මුතුරාජවෙල අක්කර 600ක් හෝටලයකට, ගෝල්ෆ් පිටියකට.. පරිසර අධ්‍යන වාර්තා අරඹයි..

December 1, 2020 at 6:48 pm | lanka C news
මුතුරාජවෙල අක්කර 600ක් හෝටලයකට, ගෝල්ෆ් පිටියකට.. පරිසර අධ්‍යන වාර්තා අරඹයි..

මුතුරාජවෙල හෝටල් සංකීර්ණයක් හා ගෝල්ෆ් පිටියක් ඉදිකිරීම සඳහා පාරිසරික අධ්‍යයන වාර්තාවක් සකස් කිරීමට මධ්‍යම පරිසර අධිකාරිය විසින් අවසර ලබා දී ඇත.

ඒ සඳහා වන සලකා බැලිය යුතු කරුණු සහිත ලිපිය මධ්‍යම පරිසර අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් මැල්වත්ත ප්‍රොපටීස් පෞද්ගලික සමාගම වෙත පසුගියදා යවා තිබේ.

එම ව්‍යාපෘතිය සඳහා විරෝධතා නොමැති බව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් මධ්‍යම පරිසර අධිකාරිය ලිපියක් එවීම පසුව මෙම අවසරය ලබාදී ඇත.

මැල්වත්ත ප්‍රොපටීස් පෞද්ගලික සමාගමට හිමි සින්නක්කර ඉඩම් අක්කර හයසීයක මෙම හෝටල් සංකීර්ණ ඉදිකරන අතර ඊට යාබද මුතුරාජවෙල අභයභූමියට හදාළ අයත් ඉඩම් කොටස් කිහිපයක් ද ඒ සඳහා යොදාගෙන තිබේ.

වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව, වන ජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව, වාරිමාර්ග දෙපාර්තමේන්තුව, ගොවිජන සේවා දෙපාර්තමේන්තුව ඇතුළු රාජ්‍ය ආයතන 16ක් මගින් කරන ලද විපරම් වලින් පසුව මෙම අවසරය ලබාදී ඇතැයිද වාර්තා වෙයි.

40,402 views

6 Comments to “මුතුරාජවෙල අක්කර 600ක් හෝටලයකට, ගෝල්ෆ් පිටියකට.. පරිසර අධ්‍යන වාර්තා අරඹයි..”

  1. Nawodhi says:

    The only way is to educate visitors about this disaster then nobody will come to stay in this hotel or to play golfs.

  2. බූරු පුතාණෝ සජියා says:

    ලංකාවේ අනාගත පරම්පරාවට ගස්කොළන් නැති මුඩු බිමක කොන්ක්‍රීට් කාන්තාරයක් උරුමකරල අපි මැරිල ගියාම උන් අපිට ශාපකරයි.

  3. sena says:

    නරකද ඔය හොටල් සංස්කෘතියෙන් මිදිලා එදා රජදරුවන් කලාවාගෙ රට බතින් බුලතින් ස්වයංපොසිත කරොත් ශ්‍රිලංකාව කොන්ක්‍රිට් වනාන්තරයක් නොකර

  4. බූරු පුතානෝ සජීයා says:

    ගොන් ටොයියො බොරුවට කැ ගහයි දැන්

  5. Opa-dupa says:

    මේ කොම්පැණිය අයිති කාරයා ඔය ඉඩම් පුරවන්න ගිහින් දැන් අවුරුදු 3 කට විතර ඉස්සර අත් අඩංගු වට ගත්තා . දැන් කොහොමද එම ඉඩමටම අනුමැතිය දෙන්නේ . මොකද මේ වෙන්නෙ .

  6. Open mind says:

    මුතුරාජවෙල අභය භූමියේ කොටස් කීපයකටත් අනුමැතිය. මොකටද නිකන් ඉරා ගන්නේ….ඔහේ අවසරය දෙමු නේද.

Main News