5000 දීමනාව ඉල්ලා පාර වසා විරෝධතා..

April 28, 2020 at 5:30 pm | lanka C news
5000 දීමනාව ඉල්ලා පාර වසා විරෝධතා..

කොවිඩ් 19 වෛසරය පැතිර යාමේ අවධානමත් සමග පිඩාවට පත් ජනතාව වෙනුවෙන් රජය විසින් ලබාදෙන රු 5000 ක දිමනාව තමන්ට නොලැබුණු බව පවසමින් වතු කම්කරුවන් පිරිසක් තේ කර්මාන්ත ශාලාවට පිවිසෙන මාර්ගය අවහිර කරමින් (27) දින පස්වරුවේ විරෝධාතවයක නියැලි සිටිහ.

බගවන්තලාව පොලිස් වසමට අයත් තෙරේසියා , මොරා , කිලානි යන වතු වල වතු කම්කරුවන් පිරිසකුයි මෙසේ විරෝධතාවයේ නියැලි සිටියේ.

විරෝධතාවයේ නියැලි සිටි වතු කම්කරුවන් චෝදනා කර සිටියේ වතුකරයේ එක්තරා වෘත්තිය සමිතියක සමාජිකයන්ට පමණක් අදාල දිමනාව ලබාදෙන බවත්, එම මුදල ලබාදිම සදහා පිඩාවට පත් පුද්ගලයින් තොරාගනු ලබන්නේ එම වෘත්තිය සමිතියේ ප්‍රබල සමාජිකයන් කිහිපදෙනෙකු විසින් බවයි.

එකම පවුලේ සමාජිකයන් කිහිපදෙනෙකුටම රු 5000 දිමනාව ලබාදෙන බවත් , තමන්ද එම මුදල ලබා ගැනිමට අයදුම්පතක් ඉදිරිපත් කලත් , තමන්ට එය මුදල නොලැබුණු බවයි.

වසම භාර ග්‍රාමසේවා නිලධාරිවරයා සහ සමෘද්ධි නිලධාරියා එම වෘත්තිය සමිතියේ කිහිපදෙනෙකු විසින් අනුමත කරන අයදුම්පත්වලට පමණක් රු 5000 දිමනාව ලබාදෙන බවද විරෝධාතාවයේ නියැලි සිටි වතු කම්කරුවන් චෝදනා කර සිටියි.

– හැටන් රංජිත් රාජපක්ෂ

206 views

13 Comments to “5000 දීමනාව ඉල්ලා පාර වසා විරෝධතා..”

  1. kawinda says:

    aanduwa karagaththu lokuma modakama thama me. Rs. 5000 ganna graama niladhari ho samurdi niyaamakata bhaara denna kiyanne nethuwa e dennama ekathuwela sudusukam ethi ayage gewal walata gihin beduwa nam me prashnaya ethiwenne nehe. ape rate minissunge heti mekenwath igena ganna. thawath karunak thiyenawa. meles Rs. 5000 denna gihin UNP JVP balu heththa kiuwe mokakda..? eka madi kiuwa. thawa wediya denna kiuwa. mudal panathak anumatha karanna behe kiyapu para ballo den ehem kiyanawa. mewa rajayata honda paadam kiyala hithaa ganna.

  2. Covid 5000 says:

    elagata hadenne covid 19 nowe covid 5000

  3. නලින් says:

    බංගලිදේසයෙන් ආපු කට්‍ටියක්ද මේ.අපේ රටේ මුස්ලිම්‍ මිනිස්සු පිරිලා

Main News