අයවැය පාටිය ගුටි කෙලියක් වෙයි.. මන්ත‍්‍රීවරයෙකුගේ ඔළුවත් පැලෙයි..

December 9, 2020 at 11:20 am | lanka C news
අයවැය පාටිය ගුටි කෙලියක් වෙයි.. මන්ත‍්‍රීවරයෙකුගේ ඔළුවත් පැලෙයි..

එලැඹෙන වසර සඳහා වූ අයවැය ජයග්‍රහණය කිරීමේ සතුට වෙනුවෙන් පැවැති මත්පැන් සාදයක් අවසානයේ එය ගුටිබැට හුවමාරුවක් දක්වා පරිවර්තනය වී ඇති බව අනුරාධපුරයෙන් වාර්ථා වේ.

මිහින්තලය පොලිස් වසමේ පිහිටීම නිවාඩු නිකේතනයක මෙය මත්පැන් සාදය පවත්වා ඇත්තේ ප්‍රාදේශීය සභා සභාපතිවරයකු ඇතුළු මන්ත්‍රීවරු 8 දෙනෙක් සහ තවත් නිලධාරීන් කීප දෙනෙකි.

සාදය මැද ඇතිවූ ගුටිබැට හුවමාරුවක් අතරතුර මන්ත්‍රීවරයකුගේ හිසට තුවාල වීමක් සමග සාදය අවසන් කර ඇත.

ගුටිබැට හුවමාරුව මැද මන්ත්‍රීවරයකු නාන තටාකයට ඇත වැටී හිස වැදීමෙන් තුවාල සිදුව තිබේ.

75,115 views

18 Comments to “අයවැය පාටිය ගුටි කෙලියක් වෙයි.. මන්ත‍්‍රීවරයෙකුගේ ඔළුවත් පැලෙයි..”

  1. වයි දිස් කොලවෙරි says:

    ජනතාවට යහපතක් කරන්න ලැබීමේ ප්‍රීතිය වෙනුවෙන් මුන් පාටිත් දාලා. කොච්චර හොද මිනිස්සුද.

  2. ක්‍රිමිනල් says:

    මෙව්වා ජාත්‍යන්තර කුමන්ත්‍රන ,සුද්දා අරක්කු ගෙනල්ලා , හෙල පුත්තු විනාශ කෙරුවා , දැන් උන් විස්කී ගහලා මරාගන්නවා. මොකටද විශ්කී ,බ්‍රැන්ඩී බොමු අපි කොත්ත මල්ලී.

    • ක්‍රිමිනල් -GE _GANI GE PUK GAHAMU says:

      හිරු බලයේ විජිත නොකවුට්.. අනුර දිසානායක පත් කරමින් රනිල් දැමූ කැබිනට් පත‍්‍රිකාව මෙන්න..

      • ක්‍රිමිනල් says:

        දෙවියන්ගේ අවතාරයක් වන යේසුස් වහන්සේට රෝම සොල්දාදුවො ඇන ගසනවා , එසේඇන ගැසුවේ යෙසූස් ගැලවුම්කාරයා බව නොදැන , දෙවියන්වහන්සේ ,ඔවුනට සමාව දෙනවා , එ නොදැනුවත්කමට . බුදුරජාණන්වහන්සේට දේවදත්ත ගල් පෙරලනවා , පරිභව කරනවා , එත් බුදුරජාණන්වහන්සේ ඔහුගේ නොදැනුවත් භාවයට සමාව දෙනවා , ඒ ඒකාලේ දැන් ඉන්නේ රොම සොල්දාදුවොවත් , දේවදත්තලත් නෙමේ ,දැන් දැන වලේ වැටෙන්නේ ,වැරදිකරන්නේ සවිඥානිකව.ඒ වගේ උන්ට ස්ලෙවෝ ජීජැක් (සීසැක්) කිව්වෙ නරුමයො කියලා .😏

        • aru says:

          Deviyan vahanseta avathaara hitiye ne. Umbala thamai naralova holman meveni avalan kathaa kiyanna. Kawruwath adahana deta avaman karanna. Nodanna magul kathaa nokara hitin. Ekko danna magulak kathaa karapan. Tho nam kiriminal avathaarayakma thamai.

