ලංකාවේ සියළු සංඝයා ඝාතනය කල යුතු යයි කාල්ටන් ධර්ම දේශනාවේදී කිවුවේ යයි නඩු දමයි.. දේශක හිමිට, අගමැතිට, ඇමති නාමල්ට චෝදනා..
December 14, 2020 at 3:00 pm | lanka C news
තංගල්ල කාල්ටන් නිවසේ පැවති ධර්ම දේශනාවක දී එහි දේශකයන් ලෙස සහභාගි වූ භික්ෂූන් වහන්සේ නමක් ධර්මය අධර්මය ලෙස දේශනා කරමින් ධර්මය විනය කැඩුවේ යැයි චෝදනා කරමින් තංගල්ල මහාධිකරණයේ නඩු පවරා තිබේ.
පූජ්‍ය ඔ්මල්පේ සෝභිත හිමියන් ඇතුළු පිරිසක් විසින් තංගල්ල මහාධිකරණය පසුගිය 07 වනදා මෙම නඩුව පැවරූ බව අද පැවැති මාධ්‍ය හමුවකදී කියා සිටියහ.
එමෙන්ම එහි විත්තිකරුවන් ලෙස ක්‍රීඩා ඇමති නාමල් රාජපක්ෂ රාජ්‍ය අමාත්‍ය ආචාර්ය යන අයට ද මෙම නඩුවේ චෝදනා ගොනු කර ඇත.
මාධ්‍ය හමුවෙන් පසුව නිකුත් කර ඇති නිවේදනය මෙසේය.
තංගල්ල කාල්ටන් නිවසේ පැවැති ධර්ම දේශනයට දේශකයෙක් වශයෙන් චිත්තගල්ලේ ආන්නදසිරි සහභාගි වෙමින් ධර්මය විනය කැඩිමට අනුග්‍රහා දැක්වමින් කරන ලද විකෘති ධර්ම දේශනය සම්බන්ධව චිත්තගල්ලේ ආන්නදසිරි, ක්‍රිඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ හා රාජ්‍ය අමාත්‍ය ඩි වි චානක මහතා යන අයට ද. එම ධර්ම දේශනයේ දි ධර්මය අධර්මය ලෙසත්, අධර්මය ධර්මය ලෙසත් දේශනා කරමින් සිදු කරන ලද ශාසනික අපරාධය සම්බන්ධයෙන් තංගල්ල මහ අධිකරණය පිහිට පතන ලදි.
එම ධර්ම දේශනයේ විඩියෝ පටියක් මාධ්‍ය ඉදිරියේ විකාශනය කරමින්, බුදු හාමුදුරුවෝ හිතක් පපුවක් නැති, පවුල් සංස්ථා කඩා බිද හෙළන, කිසිම සමාජ විඥානයක් නැති කෙනෙක් හැටිය එම ධර්ම දේශනයේ දි හදුන්වා දෙයි.
මෙම කාරණය සම්බන්ධයෙන් තෛනිකායක මහනායක හිමිවරුන්,බුද්ධ ශාසන අමාත්‍යවරයා, බුද්ධ ශාසන කොමසාරිස් තුමා ඇතුළු පාර්ශව කිපයක් වගකිව යුත්තන් ලෙස නම් කර ඇත. චිත්තගල්ලේ හිමියන් බුදුන් වහන්සේට එයා මෙයා කියා ආමන්ත්‍රණය කරන බව පුජ්‍ය රන්පත්විල විමලරතන නා හිමියන් පෙන්වා දුන්නේය.
මේ රට ගොඩනගන්න නම් දැනට ලංකාවේ සිටින සියලු භික්ෂුන් වහන්සේලා ඝාතනය කළ යුතු බවත් ප්‍රකාශ කිරිමෙන් භික්ෂුන් වහන්සේ නමක් විසින් එවැනි ප්‍රකාශයකින් පරාජිකා වන බවයි. මනුෂ්‍ය ඝාතනය කිරිම හෝ ඒයට අනුබල දිම භික්ෂුවක් විසින් කළ නොකළයුත්තකි.
චිත්තගල්ලේ ආනන්දසිරි යන චිවර හිමියන් විසින් බුදුන් වහන්සේට. බුදු දහමට එකග නොවන අයුරින් ද ථේරවාදි භික්ෂුවක් ලෙස පෙනි සිටිමින් බුද්ධ දර්ශනය විකෘති කර දහමට නොගැලපෙන අයුරින් ධර්මය දේශනා කිරිම භික්ෂුවක් පාරාජික වන බව පුජ්‍ය ඕමල්පේ සෝභිත නාහිමියන් කියා සිටියහ.
