5000 පෝලිමේ සිටි කාන්තාවක් ඇද වැටී මිය යයි.. කොරෝනා පරීක්‍ෂණ කරයි..

November 9, 2020 at 10:40 am | lanka C news
5000 පෝලිමේ සිටි කාන්තාවක් ඇද වැටී මිය යයි.. කොරෝනා පරීක්‍ෂණ කරයි..

නිරෝධායන ඇදිරි නීතිය පනවන ලද ප‍්‍රදේශවලට රජය විසින් ලබාදෙන රුපියල් පන්දහසේ ආධාරය ලබාගැනීම සඳහා පෝලිමේ සිටියදී කාන්තාවක ඇද වැටී මිය ගොස් ඇත.

මෙසේ ඇද වැටී මිය ගොස් ඇත්තේ කටාන කදිරාන ග්‍රාම නිලධාරී කාර්යාලයේ පෝලිමේ සිටි 62 හැවිරිදි කාන්තාවකි.

පොලිසිය පවසන්නේ පවතින කොරෝනා තත්වය හේතුවෙන් ඒ අවස්ථාවේ ඇයට උපකාර කිරීමට හෝ කිසිවෙකු ඉදිරිපත් වී නැති බවයි.

පසුව තරුණයන් දෙදෙනකු මැදිහත් වී ඇය රෝහල් ගත කිරීමට කටයුතු කර තිබිණි.

දේහය සම්බන්ධයෙන් කොරෝනා පරීක්ෂණයක් සිදුකරන ලෙස ද දැනුම් දී තිබේ.

40,130 views

5 Comments to “5000 පෝලිමේ සිටි කාන්තාවක් ඇද වැටී මිය යයි.. කොරෝනා පරීක්‍ෂණ කරයි..”

  1. උඩවත්ත- ලන්ඩන් says:

    රාජපක්ෂලා අවුරැදු 11 ක් ජනාධිපතිකම් කරපු රටේ තාම ජනතාව ආධාර මුදල් ගන්න පෝලිමෙ ඉන්නවා, බැංකු ගිණුම් නැත්ද මේ මිනිස්සුන්ට .. නිසි ක්‍රමවේදයක් මගින් මුදල් බැංකු ගිණුම් වලට දාලා මේ තෙරපීමක් නැතුව මුදල් ගන්න ක්‍රමයක් හදන්න බැරිද මේ පාලකයන්ට.

  2. ravi says:

    Please ask Mr. GR to get the account numbers through Gramasewaka and deposit money in their bank accounts, instead of making drama like this.
    Bull shit, I never thought this government also will act like other idiots. GR we expected much more than your systems.

  3. gamarala says:

    ග්‍රාමසේවක මගින් මේ මුදල් නිවසට ගිහින් ලබා දුන්නානම් මේ ජීවිතය බේරා ගන්න තිබුණා දැන් වත් නුවනින් වැඩ කරපල්ලා.

  4. mali says:

    there are grama niladari ,samurdi niladari, Midwives PHIs MOH divisinal secretary and their officers etc.So many government paid offices at the regional level .why do not you take their help to distribute these moneys to at least to the houses rather than weak malnourshed depressed elderly people keeping in ques to get money.
    Before the election you did everything now you have forgotten the people. Let us see how you all perform.

Main News