      • Dilan says:

        උන්හිතන්නේ උන් බුදුන් වහන්සේ, දෙවියන් වහන්සේ කියල. පහු ගිය කාලේ වැඩ හිටියෙනම් අරලිය ගහ මන්දිරයේ බව කවුරුත් දන්නවා.

  3. අජානීය ඉස්කූටර් says:

    මහජන මුදල් වියදම් කිරීම වෙනුවෙන් සාද පැවැත්වීම. ” දේශපාලකයන් යනු කරුමක්කාර මහජනතාවගේ ජාති ණයකාරයන්ය.”

  4. Love nature says:

    මත්පැන් පානයකර ඉතා සුලුවෙලාවකින්ම හිස ප්‍රදේශයේ යම් ඉහිල් බවක් හෝ හිසේ බර ගතියක් දැනෙන්නට වන්නේ මෙම මත් පැන් ඉතා ඉක්මනින් මොලය කරා ගමන් කරන බැවිනි. මොලයේ ස්නායු සෛල අතර සහ ස්නායු සෛල සහ අනෙකුත් ශරීර කොටස් අතර සන්නිවේදන ක්‍රියාවලියේ වේගය අඩාළ කිරීම මෙහිදී සිදුවේ.

    එබැවින් ඉතා සුළු මත්පැන් ප්‍රමාණයකින් උවද කෙනෙකුගේ “හැඟීම්, තීරණ ගැනීම්, සමබර තාවය, මතකය, කථනය, කොපවිම ” ආදිය වෙනස් වන බව නිරීක්ෂණය කලහැක. සාමාන්‍යයෙන් වයස අවුරුදු 25 වනතෙක් ඔබේ මොලය වර්ධනය වේ. එහිදී මත්පැන් වලින් වැලකිසිටීම වැදගත් වන්නේ ආපසු හැරවිය නොහැකි හානි ඔබේ මොලයට සිදුවීමට ඉඩඇති බැවිනි.

  5. Love nature says:

    මත්පැන් වලින් විනාශ වීමට පෙර සිතන්න.

    1. වර්ධනය වන මොලයට මත්පැන් ඉතා විෂ සහිතය
    2. මත්පැන් වලට මොලයේ කොටස් සදහටම අකර්මන්‍ය කලහැක
    3. මුදල් සහ කාලය විනාශවීම.
    4. පව්ලේ සමගියට භාදා ඇතිවීම.
    5. මත්පැන් සමග අත්වැල් බැඳගෙන සිටින දුම්වැටි වලට, සුදූ ක්‍රීඩා වලට ඇබ්බැහි වීමට ඇති හැකියාව.

    ඔබේ මොලයේ දිගුකාලින ක්රියාකාරිත්වයටත් යහපත් මානසික හා ශාරීරික සෞඛයටත් වැදගත් වන්නේ මත්පැන් වලින් දුරස්වීම මිස එය වැළඳ ගැනීම නොවේ.

    • Rohan says:

      මත් පැන් වලින් මුකුත් වෙන්නේ නැහැ. මත් පැන් abuse (ඕනෙවට වඩා ගත්තොත්) තමයි ඕව වෙන්නේ.

      ජපානයේ මිනිස්සු හොඳට මත් පැන් බොනවා. ලෝකේ තියෙන දියුණුම ශිස්ටම අපරාද අඩුම රටක්.

      ඕනෙවට වඩා සීනි කෑම කෑවොත් ලෙඩ වෙනවා.

      ඕනෙවට වඩා වතුර බිව්වොත් විස වෙලා මැරෙනවා (water poisoning).

      ඉතින් ඕවා විහුලු කතා.

  6. RED BULL says:

    ඌට වෙදකම් කරන්න ප්‍රාදේශීය සභාවෙන් ප්‍රථිපාදන ලබා දී ඇත​.

  7. ගොන් බයියා says:

    ගොන් බයියන් වන අපගේ උත්තමාචාරය

    • ටොං ගොයියා says:

      අපි නම් ඔය දහජරාව කටේ තියන්නෙ නෑ. අපිබෝනෙ අපේ නායකතුමා කිව්ව පැකනිල් විතරයි

  8. Love nature says:

    අපේ හෙළබිම නැවත පංච සීලය රකින රටක් කරවමු සැමදෙනාම එක්වෙමු.

  9. Saman says:

    දැන් සැප ද…?

Main News