යාපනය එලවලු මාකට් කොරෝනා පොකුර තවත් ඉහලට…

December 20, 2020 at 5:30 pm | lanka C news
යාපනය එලවලු මාකට් කොරෝනා පොකුර තවත් ඉහලට…

යාපනය උඩුවිල් මරදනාමඩම්හි පිහිටි එලවලු පොදු වෙළඳපොලේ කොවීඩ් වෛරසයේ අසාදිත පොකුර සීග්‍රෙයන් වැඩී වී ඇති අතර මේ වන විට කොවීඩ් ආසාදිතයින් 88 දෙනෙකු වාර් ථා වී ඇති බවට උතුරු පලාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ඒ. කේදීස්වරන් මහතා පවසා සිටියි.

මේ වන විට කොරෝණා ආසාදිතයින් සමීපව ඇසුරු කරන ලද පුද්ගලයින් යාපනයේ තෙලිප්පලෙයි, ඉලවාලෙයි, මල්ලාකම් අලවෙඩ්ඩි යන ප්‍රදේශයෙන්හි පිහිටුවා ඇති නිරෝධායන මධ්‍යස්ථාන වෙතට යොමු කොට ඇත.

පසුගිය 11 වනදා මරදනාමඩම් පොදු වෙළඳපොළේ එලවලු ප්‍රවාහනය කල ත්‍රී රෝද රථ රියදුරෙකුට පළමුව කොවීඩ් වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වීමෙන් පසුව ඔහුගේ පවුලේ මව , පියා, දියණිය ඇතුලු පිරිස් වලටද කොවීඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බවට සිදු කරන ලද පී.සී.ආර්. පරික්ෂණයන් වලදී අනාවරනය විය.

අනතුරුව වෙළඳපොළේ වෙළෙන්ඳන්ගෙන් හා ඇසුරු කරන ලද පුද්ගලයින් 26 දෙනෙකු කොවීඩ් වෛරසය ආසාදනය වී ඇති බවට පසුගිය 14 වනදා වන විට හඳුනාගත් අතර ඉන් පසුව සිදු කරන ලද තවත් පී.සී. ආර් පරික්ෂණයන් වලදී ආසාදිතයින් ප්‍රමාණය 88 දක්වා මේ වන විට වැඩි වී ඇත.

පවතින තත්වය අනුව යාපනයේ වැසියන්ට පූර් ණ සෞඛ්‍ය ආරක්ෂිත පියවර අනුගමනය කරමින් හැකිතාක් ආරක්ෂිතව නිවෙස් වෙතට වී සිටින ලෙසටද යාපනයේ මහජන සෞඛ්‍ය පරික්ෂඛ වරුන් වැඩි දුරටත් ඉල්ලා සිටිති.

– වන්නි රොමේෂ් මධුෂංඛ

11,245 views

2 Comments to “යාපනය එලවලු මාකට් කොරෝනා පොකුර තවත් ඉහලට…”

  1. බූරු පුතාණෝ සජියා says:

    කාලි කියන්නෙ හින්දු ආගමේ දේවියක්. ලංකාවේ දෙමළ මිනිස්සු පලිගන්න යන්නෙ මුන්නේශ්වරම් කාලි දේවාලයටයි. කාලි මන්ත්‍රය කියල ලු පලිගහන්නෙ.

    ඕම් ජයන්ති මංගල කාලී භද්‍රකාලී කපාලිනී
    දුර්ගා ක්සමා සිවා ධාත්‍රී ස්වාහා ස්වාධා
    නමෝස්තුතේ.

  2. Ravana parapura says:

    ඉක්මන් කර හෙළ ඔසුව බෙදා හරින්න.