ගාල්ලේ ප‍්‍රදේශ කිහිපයක් ලොක්ඩවුන්…

December 6, 2020 at 12:02 am | lanka C news
ගාල්ලේ ප‍්‍රදේශ කිහිපයක් ලොක්ඩවුන්…

ඊයේ පස්වරුවේ සිට ගාල්ල නාගරික සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසය තුල පිහිටි ග්‍රාම නිලධාරි වසම් පහකට සංචාර සීමා පණවා ඇත.

මිලිද්දුව, මකුළුව, දේදුනුගොඩ උතුර, ඇත්තිලිගොඩ දකුණ, තලාපිටිය යන ග්‍රාම සේවා වසම් සඳහා මෙසේ සංචරණ සීමා පනවා තිබේ.

එම ප්‍රදේශයන්හි කොරෝනා ආසාදිතයන් වාර්තා වීම නිසා තවදුරටත් පැතිර යෑම වැළැක්වීමට මෙම පියවර ගෙන තිබේ.

එම ප්‍රදේශයන්හි පදිංචිකරුවන් විශාල පිරිසකට කොරෝනා පරීක්ෂණ පැවැත්වීමට සිදු වීමද සංචරණ සීමා පැනවීමට හේතුවකි.

එම පරීක්ෂණ ප්‍රතිඵල ලැබුණු පසු සංචාරන සීමා ඉවත් කිරීම ගැන අවසන් තීන්දුවක් ගැනීමට නියමිතය.

33,978 views
Main News