කෑගල්ලේ කොරෝනා ඖෂධය පරීක්‍ෂණ දෙකම සම්පූර්ණ සාර්ථකයි..- වතුපිටිවල රෝහලේ වෛද්‍යවරයා කියයි..

December 11, 2020 at 10:28 pm | lanka C news
කෑගල්ලේ කොරෝනා ඖෂධය පරීක්‍ෂණ දෙකම සම්පූර්ණ සාර්ථකයි..- වතුපිටිවල රෝහලේ වෛද්‍යවරයා කියයි..

කොරෝනා වෛරසය මර්දනය සදහා කෑගල්ලේ ධම්මික කුමාර මහතා විසින් හදුන්වා දී ඇති ඖෂධය තම රෝහලේ සිදු කරන ලද මූලික පරීක්‍ෂණණ වලදී ඉහල සාර්ථකත්වයක් පෙන්වූ බව වතුපිටිවල මූලික රෝහලේ මහජන සෞඛ්‍ය ඒකකයේ වෛද්‍ය ධම්මික කුමාර මහතා සදහන් කරයි.

බාහිර ඖෂධයක් ලබා ගැනීමට තම රෝහලේ ප‍්‍රතිකාර ලබන කොරෝනා ආසාදිතයන්ගේ ඉල්ලීම අනුව රෝහලේ ආසාදිත රෝගීන් 143කුට අදාළ ඖෂධය ලබා දීමට කටයුතු කළ බවද වෛද්‍යවරයා පැවසීය. එම පුද්ගලයන්ගෙන් 10 දෙනෙකු PCR පරීක්ෂාවට ලක් කල බවත් ඔවුන් දස දෙනාගේම වෛරසය ඉවත් වී ඇති බව හෙලි වූ බවත් ඒ මහතා සඳහන් කළේය.

එම ප්‍රතිඵලය මත සෞඛ්‍ය අමාත්‍ය පවිත‍්‍රා වන්නිආරච්චි මහත්මියගේ අවසරය මත ආසාදිතයන් 50 ක නියැදියක් සමාන කාණ්ඩ 2කට බෙදා 25 දෙනකුට එම ඖෂධ ලබා දුන් බව පැවසූ වෛද්‍යවරයා අනිත් 25 දෙනාට ඒ හා සමාන පැණියක් ලබාදුන් බවද පැවසීය.

අනතුරුව ඔවුන්ගේ ජීව සාම්පල පරීක්ෂණ සඳහා මහරගම රෝහලටත් ජාතික වෛද්‍ය පර්යේෂණ ආයතනයටත් යොමු කළ නමුත් නියමිත පටිපාටියෙන් බැහැර බව කියමින් වෛද්‍ය පරීක්ෂණ ආයතනය පරීක්‍ෂණ සිදුකිරීම ප්‍රතික්ෂේප කල බවද ඔහු පැවසීය.

නමුත් මහරගම රෝහලට ලබාදී තිබු ජීව සාම්පල 32 තුල තිබූ අසාදිතයන් 16 දෙනාගේ කොරෝනා වෛරස ඉවත් වී තිබූ බවත් වෙනත් පැණි ලබා දුන් දෙදෙනෙකුද සුව වී තිබූ බවත් වෛද්‍යවරයා තව දුරටත් සඳහන් කළේය

68,918 views

18 Comments to “කෑගල්ලේ කොරෝනා ඖෂධය පරීක්‍ෂණ දෙකම සම්පූර්ණ සාර්ථකයි..- වතුපිටිවල රෝහලේ වෛද්‍යවරයා කියයි..”

  1. ලොලිපොප් මොංගල් says:

    ඔය antigen test kit ගෙන්පු අය, බටහිර බෙහෙත් ඔිඩර් කරල ලෙඩෙි රටටම පැතිරෙනකං බලං ඉන්න අය, බෙහෙත් වලින් කොමිස් ගන්න බලන ඉන්න දොස්තරල මෙික පිටිපස්සෙ අැති.මෙි වෙලාවෙ ජනාධිපති මෙි mafiya එකට විරැද්ධව කඩුව ගන්න ඔින.

  2. ගමේ මිනිහා says:

    බෙහෙත පිටරටින් නොගෙනාවොත් මළගිය දොස්තර පරාණකාරයෝ දහස් ගනනින් කෝප වෙයිද දන්නේනෑ…
    මුංට ඒරොප්පේ ගිහිල්ලා තටමලා තටමලා ඉගෙනගෙන මහලොකු ලැබ් අස්සේ ඉඳන් හරිහමං බේතක් හදාගන්න බැරිවුනා අවුරුද්දක් යනකං, ඕය මෙලෝ හත් ඉලව්වක් දන්නේනැති මිනිහෙක් ගහට කොලට ලංවෙලා වැඩේ ගොඩදැම්මාම ඇතිවෙන ලැජ්ජාව වහන්න පරාණබිලි කීයක් ගනීද?

  3. Kalana says:

    ඉරිදා වෙද්දී තීරණය දෙනවා කිව්වා නේද? නැකත තවම ලබල නැතිව ඇති, කුහක හැත්ත
    රාජපක්ෂලාට උදව් කරපු අය‍ට හම්බ කරගන්න අවස්තාවක් නැති උනොත්, හරි වැඩේ.

Main News