වතුපිටිවල රෝහලේ වෛද්‍යවරයෙක් ඇතුළු 10කට කොරෝනා.. කෑගල්ලේ කොරෝනා ඖෂධය පරීක්‍ෂණ කලේ එහියි..

December 15, 2020 at 11:20 am | lanka C news
වතුපිටිවල රෝහලේ වෛද්‍යවරයෙක් ඇතුළු 10කට කොරෝනා.. කෑගල්ලේ කොරෝනා ඖෂධය පරීක්‍ෂණ කලේ එහියි..

ගම්පහ වතුපිටිවල මූලික රෝහලේ වෛද්‍යවරයකු ඇතුළු කාර්යමණ්ඩලයේ 07 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇත.

රෝහල් පාලනාධිකාරිය සඳහන් කරන්නේ මේ හේතුවෙන් එහි 10 වාට්ටුය විෂබීජහරණය ට කටයුතු කර ඇති බවයි.

ආසාදිතයන් අතර හෙදියන් දෙදෙනෙක්, සුළු සේවකයන් තිදෙනකු, සහ ගිණුම් අංශයේ නිලධාරිනියක් ද වෙයි.

කොරෝනා සදහා ඖෂධයක් නිපදවූ ධම්මික බණ්ඩාර මහතාගේ එම ඖෂධය ආසාදිතයන්ට ලබාදී මේ මුල්ම පරීක්ෂණය සිදු කළේ මෙම රෝහලේ දී බව ඒ මහතා පැවසූ අතර එහි ආසාදිතයන් 100%ක් සුව වූ බවද ඔහු පැවසීය.

68,382 views

28 Comments to “වතුපිටිවල රෝහලේ වෛද්‍යවරයෙක් ඇතුළු 10කට කොරෝනා.. කෑගල්ලේ කොරෝනා ඖෂධය පරීක්‍ෂණ කලේ එහියි..”

  1. kavirathna says:

    සින්හලයා මෝඩයා කිව්වේ කව්ද?

  2. වතුපිටිවල දොස්තරලටයි, හෙද කාර්‍ය මන්ඩලයටයි පැණිය දුන්නේ නැහැනේ. ඔන්න පවිත්‍රා දේවියටයි, කතානායක තුමාටයි හැදුනනම් ඒ ගැන යමක් කියන්න තිබුනා. විපක්සේ එවුන් පැක්නිල් ගහලා පිස්සු ඩබල් වෙලා ඉන්නේ මොලේ විකාරෙ හැදිලා. උන් කියනදේ අහන්න එපා මේ වෙලාවේ. පරික්ශන වාර්තා ආවගමන් බෙදන්න ලෑස්තියි නොමිලේම.

    • ක්‍රිමිනල් says:

      බොහොම පරිස්සමට නිරීක්ශණය කරද්දී පෙනෙන දෙයක් තමයි ඇන්ටිජන් මෑන්ගේ කෑම්පේන් එක රන් කරන්න සැහෙන්න පිරිසක් දර දිය අදින බව , හැබැයි එකත් හොදයි , ප්‍රොඩාව වහගන්න එක එක වෙලාවට ,එක එක කතා කියද්දී ,සත්‍ය කියන ප්‍රත්‍ය ඉබේම මතුවෙනවා , මෙකත් හරියට ස ‘කියුලර් ෆේල් ,කියද්දී ,ගුරාජ් ,ඇන්ටිජන් මෑන්ගේ හබ් එක ඇතුලු නඩය ,ස’කියුලර් ෆේල් නෑ කියලා හත්පොලේ ගාගත්තා වගේ කතාවක්.

      අපිට කියන්න තියෙන්නේ අපි හරි කැමතියි උබලා වගේ මීහරක් ,රටත් ,ලෝකයත් ඉස්සරහ ,වචනයේ පරීසමාප්ත අර්ථයෙන්ම මීහරක් කියලා ,උබලා විසින්ම ඔප්පු කරගන්න එක. 😂😂😂😂

      • අනේ -කේ says:

        ඒක තමයි මාර උනන්දුවෙන් පරීක්සනේ
        කොරන්න ඇති නේද බන්? 😀
        පිනි බායි මොලේ පරිස්සන් කොර ගනින් ඈ. මොකද උඹ මලොත් බෙයියොත් අනාතයි. 😀😁😂

      • Kiribanda says:

        බාස්ගේ පැණිය උස්සගෙන දුවපු ගම්පහ රෝහලේ දොස්තර අරුණ මුණසිංහයි , කොළොඹ ජාතික රෝහලේ සමින්දි සමරකෝන් නෝනටයි දැන් මොකද වුනේ. බාස්ගේ රෙද්ද ගැලවෙනකොට මුන් හෙමින්ම මාරු, අපි දන්නා තරමට පැණිය බීපු අයටත් කොරෝන හැදිලා

  3. චාරයක් නැති කතා නවතා ඇත්ත සොයා බලන්න.
    වතුපිටිවල අංක 10 වාට්ටුව corona ward එක නෙමෙයි .
    Corona ward එකේ කාටවත් Corona හැදිලා නෑ.ඒකයි ඇත්ත .
    කුලියට කහින එක නවතා විමසිල්ලෙන් බලන්න.

    • ඔඩ්ඩි යකා says:

      හිටපු ගමන් උඩින් පාත්වුනු පින්ගුත්තරයා නොහොත් බැන්කු හොරා පාට අණුව බෙහෙත සඳහන්කල එන්ජිල් ඔයිල් බෙහේත බීම ප්‍රතික්ශේප කල අයට එය වැළඳී ඇත.

  4. Ravana parapura says:

    දැනට වසර 6000 කටත් වැඩි ඉතිහාසයක් හිමි අපේ දේශීය වෙදකම, ගස්, වැල්, ගල්, පස්, ජලය, සුළඟ ආදී සැමකෙකම ඇති ගුණය විමසා බලා අත්හදා බලා ඒවා උපයෝගී කර ගනිමින් සැකසුන වටිනා වෛද්‍ය ක්‍රමයකි යන්ත්‍ර, සූත්‍ර, වාහන ආදී කිසිවක් නැතිව තිසාවැව, බලලුවැව, කලා වැව වැනි මහා ජලාශ ද, රුවන්වැලි සෑය, ජේතවනාරාමය, දෙමළ මහා සෑය වැනි යෝධ දාගැබ් ද ඉදිකිරීමටත්, එළාර, දුටුගැමුණු යුද්ධය වැනි සටන් කිරීමටත් කායික හා මානසික ශක්තිය ලබාගත්තේ එදා අපේ දේශීය වෙදකමේ තිබූ හාස්කම් නිසාමය. ඒ ඒ රෝගයට යෝග්‍ය අයෝග්‍ය කෑම බීම, විහරණ ක්‍රම ආදිය ගැන එදා සිංහලයා දැන සිටියේය.

Main News