කවුරු මොනවා කියුවත් ගුවන් තොටුපල ඇරලා සංචාරකයන් ගෙන්වනවා..

December 20, 2020 at 1:20 pm | lanka C news
කවුරු මොනවා කියුවත් ගුවන් තොටුපල ඇරලා සංචාරකයන් ගෙන්වනවා..

කවුරු කොහොම මොනවා කියුවත් සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව ගුවන්තොටුපල හා සංචාරකයන් සඳහා රට විවෘත කරන බව සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි.ඔහු අවධාරණය කලේ මීට අදාල සාකච්ඡා අවසන් අදියරේ පවතින බවයි.

බෙන්තොට සංචාරක කලාපයේ ඉදිකෙරුණු ‘සුලක්නා’ සංචාරක නිකේතනය, දිවා රාත්‍රී වොලිබෝල් ක්‍රීඩාංගනය හා  ‘සයුර ඉම’ විවේකාංගනය දෙස් විදෙස් සංචාරකයන්ගේ පරිහරණයට පත් කිරීමේ උත්සවයට සහභාගී වෙමින් ඇමතිවරයා මේ බව සඳහන් කලේය.

ගුවන්තොටුපල හා රට සංචාරකයන්ට විවෘත කිරීම සඳහා රජය ගන්නා උත්සහය විපක්ෂය තිගැස්මකට ලක් කර ඇති බවත් මේ නිසා ඔවුන් ජනතාව තුල බොරු බියක් ඇති කරමින් තිබෙන බවත් පෙන්වා දුන් ඇමති ප්‍රසන්න රණතුංග විපක්ෂයට ආණ්ඩුවේ ගමන නතර කල නොහැකි බවද අවධාරණය කලේය.

මෙහිදි වැඩිදුරටත් අදහස් දැක් වූ ඇමති ප්‍රසන්න රණතුංග මහතා මෙසේද කීවේය.

‘’ මාර්තු මාසයේ දී ගුවන්තොටුපල වැහුවාම විපක්ෂය කිව්වේ ගුවන්තොටුපල වහන්න පරක්කු වුනා කියලයි.ඊට පස්සේ විදෙස්ගත ශ්‍රී ලාංකිකයෝ ලංකාවට එන්න ඉල්ලනකොට ගුවන්තොටුපල විවෘත කරන්න කියලා විපක්ෂය බොරුවට කෑගැහුවා.ආණ්ඩුව විධිමත් විදියට විසේගත ශ්‍රමිකයෝ ගෙන්නගන්න ක්‍රමවේදයක් හදපුවාම ඒ එන අයගෙන් කොවිඩ් ආසාදිතයෝ වාර්තා වෙන්න හම්බුනාම ඔන්න ‘’රටවිරු පොකුරු‘’ හැදෙනවයි කියලා විපක්ෂයෙ උදවිය කිඹුල් කඳුළු හෙලුවා.පහුගිය කාලේ විපක්ෂ නායකතුමා ඇතුළු නඩය පාර්ලිමේන්තුවේදිත් ඉන් පිටතදීත් කිව්වේ සංචාරක ක්ෂේත්‍රයේ ඉන්න අය පීඩාවට පත්වෙලා ඉන්නවා කියලයි.අපි ඒ අයටත් සහන සලසලා සංචාරක වයාපාරය නැවත සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව ක්‍රමානුකූලව අරඹන්නත්,ගුවන්තොටුපල විවෘත කරන්නත් හදනකොට දැන් කියනවා සංචාරක පොකුරු හැදෙයි.සංචාරකයෝ රටට එන්නේ නෑ කියලා.මේ රටේ විපක්ෂයට ඕනෑ රට තුල කොවිඩ් වැඩිවෙනවා දකින්නයි.ගුවන්තොටුපල වහලා සංචාරකයන්ට රට වහලා තවදුරටත් මේ රටේ ආර්ථිකය බිඳ වැටෙනවා දකින්නයි.විපක්ෂයේ සිහින සැබෑ කරන්න ආණ්ඩුවේ අපි සූදානම් නෑ.ඒ නිසා කවුරු කොහොම මොනවා කිව්වත් සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව ගුවන්තොටුපලත් රටත් සංචාරකයන්ට ක්‍රමානුකූලව විවෘත කරනවා.

