සමාජ ජාල ගිණුම්වලට කිසිදු ලියාපදිංචියක් අවශ්‍ය නෑ.. එසේ කිරීම භාෂණයේ නිදහසට දැඩි පහරක්..

December 21, 2020 at 12:40 pm | lanka C news
සමාජ ජාල ගිණුම්වලට කිසිදු ලියාපදිංචියක් අවශ්‍ය නෑ.. එසේ කිරීම භාෂණයේ නිදහසට දැඩි පහරක්..

ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය විසින් නිකුත් කරන ලද නිවේදනයක් මෙහි දැක්වෙයි.

සමාජ මාධ්‍ය භාවිතයට රජයේ ලියාපදිංචි වීම අනිවාර්යය නොවේ

ෆේස්බුක් ඇතුලු සමාජ මාධ්‍ය වෙබ් අඩවි භාවිතා කිරීම සදහා පරිශීලකයන් රජයේ ලියාපදිංචි වීම අත්‍යවශ්‍ය බව දැක්වෙන පුවත් කිහිපයක් ජනමාධ්‍ය තුලින් වාර්තාවීම සම්බන්ධයෙන් අප ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමයේ අවධානය යොමුවී ඇත.

සමාජ මාධ්‍ය වෙබ් අඩවි වලට පිවිසීමට, එම වෙබ් අඩවියන්හි ගිනුමක් පවත්වාගෙන යාම සදහා පරිශීලකයන් ශ්‍රී ලංකා රජයේ කිසිදු ලියාපදිංචියකට ලක් නොවිය යුතු බවත් එසේ ලියාපදිංචි වියයුතු නම් එය භාෂණයේ නිදහසට එල්ලකළ දැවැන්ත පහරක් ලෙස අප ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂ ණ සංගමය දකින්නෙමු.

මාධ්‍ය වෙත ප්‍රකාෂ නිකුත් කිරීමේදී රජයේ අමාත්‍යවරුන් සැළකිලිමත්ව කටයුතු කිරීම සිදුකළයුතු බව අප සංගමය වැඩිදුරටත් පෙන්වා දෙමු.

රජීව් යසිරු කුරුවිටගේ මැතිව්
සභාපති
ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය

24,338 views

9 Comments to “සමාජ ජාල ගිණුම්වලට කිසිදු ලියාපදිංචියක් අවශ්‍ය නෑ.. එසේ කිරීම භාෂණයේ නිදහසට දැඩි පහරක්..”

  1. උක්කුං මල්ලී says:

    අපිට වහල්ලු වාගේ ඉන්න බෑ…

  2. sara says:

    උඹල කට වහන් හිටු. අපි එතුමලට තුනෙන් දෙක දුන්නේ එයාලට ඕනේ විදියට කරන්න. අපි ඒවාට කැමති.

    • පොට්ටුවේ පඩි තකයා says:

      මම නම් මගේ fb එකේ යුසර් නේම් එකයි පාස්වර්ඩ් එකයි අදම ජනමාධ්‍ය අමාත්‍යංශයට ඇරියා. එතකොට ඔක්කොම හරි. දැන් දෙකට නැමිලා රෙද්ද උස්ස්සන් බලන් ඉන්නවා ජනමාධ්‍ය ඇමති ඇවිත් ඇරලා යනකම්. අපි හරි අවංකයි. රට එක අපි දෙක. අපි ඉතින් සදා වහල්ලු නේ.

  3. Kamal Italy says:

    ඉන්න බැරි තොපි රටින් පලයව් සිම් කාඩ් ඒකත් පාවිච්චි කරන්න ලියාපදිංචිය ඕන කොට එක දාගෙන ප්‍රචාරය කරන එක එකාගේ කුණු හරුප ජනගත කරන්නේ මොකාද කියලා හොයල බලන්න, රටේ අනවශ්‍ය ප්‍රශ්න ඇතිවීම වලක්වන්න අනිවාර්යයෙන්ම ලියාපදිංචි කල යුතුයි.

    • ක්‍රිමිනල් says:

      තෝ ඉතාලියේ නෙමෙ අනිවාර්යයෙන්ම හත්පත්තුවේ ජිවත් වෙන ගොං බෛයෙක් , යකො පාණ්ඩුවට පුලුවන්නං , ඔනම දෙයක් උන්ගේ කබ්බො ,සමාජ ජාල ,මාධ්‍ය හරහා ප්‍රචාරනය කරන්න , එවාට කිසිම තහංචියක් නැත්තං , ව්පක්ශයේ මතවාද ගෙනියන ,විකල්ප මථධාරීන්ට අවස්ථාවක් තියෙන්න ඔනේ ප්‍රතිඋත්තර බදින්න. එකාධිපතිත්වයේ ස්වභාවයක් තමයි ,මාධ්‍ය මර්ධනය ,අදහස් මොට කිරීම ,වහල් පරපුරක් නිර්මාණය කිරීම. තාම මේක ප්‍රජාතන්ත්‍රවාදී රටක් , එකාධිපතිවාදී බෛයි රාජපාක්ශාණ්ඩුව නෙමෙ.

    • Saman says:

      තෝ හොරෙන් පැනපු ඉතාලියෙත් ඕක කරනවද?

    • සුනිල් says:

      🤣🤣🤣
      රටෙන් පලයව් කියා අපිව එලවන්න හදන එකා ඉතාලි කාරයෙක්.
      ඉතාලියන්ගෙ ඉදුල් හෝදන එක නවත්තල ලංකාවට ඇවිත් උඹගෙ පංපෝරිය ගහපං.

  4. වල්කතා, කුප්ප කතා, අවලo කතා, බොරු කතා වල සීමාවක් තිබිය යුතුය….සමාජ ජාලා හරහාම ආන්ඩුවක් පෙරලූ කතා අපි අසා සිටියාය…එය කොතරම් සoවේදී දැයි සිතා බැලිය යුතුය……..රටක් සමාජයක් යනු වේස මුඩුක්කුවක් නොවේ…..

  5. Akudi says:

    ඔව් ලියාපදිංචි මගුල් වැඩක් නෑ.. ලිඳේ ඉන්න ගෙම්බෝ වගේ මේ මෝඩයන්ට සමාජ ජාල වලින් වෙන වින්නැහිය තේරෙන්නේ නෑ. ඔය මගුල් වහලම දාන්න තියෙන්නේ.

    ඔක්කොටම වඩා හපන් නාකි ඇන්ටිලා අංකල් ල බුකියේ උදේ ඉඳන් රෑ වෙනකං මන්ද මගුල් දාන එක. අඩුම තරමේ අවු 50 වැඩි උන්ව හරි ඔය මගුලෙන් ගලව ගන්න පුලුවන්නම් හොඳයි.

Main News