කෑගල්ලේ කොරෝනා ඖෂධය බෙදීම දිසාපති අත්හිටුවයි.. පොලීසිය වාර්තාවක් කැදවයි..

December 8, 2020 at 10:01 pm | lanka C news
කෑගල්ලේ කොරෝනා ඖෂධය බෙදීම දිසාපති අත්හිටුවයි.. පොලීසිය වාර්තාවක් කැදවයි..

කොරෝනා වෛරසය මර්දනය සඳහා කෑගල්ලේ ධම්මික බණ්ඩාර මහතා විසින් හඳුන්වා දී ඇති ඖෂධය බෙදාහැරීම අත්හිටුවීමට තීරණය කර තිබේ.

කෑගල්ල දිස්ත්‍රික් ලේකම් මහින්ද වීරසූරිය මහතා සඳහන් කරන්නේ සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් මේ සඳහා විධිමත් අවසරයක් ලබා දෙන තුරු තාවකාලිකව එම ඖෂධය බෙදාහැරීමේ කටයුත්ත අත්හිටවූ බවයි.

මේ සඳහා ධම්මික බණ්ඩාර මහතාද එකඟතාවය පළ කල බව ඔහු පැවසීය.

මෙම තීරණය ගන්නා ලද්දේ එම ප්‍රදේශයට අද දිනයේ විශාල පිරිසක් පැමිණ නිසා බවද දිස්ත්‍රික් ලේකම්වරයා සඳහන් කළේ ය.

අද පස්වරුවේ ධම්මික බණ්ඩාර මහතා ද තම නිවසේ දී කියා සිටියේ එම ඖෂධය බෙදාහැරීම අත්හිටුවීමට තීරණය කළ බවයි.

කෙසේ වෙතත් ඖෂධය නිෂ්පාදන කටයුතු තව දුරටත් සිදු කරමින් පවතින බවත් රජයේ අවසර ලැබුණු පසු එය විධිමත් ආකාරයෙන් බෙදා හැරීමට සූදානම් බවත් ඒ මහතා සඳහන් කළේය.

මේ අතර එම ස්ථානයට අද පැමිණි පිරිස් සම්බන්දයෙන් ප්‍රදේශය බාර පොලිස් නිලධාරීන්ගෙන් වාර්තාවක් කැඳවා තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ මහතා සඳහන් කරන්නේ වසංගත තත්වයක් ප්‍රකාශ කර ඇති තිබියදී කුමන හෝ කරුණක් සෞඛ්‍ය මාර්ගෝපදේශ උල්ලංඝනය කිරීමට කිසිවෙකුට හැකියාවක් නැති බවයි.

ඖෂධ බෙදා දීමේ වැඩපිළිවෙළ ගැන දැනුවත් වීමෙන් පසු එහි රාජකාරියට පොලිස් නිළධාරින් යෙදූවද බලාපොරොත්තු වූවාට වඩා විශාල පිරිසක් එකවර පැමිණි නිසා පාලනය කරගත නොහැකි තත්ත්වයක් ඇතිවු බවද ඔහු තවදුරටත් පැවසීය.

58,991 views

20 Comments to “කෑගල්ලේ කොරෝනා ඖෂධය බෙදීම දිසාපති අත්හිටුවයි.. පොලීසිය වාර්තාවක් කැදවයි..”

  1. පැණි මුට්ටි අරිෂ්ට චූර්ණ ගරිල්ලා මාකටින් says:

    හොඳ වෙලාවට මමයි ගෑනියි උදෙන්ම ගිහින් කාලේ බෝතල් හතරක්ම ගත්තා දෙපාරක් පෝලිමේ ඉඳලා. නිකන් දීපු එකේ දෙමළ පත්තරේ උනත් මොකෝ.

    ඕන කෙනෙක් ඉන්නවනම් කියහං, කාලක් 6000 ගානේ දෙනවා. කුරියර් කරලා ගෙදරටම ඒවන්නත් පුළුවන්.

    • බුද්ධි says:

      ඕකට අර මහා චා සුමනේ නිර්දේශ අනව ගන්ජා ටිකක් දාලා ගත්තහම තමා පදම එන්නේ.රිවර්ස් ප‌ෙත්තට එහා.

