සුළු වැරදිවලට හිරේ ඉන්න අයට ජනපති සමාව.. එල්ලුම්ගස් නියම වූවන් ගැනත් සලකා බැලීමක්…
November 29, 2020 at 12:02 am | lanka C news
සුළු වැරදි සම්බන්ධයෙන් අධිකරණ මගින් දඬුවම් කර සිරගතව සිටින පුද්ගලයන්ට ජනාධිපති පොදු සමාවක් ලබාදීමට තීරණය කර තිබේ. බන්ධනාගාරයේ පැතිර යන කොරෝනා වසංගත තත්ත්වය මත මෙම තීරණය ගෙන ඇත. එම ජනපති පොදු සමාවට අදාළ ලිපිය (27 වැනිදා) වන විට බන්ධනාගාර මූලස්ථානයට ලැබී තිබුණු බව උසස් බන්ධනාගාර නිලධාරියෙක් ‘දිවයින’ට සඳහන් කළේය.
ඒ අනුව රට පුරා ඇති සියලූම බන්ධනාගාරවලට ඒ සම්බන්ධයෙන් දන්වා යැවීමට බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතා කටයුතු කර ඇතැයි ද හෙතෙම පැවසීය.
මෙම පොදු සමාව යටතේ සුළු වැරදි සම්බන්ධයෙන් විවිධ බන්ධනාගාරවල රඳවා සිටින 700 ක් පමණ වූ සිරගත රැදවියන්ට නිදහස්ව යෑමට අවස්ථාව හිමිවනු ඇතැයිද සඳහන් වෙයි.
මේ අතර මෙරට බන්ධනාගාරවල පවතින තදබදය හමුවේ මරණීය දණ්ඩනය සහ ජීවිතාන්තය දක්වා වූ සිරදඩුවම් විදින පුද්ගලයන්ට ද පොදු සමාවක් ලබාදීම කෙරෙහි රජයේ අවධානය යොමු වී ඇත.
ඒ අනුව මේ වන විට බන්ධනාගාර මූලස්ථානය මගින් මරණීය දණ්ඩනය සහ ජීවිතාන්ත සිරදඬුවම් ලැබ සිටින රැදවියන්ගේ නම් ඇතුළත් ලේඛනයක් අදාළ අංශ වෙත යොමු කිරීමට ද පියවර ගෙන ඇත.
එහිදී මරණීය දණ්ඩනය හිමිවී වසර විස්සක කාලයක් බන්ධනාගාරගතව සිටින පුද්ගලයන්ට ජීවිත සමාවක් ලබා දී ඒ අය ජීවිතාන්ත සිරද`ඩුවම් ලබන අය බවට පත් කිරීමටත් වසර 25ක කාලයක් ජීවිතාන්ත සිරද`ඩුවම් වි`දි රැදවියන් සාමාන්‍ය සිරකරුවන් තත්ත්වයට පත්කර සමාවක් ලබාදීමටත් බන්ධනාගාර දෙපාර්තමේන්තුව යෝජනා කර ඇත.
මෙම පොදු සමාව හිමිවීමේදී කිසිසේත්ම මත්කුඩු චෝදනාවලට සහ පාතාල අපරාධ ස`දහා ද`ඩුවම් විඳිමින් සිටින මත්කුඩු ජාවාරම්කරුවන්ට හෝ පාතාල මැරයන්ට කිසිදු සමාවක් හිමි නොවන බව ද ස`දහන් වෙයි.
– divaina
කොරෝනාවෙන් සිරගතව සිටින පුද්ගලයන්ට සහනයක් දැන්වත් හැදියල්ලා නැවත මෝඩකම් කරන්නේ නැතුව.
මොන ආගමක් උනත් පංච සීලය හරියට රකිනවානම් මේ අය වැරදි වැඩ කර සිරගත වෙන්නේ නැහැ දැන්වත් බුද්දිය පැහැදේවා.
මේ අයගෙන් 100/90 ක් සිරගතවී ඉන්නේ මත්පැන් ලොල් අයයි. අපේ රට මත්පැනින් තොර රටක් කරමු. කතෝලිකයන් ජේසුගේ ලේ වයින් ජේසුගේ සරීරය පාන් කියන සංකල්පය නැති කල යුතුය.