‘රෝහිතට කොරෝනා හැදී නුවර ජනාධිපති මන්දිරයේ… ගුවනින් කොළඹ සිට කෑම යවයි..’ පුවත ගැන හමුදාපති පහදයි…

November 30, 2020 at 9:20 am | lanka C news
‘රෝහිතට කොරෝනා හැදී නුවර ජනාධිපති මන්දිරයේ… ගුවනින් කොළඹ සිට කෑම යවයි..’ පුවත ගැන හමුදාපති පහදයි…

අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ බාල පුත් රෝහිත රාජපක්ෂ මහතාට කොරෝනා වැලදී ඇතැයි සමාජ ජාලවල පුවතක් වූ හුවමාරු වෙමින් පවතී.

ඒ හේතුවෙන් ඔහු නුවර ජනාධිපති මන්දිරයේ රැදී සිටින බවත් කොළඹ සිට ඔහුට ආහාර පාන කොළඹ සිට ගුවනින් ගෙන යන බවත් එම වාර්තාවන් හි දැක්වේ.

කෙසේ වෙතත් එම වාර්තා අසත්‍ය බව ගුවන් හමුදා මාධ්‍ය අධ්‍යක්ෂ දුෂාන් විජේසිංහ මහතා සඳහන් කරයි.

ගුවන් හමුදාව එවන් කටයුතු සඳහා යානා යොදවන්නේ නැතැයිද ඔහු පැවසීය.

රෝහිත රාජපක්ෂ මහතා සමග ඔහුගේ බිරිඳ සහ කුඩා පුතු ද සමාජයෙන් වෙන් වීම ඳහා මහනුවර ජනාධිපති මන්දිරයේ රඳවා සිටින බවටත් ඔවුන් දිනපතා ආහාර ගෙන යන්නේ ගුවන් හමුදාවට අයත් යානයකින් බවත් සමාජ මාධ්‍ය වල වාර්තා වී තිබිණි.

මේ අසත්‍ය වාර්තා සම්බන්ධයෙන් පරීක්ෂණයක් පැවැත්වෙන බවද රජයේ ආරංචි මාර්ග වාර්තා කරයි.

යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා ද මෙය අමූලික අසත්‍යයන් බව පැවසුවේ යයි අමරතුංග මහතා තම සමාජ ජාල ගිණුමේ සදහන් කර ඇත.

337,595 views

27 Comments to “‘රෝහිතට කොරෝනා හැදී නුවර ජනාධිපති මන්දිරයේ… ගුවනින් කොළඹ සිට කෑම යවයි..’ පුවත ගැන හමුදාපති පහදයි…”

  1. Ravana parapura says:

    හෙළ ඔසුවෙන් ඉක්මන් සුවය පතමු.

    • ISIS JVP Red Elephants 3% says:

      ලැම්බොර්ගිනි, ඩුබායි හොටෙල්, රත්තරන් අස්පයෝ, ෆ්‍රී වයිෆයි, චුයින්ගම් , බ්‍රේස්ලට්, වොසාවැගන්, වලට පසු මිනීමරු මොන්ගල රාජිත කම්බ හොරුන්ගේ JVP මඩ බලකායේ අලුත්ම මඩ, හෙලිකොප්ටර් කෑම.. හුකෑස්..

      • Noel says:

        ඔය ඔක්කොම පැත්තකින් තියලා තොපේ මහ එකා තාත්තා ගෙ සොහොන හදන්න රජයේ මුදල් වියදම් කළාද නැද්ද kiyapanko .

  2. nana says:

    විපක්ෂයක වගකීම රටේ ව්‍යසන අවස්තාවලදී රටේ යහපතට පවතින රජයට උදවු කිරීමයි. නමුත් වෙන්නේ JVP ක්‍රම වේදය ක්‍රියාවෙ යොදා තවත් රට අසරණ කර නැවත බලයට එන්නේ කොහොමද කියලා මාන බලනඑකයි.කවදාවත් රට ගොදයන්නේ නැහැ. මංගල උන්නැහේ සද්ද නැතුව වැඩේ දෙනවාඇති කොහේ හරි මුල්ලකට වෙලා.

  3. nana says:

    විපක්ෂයක වගකීම රටේ ව්‍යසන අවස්තාවලදී රටේ යහපතට පවතින රජයට උදවු කිරීමයි. නමුත් වෙන්නේ JVP ක්‍රම වේදය ක්‍රියාවෙ යොදා තවත් රට අසරණ කර නැවත බලයට එන්නේ කොහොමද කියලා මාන බලනඑකයි.කවදාවත් රට ගොදයන්නේ නැහැ. මංගල උන්නැහේ සද්ද නැතුව වැඩේ දෙනවාඇති කොහේ හරි මුල්ලකට වෙලා.

  4. Sumith says:

    Mu nam paw, ath muge thatha hena gon wassek wage

  5. Sumith says:

    Mu nam paw sirawatam , ath muge thatha hena gon harakek

  6. නන්දසේන ඉක්මනින් රහස් වට්ටොරුවයි දුම් හට්ටියයි රෝහොතටයි උගෙ පියාටයි ඩේසිටයි දෙන්න.🤣🤣🤣

  7. Rocket puncha says:

    Aee ban nuwara punnakku nethda?

  8. sena says:

    අපිත් නුවරතමයි අපේ ගෙවල් උඩින්තමයි ඔයකියන යානා යන්නෙ මේය අමුලික මඩ ප්‍රහාරයක්

  9. ඩලස් says:

    ගුවන් යානා මොකටද rocket තියන පොරකට

  10. වසභ says:

    අපි මේ ප්‍රවෘත්තිය ඇත්ත කියලා හිතමු. යුද /ගුවන් හමුදාපති වරු ඇත්ත කියයිද මොකද මේක රජ ගෙවල් වල ගැටලුවක් . අනික ඉතින් රටේ ඕනම කෙනෙක් කොරෝනා වලට ගොදුරු වෙන්න පුලුවන් නම් රජ ගෙදර අයටත් ඒක බෝ වෙන්න පුලුවන් හැකියාව තියනවා

Main News