මහජන උපයෝගිතා කොමිසම ජනාධිපති ලේකම් අහෝසි කලේ මා දැනුවත්ව නොවේ..- ඩලස්
December 7, 2020 at 12:02 am | lanka C news
මහජන උපයෝගිතා කොමිසම අහෝසි කිරීම සම්බන්ධයෙන් තමන් දැනුවත්ව නොසිටි බව විදුලි බල අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා සඳහන් කරයි.
එම කොමිසම වසා දැමීමට පියවර ගන්නැයි ජනාධිපති ලේකම් පී බී ජයසුන්දර මහතා විසින් භාණ්ඩාගාර ලේකම්වරයාට උපදෙස් ලබා දෙමින් යොමු කරන ලද ලිපිය තමන් සමග සාකච්ඡා කර හෝ තමන් දැනුවත්ව යවන ලද ලිපියක් නොවන බවද ඔහු පවසයි.
යම් නියාමනයක් අවශ්‍ය බවද පවසන ඇමතිවරයා ඉදිරි කැබිනට් මණ්ඩලයේදී මේ සම්බන්ධයෙන් සාකච්ඡා කරන බවත් සදහන් කරයි.
එමෙන්ම අගමැති මහින්ද රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ ආකාරයේ සංශෝධන පමණක් සිදුවන බවද ඔහු කියා සිටියේය.
ඇමතිවරයා මේ බව කියා සිටියේ කොළඹ දී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.
බුලත් පයියට හෙනගහලා ඒක වාස්ප වෙලා ගිහිල්ල.
මේ යෝදය හුනු කිල්ලෝටෙට උනේ මොකක්ද දන්නෑ කියනවා!
ඩලස් අලහප්පෙරුම is a double agent who can believe and dirty cunning fox.
This man and Milinda Moragoda nominated by USA as world leaders.
This man only talent is MOTTE
You guys wanted a dictator. So why crying now.
ඔයා ට නෙමේ මහජනතාව රට භාර දීලා තියෙන්නේ ගෝඨාභයට ඔයා පාඩුවේ ඉන්න .