    • ක්‍රිමිනල් says:

      මගේ නන් ඕව ගැන කිසි විශ්වාසයක් නෑ. රතු තරුවෙන් කේරල ගෝ මුත්‍ර දන්සැලක් දෙනව කිව්වා. ඒකට යන්න ඉන්නේ.

    • RED BULL says:

      ගබ්සාව වැරදී උපන් ලකුණු.

    • බයියන්නට සුදර්ශන පැණිය පොවන කෙනා says:

      එතකොට අපේ පැණිය එපාද

    • කුඹුක්කණ් says:

      අඩු කුලේ පරයො දැකලා නැත්තං මෙන්න බලාගන්න

      (අඩු) බුද්ධි ඇන්ඩ් ගරිල්ලා හිගන්නා

  2. කලු සුද්දා says:

    පිටරටින් එන මිල අධික වැක්සීනයේ තැරැව් කාක්කන් විසින් පැණිය හදපු අයව හිරේ නොදැම්මොත් මේක සුද්දගෙ රටක් නෙමේ..

  3. Alapaluwa says:

    ගොන් බයියෝ ගාල කඩාගෙන ගියා. පුන්නක්කු ගන්න. ඔන්න වෙච්ච දේ.

    • ක්‍රිමිනල් says:

      බලන් ඉන්න බැරී හැත්ත තමයි මඩ ගහන්නෙ කොහොම නමුත් වෙදමහතා අපිට සම්පතක්
      අපේඋන් කකුලෙන් අදින්න නම් කියාපු බඩු….😭😭😭
      තොපිට පිස්සු තොපි මේ රට ගොඩ ගන්න කවදාවත් කමති නැහැ

  4. පොල් බූරුවා says:

    සුද්දගෙ වැක්සීනය ලංකාවට ගෙනැල්ල ගානක් සාක්කුවෙි දාගන්නකං ඔිකට අනුමැතිය දෙන එක කොහොම හරි අදින්න ඔින. මිනිස්සු මැරැනම අපිට මොකද.

  5. Kamal says:

    මේක නැවැත්තුවේ බටහිර වෛද්‍ය වරුන්ට වෙන ලැජ්ජාව නිසා. රටම දන්නවා මේ බෙහෙතට හොද වෙන බව. ඒ දැන දැනත් මේ සෙෘඛ්‍ය අමාත්‍යාංශයේ ඉන්න නිලධාරින්ට ලොකු ලැජ්ජාවක් තියෙනවා බටහිරට බෙහෙත් වලට මේක කරන්න බැරි නිසා. එකයි මේක නැවැත්තුවේ

  6. opps says:

    ඕකටත් කකුලෙන් අදින පාහර හැත්තට ගල් ගහමු.යකො සේරටම කලින් ජීවත් වෙලා ඉන්ඩ ඕන,හෙල දේ අගයන් නැති පිරිසක් ඉන්නවා. බෙහෙත් බෙදා හරින විට පරිස්සමින් ආරක්ෂිතව සිදු කරන්න.

  7. Karunadasa says:

    හෙළයින් විසින් සොයාගත් ඖෂධ වර්ග පාවිච්චි කරන අපේම හෙළයින් බේරාගෙන ලොවම ජයගැනීමට පුළුවන් හෙළ ට ජය තෙරුවන් සරණයි ඔබ තුමාට

  8. ratawasiya says:

    අනේ මෙහෙමත් බටහිරට වහල්වෙන්න සිදුවුනනේ.

    බුදුදහමේ ගොදක්දේ ඔප්පුකරන්න බැහැනේ විද්‍යාවෙන්.

    නමුත් තමන්කැමති ධර්මයක් අදහන්න පුළුවන් එකේ, අපිට කැමති ප්‍රතිකාර ක්‍රමයකට යන්න බැරිද.
    ඇයි ඔබතුමන්ලා රටේ නීතිය දල බදින්න හදන්නේ.
    උදාහරණයකට සෙන්ගමාලයට හෙලවෙදකමේ දෙන්නේ කැඳක් නොවේ, ඔබතුමන් බෙහෙත් කරන්නේ එහෙමනොවයි නේද?

Main News