පැවති පලාත් සභා නැවත පිහිටුවන්න යෝජනාව සම්මතයි..

December 31, 2020 at 2:10 pm | lanka C news
පැවති පලාත් සභා නැවත පිහිටුවන්න යෝජනාව සම්මතයි..

පැවති පළාත් සභා නැවත සක්‍රීය කරන ලෙස යෝජනාවක් ඉදිරිපත් වීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තීරණය කර ඇත.

ඒ අනුව එකී යෝජනාව ඉදිරියේදී ඉක්මනින්ම ආණ්ඩුව වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වූ අවස්ථාවේ මෙම තීරණය ගෙන තිබේ.

පළාත් සභා මැතිවරණය පැවැත්වීම දින නියමයක් නොමැතිව කල් දැමූ නිසා එම ආයතන සක්‍රීය තත්ත්වය පවත්වාගෙන යාමට මෙම තීරණය ගත යුතු බව එම පක්ෂයේ අදහසයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වත්මන් ආණ්ඩුවේ ප්‍රධානතම හවුල්කාර පක්ෂයකි.

23,840 views

17 Comments to “පැවති පලාත් සභා නැවත පිහිටුවන්න යෝජනාව සම්මතයි..”

  1. වෙබ් බුවා says:

    එහෙම කොහොමද අහෝසි වූ මන්ත්‍රී පට්ටම් ආපහු දෙන්නෙ මොන නීතියටද ?. මුන් දැන් තියෙන ආණ්ඩුව විසිරුවා නැවතත් හිටං ගොයියව මහ පුටුවෙ වාඩි කරන්න කියල ඉල්ලන්නත් බැරි නෑ

  2. takaran says:

    මද්යම ආණ්ඩුවේ මැති ඇමතිවරු සංවර්ධන ව්‍යාපාර, ආයෝජන ආදියෙන් මුදල් හොරකම් කරයි. නමුත් එම ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේ දී යම් යම් කටයුතු පළාත් සභාවෙන්ද අනුමත විය යුතුයි. එවිට එහි සිටින මැති ඇමතිවරු ද මුදල් හොරකම් කිරීමට හදයි. එම ආයෝජයන් දෙපාර්ශවයකට මුදල් දීමට අකමැති වන බැවින් එම ව්‍යාපෘති නතර වේ. රටම එකතැනට වටෙන් පළාත්සභා එපා. එපා. එපා.

  3. රත්න අප්පුහාමි says:

    සොරි සේනගෙ පකඩිය නිසා ශ්‍රිලනිපය ආයෙ ගොඩ ගන්න බෑ…
    එල්ලෙන්න වැල් නැතිව දැන් පලාත් සභා ඉල්ලන්නෙ..ඇයි

    පළමු පළාත් සභා ඡන්දයට විරුද්ධව ඡන්දය ඉල්ලිමෙන් ඉවත් වෙලා උන්න ශ්‍රිලනිපය. ඒ පාබෙන් එළිය අරන් පළාත් සභා විපක්ෂය ලෙස විජය/ චන්ද්‍රිකා ‍රාජිතල ගෙ ම.ජ. ර පෙරමුණ ගොඩ ආවා. පලා මංත්‍රීල වෙලා පජෙරෝ අරන් නට නටා උන්න.

    ලැජ්ජයි සිරිසේන, ලැජ්ජයි

  4. Sunil Dahanayake says:

    This is a very bad SLFP plan to make trouble for the Government.

    This is a plan to provide government money to SLFP henchmen, Fucking bastards should be evicted from the government. The people are in bad shape and SLFP and Dayasiri trying to misuse government funds for their party members.

  5. Theeraka says:

    Is this devil M3 still haunting! Someone must kick him out for ever.

  6. Love nature says:

    මේ විහිළු පලාත් සභාවට තවත් මේ රටේ මහජන දේපළ ගිළින්නට ඉඩ නොදිය යුතුය. වසර 20ක පමණ කාලය තුළ මේ රකුසා ගිල දැමු මහජන මුදල් කෙතරම් ද? ඉන් සිදු වී ඇති සේවය කුමක් ද? සේවයක් සිදු වූයේ කාට ද? සිදුවූ එක ම සේවය ජාතික දේශපාලනයේ යෙදෙන මහත්වරුන්ට සිය හතර වරිගය නඩත්තු කිරීම සඳහා කදිම කප් රුකක් වීම ය. පාර්ලිමේන්තු ඡන්දයෙන් පැරදුනු අයියලාට පහසුකම් සපයන තිප්පොළක් විම ය. රටේ බුද්ධිමත් ජනතාව මේ සිතිය යුතුය.

  7. සල් says:

    100 වැඩේ 300ට කරන , කොල්ලටයි ,බල්ලටයි මන්තිරිකම් දෙන

    රෙද්දේ පළාත්සභා රටට බරක්.
    ප්‍රාදේශීය සභාත් රටට බරක්. රාජ්‍යසේවකයින්ගෙන් 100% ප්‍රයෝජනයක් ගන්න මධ්‍යම ආණ්ඩුව දැනගත යුතුයි.

  8. සමන් says:

    පළාත් සභා අපිට එපා. රටේ සල්ලි නාස්තිකරන වැඩක් ඕක. උන්ට හොරාකන්න තවත් අවුරුදු ගානක් දෙන එක තමා ඕකෙන් කරන්නෙ. මේ තරන් කල් නිලධාරීන් නොකලෙ මොනවද ඔය කාලකන්නි දේශපාලුවො නැතුව?

  9. chamiya says:

    Palath sabha yanu Indiawa wisin balen ape ratata patawapu kodiwinayaki.
    uthura Nagenahirata wenama palanayak laba deeme mulika piliyama lesata meya patan gaththada pasuwa
    deshapalakayo thama henchayyala sathutu kireemata yoda gaththa deyaki.
    mahajana badu walin thanikarama nadaththu kala yuthu sudu aliyaku gena theeranaya kireemata mema gon wasanselata athi hakiyawa kumakda.

  10. saman says:

    පොහොට්ටුව පවුලක බුදලයක්. ශ්‍රීලංකා නිදහස් පක්ෂය නැවත සක්‍රීය කල යුතුය.

Main News