මත්ද්‍රව්‍ය නිවාරණය ගැන ජනපති ලෝකය අමතද්දී තානාපති කාර්යාලයෙන් සුපිරි මත්පැන් සාදයක්..

September 24, 2016 at 4:05 am | lanka C news
මත්ද්‍රව්‍ය නිවාරණය ගැන ජනපති ලෝකය අමතද්දී තානාපති කාර්යාලයෙන් සුපිරි මත්පැන් සාදයක්..

ඇමරිකාවේ නිවුයෝක් නුවර පැවති එක්සත් ජාතීන්ගේ මහ සමුළුව අමතමින් ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා මෙවර ලෝකයට යෝජනා කලේ මත්ද්‍රව්‍ය නිවාරණය සදහා කැපවන ලෙසයි.

ජනාදිපතිවරයාගේ කතාවෙන් පසු ඇමරිකාවේ පිහිටි ශ‍්‍රී ලංකා තානාපති කාර්යාලය විසින් සමුළුව ආවරණය කිරීම සදහා ගිය මාධ්‍යවේදීන්ට හා දුත පිරිසට සාදයක් සංවිධානය කර තිබිනි.

එහි ඉස්තරම්ම වර්ගයේ මත්පැන්ද තිබීමෙන් මාධ්‍යවේදීන් මහත් පුදුමයට පත්ව ඇත්තේ තානාපති නිලධාරින් ජනාධිපතිවරයා එදින ලෝකය අමතා කල කතාව ගැන නොදැනුවත් වන්නට ඇතැයි සිතමිනි.

177 views
Main News