සංචාරකයන්ට රට විවෘත කිරීමේ නියමු ව්‍යාපෘතිය අපි 26 වෙනිදා සිට අරඹනවා.ලබන වසර මැද වනවිට අපි ගුවන්තොටුපල විවෘත කරලා වාණිජ ගුවන්යානා වලට ලංකාවට එන්න ඉඩදෙනවා.අපි මේ කටයුත්ත කරන්නේ සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුවයි.රටත් ජනතාවත් අනතුරේ දාන්නේ නෑ.මේ සම්බන්ධයෙන් විපක්ෂය මවන බොරු බිල්ලන්ට රැවටෙන්න එපා.

සංචාරක අමාත්‍යංශය විදියට අපි මේ වනවිට සංචාරක කලාප වල යටිතල පහසුකම් සංවර්ධනය කිරීමේ වැඩ කටයුතු ආරම්භ කර තිබෙනවා.බෙන්තොට සංචාරක කලාපයේ මේ විවේකාංගය හා නව අත්පන්දු ක්‍රීඩාපිටියත් ඉදිකෙරුණේ ඒ අනුවයි. අපි ඉදිරියේදී සියළු අමාත්‍යංශ සමඟ ඒකාබද්ධව මේ යටිතල පහසුකම් සංවර්ධන වැඩසටහන ක්‍රියාත්මක කරනවා.

– ප්‍රදීප් අනුර කුමාර

14,324 views

15 Comments to “කවුරු මොනවා කියුවත් ගුවන් තොටුපල ඇරලා සංචාරකයන් ගෙන්වනවා..”

  1. Aurora says:

    රජය මගින් පවත්වාගෙන යන කොරොනා රෝගින් සදහා වන රෝහල්වල මුලින් කොත්තමල්ලි, දුම්හට්ටි ප්‍රතිකාර කලා. ඉන් රෝගින් සුවකරා. නමුත් පසුව සිදුකරනලද බලපෑම් නිසා එම ප්‍රතිකාර නැවැත්වීම දැන් කොරොනා මරන ඉහල යාමට හේතුවක්. ඒනිසා එක එක හිපාටුවන්ගේ කුනු කතා ගනන් නොගෙන අභීතව ඔබලා ගත් ක්‍රියාමාර්ගයන් ඔස්සේ ඉදිරියටම යන්න. ජයග්‍රහණය නිය්ස්තයි.

    • Aurorata weradila thiyenne mathanai. Api okkoma dannawa Sancharaka Karmanthe thamai Lankawata videsha vinimaya upayanda hondama karmanthaya kiyala. Namuth pasugiya Wahaplalana, Kattapalana Maithri/Ranil anduwe Pasku bomba gahillen sancharakayo, Touristsla okkoma ayimath noendama panala giya. den thiyana Corona vishalalesa pathirena awasanawa nisa sancharakayo, Touristsla, ape Lankawata genna ganda apita hari amaru wenawa, thawa avurudu, years 5 , pahak wath yai Touristsla tika tika genda ganna. Ehinda den Tourism walata me buru Rosha salli wiyadankarana eka itha wishala moda kamak.

