‘කුලියාපිටියේ වොක්ස්වැගන්’ මහා ඉඩම් මගඩියක්.. අලගිය මුලගිය තැන් සියල්ල හෙලි වේ..

February 3, 2017 at 9:20 am | lanka C news
‘කුලියාපිටියේ වොක්ස්වැගන්’ මහා ඉඩම් මගඩියක්.. අලගිය මුලගිය තැන් සියල්ල හෙලි වේ..

රජය විසින් මෑතකදී කුලියාපිටියේ ආරම්භ කරන ලද වොක්ස්වැගන් කර්මාන්ත ශාලාවේ ඉදිකිරීම් කටයුතු සදහා ලබා ගෙන ඇති ඉතා වටිනා පොල් ඉඩම ලබා ගෙන ඇත්තේ මහා බාරකාරයාටද වංචා කර බව ශ‍්‍රි ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා පවසයි.

මෙරට අක්‍ෂි රෝගීන්ට ප‍්‍රතිකාර ලබා ගැනීම සදහා උවමනා මුදල් ලබා ගැනීමට දානපතියෙක් විසින් සිය අන්තිම කැමති පත‍්‍රයෙන් මෙම පොල් ඉඩම පවරා තිබූ බවද කියා සිටි පීරිස් මහතා මහජන සුබසාධනයට පරිත්‍යාග කරන ලද ඉඩම අද සාක්කු පුරවා ගැනීමට යොදාගෙන ඇතැයිද කියා සිටියේය.

43 views
Main News