5000 දිමනාව ඉල්ලා වතුකරයේ පිරිසක් ග්‍රාමසේවා කාර්යයාලය වටලති…

April 12, 2020 at 12:00 pm | lanka C news
5000 දිමනාව ඉල්ලා වතුකරයේ පිරිසක් ග්‍රාමසේවා කාර්යයාලය වටලති…

කොවිඩ් 19 වෛරසය පැතිර යාමේ අවධානමත් සමග රැකියා විරහිත සහ පිඩාවට පත් ජනතාව වෙනුවෙන් ලබාදෙන රු පන්දහසක දිමනාව තමන්ට නොලැබුණු බව පවසමින් හැටන් ප්‍රදේශයේ පිඩාවට පත් පත් පිරිසක් (11)දින ග්‍රාමසේවා කාර්යයාලය වටලනු ලැබුවා.

හැටන් දික්ඔය වනරාජා වත්ත පහල කොටස් පිඩාවට පත් පිරිස උදැසන සිට මධ්‍යහනය තෙක්ම ග්‍රාමසේවා කාර්යයාලය ඉදිරිපිටට රැස්වෙමින් මාධ්‍යයට පවසා සිටියේ රජය විසින් එම දිමනාව රැකියා විරහිත සහ වතුකරයේ පිඩාවට පත් අයට ලබාදෙන ලෙස උපදෙස් දි තිබු බවයි.

එම උපදෙස් වලට පටහැනිව වතුකරයේ ඇතැම් ග්‍රමාසේවා නිලධාරිවරුන් විසින් වතුකරයේ ප්‍රබල වෘත්තිය සමිතියක සමාජිකත්වය දරන වතු කරයේ දැනට රැකියාවල නිරතව සිටින විශාල පිරිසකට සහ එකම පවුලේ කිහිපදෙනෙකුටම ලබා දි ඇති බවයි.

තමන් රැකියාවල නිරතව සිට කොවිඩ් 19 වෛසරය පැතිර යාමේ අවධානම නිසා පැනව ඇදිරි නිතිය හමුවේ තමන් වතුකරයට පැමිණ රැකියාවක් නොමැතිව ආදායම් තත්ත්වය පහල වැටි තමන් දැඩි පිඩාවට පත් වි සිටින බවයි.

පිඩාවට පත් තමන් ඇතුළු විශාල පිරිසකට අදාල දිමනාව ලබානොදි තොරාගත් පිරිසකට පමණක් මෙසේ අදාල දිමනවා ලබා දිම හෙලා දකින බවද පිඩාවට පත් එම පිරිස චෝදනා කර සිටියි.

– හැටන් රංජිත් රාජපක්ෂ

123 views

15 Comments to “5000 දිමනාව ඉල්ලා වතුකරයේ පිරිසක් ග්‍රාමසේවා කාර්යයාලය වටලති…”

  1. david milibanda says:

    Munta pissu………………. Bloody opportunists.

Main News