ජීවිතාන්ත හා මරණ දඬුවම් විදින සිරකරුවන්ට පොදු සමාවක්.. ලයිස්තුව සකසා යවයි..

November 30, 2020 at 4:40 pm | lanka C news
ජීවිතාන්ත හා මරණ දඬුවම් විදින සිරකරුවන්ට පොදු සමාවක්.. ලයිස්තුව සකසා යවයි..

ජීවිතාන්ත සිර දඬුවම මරණ දඬුවම හිමිවී බන්ධනාගාර ගතකර සිටින සිරකරුවන් එහි ගත කර ඇති වසර ගණන අනුව පොදු සමාවක් ලබාදීමට අවධානය යොමුව ඇත.

දැනට මරණ දඬුවම හා ජීවිතාන්ත සිර දඩුවම් විඳින පිරිස 1116 දෙනෙකි.

බන්ධනාගාර මූලස්ථානය මාර්ග උපුටමින් ලංකාදීප පුවත්පත වාර්තා කර ඇත්තේ වසර විස්සකට අධික කාලයක් මරණ දඬුවම නියම වී සිටින පුද්ගලයන්ට ජීවිත සමාවක් ලබා දීමටත් වසර විසිපහක කාලයක් ජීවිතාන්ත සිර දඬුවම් විඳින්නට සාමාන්‍ය සිරකරුවකු ලෙසින් පොදු සමාවක් ලබාදී නිදහස් කිරීමටත් යෝජනා කර ඇති බවයි.

දැනටමත් මෙම සිරකරුවන්ගේ විස්තර සඳහන් නාම ලේඛනයක් වගකිය යුතු අංශ වෙත යොමු කර ඇතැයි ද සඳහන්ය.

අද වන විට බන්ධනාගාරවල පවතින අධික තදබදයට පිලියමක් ලෙස මෙම යෝජනා ඉදිරිපත් කර ඇත.

41,340 views

4 Comments to “ජීවිතාන්ත හා මරණ දඬුවම් විදින සිරකරුවන්ට පොදු සමාවක්.. ලයිස්තුව සකසා යවයි..”

  1. මහනුවර අක්‍රම් says:

    ඉඩ මදියි කියලා අපරාධකාරයින්ව සමාජෙට මුදාහැරියාම හරිද?….. එහෙමනං ඒත් එක්කම නීතියක් ගේන්ඩ ඕනේ ඇමරිකාවෙ වගේ අපිටත් කැමති විදියට ආයුධ ලඟ තියා ගන්ඩ පුළුවන් වෙන විදියට!

  2. අසංක says:

    පොහොට්ටු හෙන්චයියො ඔක්කොම ටික බේරාවි.රටට ගිය කලක්.

  3. Aruna says:

    ඔක්කොම ටික එලියට දැන්මනන් ඉවරයි නෙ…

  4. Padeniya says:

    අහිoසක දුමියා බේරගන්න කරන වැඩක් කිය කට කැඩිච්ච කතා කියනව එහෙම නෙමෙයි. ස එක්ක එවා බැ…………… හරිය.