5000 දීමනාව නොදුන්නේ යයි සමෘද්ධි නිලධාරීයාට කුණුහරුපෙන් බැන පොල්ලෙන් ගහයි..

June 8, 2021 at 6:28 am | lanka C news
5000 දීමනාව නොදුන්නේ යයි සමෘද්ධි නිලධාරීයාට කුණුහරුපෙන් බැන පොල්ලෙන් ගහයි..

තමන්ට රුපියල් 5000 දීමනාව නැතැයි කියා කාන්තාවක් විසින් සමෘද්ධි සංවර්ධන නිළධාරී වරයෙකුට පහරදී ඇත.

කොළොන්න ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ කැම්පනේ ග්‍රාමනිළධාරී වසමේදී මෙම සිදුවීම සිදුව ඇත. පුස්වැල්පිටිය විහාරස්ථානයේදී  5000 දීමනාවේ ඉතිරිකොටස ලබාදීම සදහා එම ප්‍රදේශය භාරව සිටින සමෘද්ධි සංවර්ධන නිළධාරී මහතා මෙම සිදුවීමට ලක්ව ඇත.

සිද්ධියට සම්බන්ධ පුස්වැල්පිටිය ප්‍රදේශයේ කාන්තාව සමෘද්ධි නිළධාරි මහතාගෙන් 5000 ඇද්දැයි වමසා ඇත. ඇයට එම මුදල නොමැති බව පැවසූ විට අසභ්‍ය වචනයෙන් නැවත පැමිණීමේදී පොල්ලකින් නිළධාරියා යතුරු පැදියේ සිටියදීම කොන්දට පහදී ඇත.

මෙසේ පහරකෑමට ලක්ව ඇත්තේ කැම්පනේ සමෘද්ධි සංවර්ධන නිළධාරී සුභාෂ් ප්‍රසන්න මහතායි. මේ සම්බන්ධයෙන් එම අවස්ථාවේදී ම ඔහු විසින් පනාමුර පොලීසියට දැනුම්දී ඇති අතර එම නිළධාරී වරයාගේ ඉහල නිළධාරීන් දැනුවත් කර ඇත.

සමෘද්ධි නිළධාරී මහතා කියා සිටියේ පොලු පහර හේතුවෙන් කොළොන්න මූලික රෝහලට ඇතුලත්ව ප්‍රතිකාර ලබාගන්නා බවයි.

– ඇඹිලිපිටිය_ප්‍රගීත් ජනක

11,233 views

One Comment to “5000 දීමනාව නොදුන්නේ යයි සමෘද්ධි නිලධාරීයාට කුණුහරුපෙන් බැන පොල්ලෙන් ගහයි..”

  1. බයියන්ට මොලයක් ජාති says:

    දේශපාළුවන්ගේ අසූචි දීවන් ගන්න නපුංසක පිංගුත්තර අඩු කුලේ කසිප්පු ගව හැත්ත. පිනට කිසි දෙයක් දෙන්න එපා ඕකුන්ට.

Main News