙස වෛරෙන් දගලනවා. රටේ මිනිස්සු අවුස්සා රට අස්ථාවර කරන්න මාධ්‍ය සාකච්චා තියනවා. මේවා බලා මිනිස්සු රැවටී යළි රට කාළකන්ණි කර ගනීමට කටයුතු කරන්නට ඉඩ තිබෙනවා. ඒ නිසා අපි කියන්නේ මහජනතාවට රු. 5000 බැගින් සතිපතා දෙන්න කියන අයට තමන් අයතා ලෙස උපයා ගෙන Off Shore බැංකු ගිණුම් වල සගවා අති මුදල් මෙරටට ගෙන්වා දෙන ලෙසයි. එසේ නොමැතිව බොරු උපාසක රංගන දාන්න එපා කියන එකයි.

  2. බිල්ල says:

    බලාගෙන ප්‍රවේසමෙන්, ඔය කුඩ්ඩට මොන කොරෝනාවක් තියනවද දන්නේ නැහැ. ඕකුන්ට මේ ලෝකේ තියන සියලුම වසංගත තියනවා. මුන් සාමාන්‍ය බන්ධනාගාර ගතකරන්න එපා. බන්ධනාගාර කියන්නේ කුඩු පිරුන ලෝක. මීගමුව බන්ධනාගාරේ කෙනෙක් කිව්වා පහන අරන් නයිටිංගේල් වගේ කුඩු උරණ උන්ට පහසුකම් සපයන උන් කුඩු තුල ඇවිදිනවා කියල. කුඩු මුදලාලිලා ලැප්ටොප් අතේ තියාගෙන බිස්නස් එක කරගෙන යන්නේ.

  3. Norman rajapaksa says:

    නාවික හමුදාපති තුමෙනි, මේ විරුවා නිරොධායනය කිරීම නුවනට හුරුය.

    • kkuruwita says:

      ගොං ජෝක් නොදා මේ වෙලාවේවත් රට ගැන හිතපල්ල පක්ෂෙ පැත්තකට දාල !

Main News