කොරෝනා රෝගීන්ට දේශීය, ආයුර්වේද ප‍්‍රතිකාර සූදානම්.. ආසාදිතයන් ආයුර්වේද රෝහල්වලට කැදවයි..

December 18, 2020 at 10:25 pm | lanka C news
කොරෝනා රෝගීන්ට දේශීය, ආයුර්වේද ප‍්‍රතිකාර සූදානම්.. ආසාදිතයන් ආයුර්වේද රෝහල්වලට කැදවයි..

ආයුර්වේද වෛද්‍ය නිලධාරීන් සහය ලබාදෙන්නේ නම් කොරෝනා වෛරස ආසාදිතයන්ට දේශීය හා අයුර්වේද වෛද්‍ය ප්‍රතිකාර ලබාදීමට සූදානම් බව දේශීය වෙදකම් ප්‍රවර්ධන, ග්‍රාමීය හා ආයුර්වේද රෝහල්් සංවර්ධන හා ප්‍රජා සෞඛ්‍යය රාජ්‍ය ඇමති සිසිර ජයකොඩි මහතා පවසයි.

රජයේ ආයුර්වේද වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ 17 වන වාර්ෂික මහා සම්මේලනය හික්කඩුවේදී අමතමින් ඔහු මේ බව පැවසීය.

කොරෝනා වසංගතය බටහිර වෛද්‍යවරුන්ගේ ලෙඩක් කියා ඔවුන් විසින් එය බෙදා ගෙන සිටින බව ඇමතිවරයා චෝදනා කළේය.

දේශීය වෛද්‍යවරුන්ට ප්‍රතිකාර කිරීමට ඉඩ නොදී බටහිර වෛද්‍යවරුන් විසින් එම රෝගීන් අල්ලාගෙන සිටින බවත් ඔහු පැවසීය.

මෙරට ඇති අායුර්වේදී රෝහල් පද්ධතියට කොරෝනා ආසාදිතයන්ට පැමිණෙන්නැයි ආරාධනා කරන බව ද ඇමතිවරයා සඳහන් කළේය.

එසේ පැමිණෙන ආසාදිතයන්ට ආයුර්වේද ප්‍රතිකාර ලබාදීමට සූදානම් බවද කී ඔහු මෙරට මේ තරමින් හෝ නිවී ඇත්තේ දේශීය ඖෂධ වලින් බවද පැවසීය.

27,707 views

17 Comments to “කොරෝනා රෝගීන්ට දේශීය, ආයුර්වේද ප‍්‍රතිකාර සූදානම්.. ආසාදිතයන් ආයුර්වේද රෝහල්වලට කැදවයි..”

  1. pro criminal says:

    This is the level of ministers who run this country.
    What an idiotic statement.

    Sirisena is 1000 times better than this type of fellows.

    • wijebahu says:

      Indeed brother, even with issues previous government was much more progressive. this government is taking SL to tribal era by just selling the name of nationalism.

    • SL says:

      The cleaver doctors should find a solution for deaths and spreads if they oppose this proposal.

    • Leyon Ma says:

      What is wrong with his syatement ? Do the western practioners have any proven cure for Covid -19 ? Didn’t we have our own system of medication long before these invaders brought in their trial and error medications ? Are you a western medicine practitioner ? Worried about losing big commissions and bonanzas received from big pharma companies ? Sad.!

  2. මහජනයා says:

    ඔය සාමාන්‍ය ආයුර්වේද බෙහෙත් වලත් සාමාන්‍ය බලයක් තියනව . එත් අපට අවශ්‍ය වෙන්නේ සුපිරි සාදික්කා පැණිය විතරමයි . තරහ ගන්න එපා ඇමතිතුමා අපි හරි අහිංසක මිනිස්සු .

  3. කාලිගේ මිනිහා says:

    කාලිගේ කතා ඉවසන්න පුළුවන්..එකඑකාට පක්කාලි කරක පක්කාලින්ගේ කතා තමා ඉවසන්න අමාරැ

  4. Jepi buster says:

    බයියො කාලි ගෙන් අහගෙන අවුෂධ පැණියක් හැදුවා.
    ජෙප්පො කාල් ගෙන් අහගෙන 90,000ක් මිනී මැරුවා.

  5. ගෟරවණීය උපහාරය.! says:

    අපේ දේශීය වෙදකමට හිමි තැන වෙුවෙන් සටන්වදින කැපවුන සිසිර ජයකොඩි මහතාට අපේ ගෟරවණීය උපහාරය.!

  6. කාලිගෙ අප්පා says:

    මූ තමයි ධම්මික පෙරූ කාලි අම්මගෙ පැණියෙ නිර්මාතෘ. මූ ඡන්දෙට වියදම් කරපුව හොයා ගන්න ෆුල් ට්‍රයි.

  7. Billa says:

    බටහිර දොස්-තරලා කොරොනා බෙදාගෙන නොවේ ඔවුන් කොරොනා බදාගෙන ඉන්න බවයි පෙනෙන්නේ. රෝගින් කැමති වෛද්‍ය ක්‍රමයකින් ප්‍රතිකාර ගැනීමට නිදහසක් තියන

  8. Sweden Doc says:

    ඔන්න ඉතින් මෙකෙ වැලලෙන්න හදන ගොබ්බයන්ට හොඳම චාන්ස් එකක්. කට්ටිය එක්ක යන්න යි කියන්නේ.

  9. සිරි says:

    මේ යකා පුදුම හීන මානයකින් පෙලෙන කෙනෙක්. ඇමති වුනාට. ඔහුට අනුකම්පා කරන්න.

  10. Modaya says:

    This government is totally confused. Who is in charge here ?