මේ සම්බන්ධයෙන් ඕමල්පේ සෝභිත නාහිමියන් ඇතුළු මහ සංඝරත්නය ද නීතිඥයන්ගේ ද සහය ඇතිව තංගල්ල මහඅධිකරණයට පසු ගිය 2020.12.07 වන දින නිතිඥ පියරත්න බණ්ඩාර මහතාගේ නිති උපදෙස් මත නඩුවක් ගොනු කර ඇත.
ධර්මය අධර්මය ලෙසත්, ධර්මය අධර්මය ලෙසත් දේශනා කරන බව මෙම නඩුවෙන් ඔප්පු කිරිමට බලාපොරොත්තු වෙයි. මෙම චිත්තගල්ලේ ආන්නදසිරි හිමියන් පිළිබදව උන්වහන්සේට අදාළ මහනායක හිමිවරුන්ට ද ත්‍රෛනිකායික මහානයක හිමිවරුන්ද දැනුවත් කර ඇත . එහෙත් උන්වහන්සලා ගෙන් කිසිම පිළිතුරක් නොලැබෙන නිසා අපට අධිකරණයේ පිහිට පතන්න සිදු වුනු බව වැඩි දුරටත් ඕමල්පේ නාහිමියන් කියා සිටිහ.
ජාතික විද්වත් සංඝ සභාව විසින් සංවිධානය කරන ලැබු මෙම මාධ්‍ය හමුවට ජාතික විද්වත් සභාවේ සභාපති රාමඤ්ඤ මහා නිකායේ දක්ෂින ලංකාවේ ප්‍රධාන සංඝනායක ආචාර්ය ඕමල්පේ සෝභිත නාහිමි.ජාතික සංඝ සම්මේලනයේ සභාපති ශාස්ත්‍රපති පුජ්‍ය රජවත්තේ වප්ප නාහිමි,ශාස්ත්‍රපති පුජ්‍ය රන්පත්විල විමලරත්න නා හිමි. ශාස්ත්‍රපති පුජ්‍ය වාද්දුවේ ධම්මවංස නාහිමි මෙම මාධ්‍ය හමුවට සහභාගි විය.
බුදුගල ජිනවංස හිමි
ජාතික විද්වත් සංඝ සභාව
මාධය සම්බන්ධිකාරක
සොබිත සදුත් ඉතින් නෝටි වැඩ කරමින් දේශපාලනය කළා නොවේද? ඒ මදිවට බුදු ගල ජිනවංස නම් කවුරුත් දන්නවා මොන මොන දේ කරන කෙනෙක් ද බව.
ඔවැනි සාසනයට නිගා කරන දේ අනන්තයි අප්‍රමාණයි.නමුත් ඕමල්පේ හිමිට මේවා පෙනිලා තියෙන්නේ හරියටම කාල්ටන් නිවසේ වුන නිසාද?.ඵ්කනේ පුදුමේ.
රටේ ලොකුම ලොක්කගේ ගෙදර මෙවැනි දේ සිදු වෙද්දී රටේ අන්ස්ථාන වල සිදුවන දේ ගැන කවර කතාද ?
මේ හාමුදුරුවො හෙළය කා වතුර බිවූ හිමි නමක්.රතන හිමි හා මේ සෝභිත හිමිත් පච රණවකත් එකම බෝට්ටුවේ.සාදු,සාදු. ල්
භික්ෂූන් වහන්සේලා බණ දෙසන්නේ තැනට ඔබින ලෙස නේද ?
ඔය හාමුදුරුවෝ හෙම තෙනම බණ කියන්නෙ ඔහොම තමයි සෝබිත හාහාමුදුරුවන් ට පෙනුණේ නාමල් රාජපක්ෂ ට බණ කියන එකක්
පුදුම වෙන්න දෙයක් නෙහෙ මේ උන්නාන්සෙයි රතන හිමි යි පාට්ලි චම්පික ගෙ ගෝලයො
honda hamuduruwata erehiwa nadu danne ethi
businesyata karayanta deshapalanaya karana ayata awul nisa neh
මේ හාමුදුරුවෝ පුදුම වාතයක්…..යහපාලනය එක්ක එකතු වෙලා රට කා ල , පාටලී , කරැනාරත්න පරනවිතාන වගෙ තක්කඩියෙක් එක්ක ඩීල් ගහල පිස්සු දොඩවනවා…යහපාලනය කාලයෙ දෙව්ලොව ගිහින් දැං ආයෙ වැ ඩල පිං ඉවරවෙලා….මෙදදෙක තුනක් කරල කුට්ටමක් කඩාගෙන මාරැවෙයි…..සාසනෙ විනාස කරන ගනින්නාන්සේලා .
හැබැයි මේ කොයි ලොක්කත් අර රහත් වෙච්ච පිටිදූවේ සිරිධම්ම බුවාට බයයි…. “පුට්ඨ නැඛේ” ගහගෙන පසු බසින්නෙ..