    • අන්දමන්ද දූපත්වාසියා says:

      ම‌ෙන්න අන්ද-මන්ද දූපතේ මන්ද බුද්ධිකයන් සපයන විහිළු.
      කොරෝනා එන්නක් ගන්න බිලියන 13ක ADB ණයක් ගනී- 20th Dec. ‘කෑගල්ලේ ඖෂධය ගැන රටම ලොකු බලාපොරොත්තුවකින්.. ජයගත්තොත් රටට විශාල කීර්තියක්-GMOA.14th Dec “කෑගල්ලේ කොරෝනා ඖෂධයට අගමැති මහින්ද මැදිහත් වේ.. කඩිනම් පියවර වෙත යොමු කෙරේ-13th Dec “කෑගල්ලේ කොරෝනා ඖෂධය මහා පරිමාණ නිෂ්පාදන අරඹයි.. රජයෙන් ඔහුගේ නිවසේ යන්ත‍්‍රයක් සවි කරයි-12th Dec “ඖෂධ ඇමති අභීත තීන්දුවක් ගනී.. කොරෝනා මඩින හෙල ඔසුව කොරෝනා රෝගීන් 50කට දෙයි.. සාර්ථක නම් එය සැමටම-02th Dec. “ජනපති ඓතිහාසික තීන්දුවක් ගනී.. කොරෝනා මඩින හෙල ඔසුවට අවසන් පරීක්‍ෂණ අනුමැතිය දෙයි.. සහාය දෙන්නැයි සෞඛ්‍ය අමාතශංයටත් දන්වයි-01th Dec

    • Sam says:

      ගුවන්තොටුපොල අරින්නේ සංචාරකයින් ගෙන්වා ගැනීමටත් වඩා මහජනතාවගේ බදු මුදල් වලින් තක්කඩි දේශ්පාලුවන්ට පවුල් පිටින් සවාරි ගහන්ඩ .දැන් මුන් ඉන්නේ පුදුම අමාරුවකින් විදෙස් සංචාර නැතිව .ජනාධිපති තුමනි ,උග්‍ර විදේශ විනිමය හිගයක් ඇති අවස්තාවක මේ දේශපාලුවන්ගේ විදේශ සංචාර වහා නැවැත්විය යුතුයි .

  2. Kasun Perera says:

    ගෙනෙන් තොගෙ රෙද්ද අස්සට මෝඩ මූසල තඩියා

  3. Mtmmanvar says:

    Prasanna Ranatunga Guwantotupola a athy unata obata Karanna puluwan kengediyak na. Mokoda tamuse LA 20weni sansodanayen pambayek wela iwaray.besil hituwoth arinna puluwan.

  4. නාරද says:

    ධම්මික පැණිය හරි හෝ වැරදි, එය සාර්ථක වනවාද නැද්ද යන්න ගැන සොයන්න තර්ක දැම්ම කකුලෙන් ඇද්ද විද්වතුන්ට රට ඉන්ජෙක්ෂන් එක ගෙනත් විදලා කොරෝනා වාට්ටුවට දාලා චෙක් කල යුතුයි.

  5. පුත්තලම් පුට්ටු බුරුවා says:

    මුගේ ඇගේ තරමටම මොළේ තිබ්බානම් හොඳ ගොන් නාම්බා මුට අල්ලසක්වත් ගන්න ක්‍රමයක්වත් නැතුව ඇති ඒකයි මු මුට්ටි අතඇරලා කොරෝනා අස්සේම ධම්මික පැණිය ගහලා හීනෙන් බයවෙලා වගේ දොඩවන්නේ

  6. Rohana says:

    ඉස්කෝල ඇරලා අනාගත්ත වගේ එයාර් පොර්ට් එක ඇරලා අනාගන්නයි යන්නේ

  7. MD says:

    කමොන් කමොන් ඔබතුමාට බඩයි කොන්දයි දෙකම තියෙනවා.ඉදිරියට තැබූ පය ආපස්සට නොගනු.ජයවේවා!

  8. Bandara says:

    Videsa sanjarakayan genvanna kalin mada pradiga atharaman vela inna sri lankika puravasiyan lankavata genna ganna eka neda vadagath

  9. Sena says:

    ඇත්තටම මුගේ ශරීරයේ හැටියට මොලේ තිබුනන්.

  10. Upul says:

    There is nothing more you can expect from an idiot like this. I think the cells which were expected to develop his brain has developed his body by mistake.

Main News