වී කිලෝවකින් ලොක්කෙකුට රුපියල් 03ක් කොමිස්..
January 1, 2021 at 3:25 am | lanka C news
වී අලෙවි මණ්ඩලයේ ගබඩා කොට ඇති වී මෙට්‍රික් ටොන් 30,000 ක් විකිණීමේ ක්‍රියාවලියේ දී වංචනික ලෙස හැසිරුණු ප්‍රාදේශීය කළමනාකරු කිළිනොච්චිය ප්‍රදේශයේ දී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් අත්අඩංගුවට ගැනේ.
කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාට වී මිලදී ගන්නා ව්‍යාපාරික මහතෙකු පැමිණිලි කර තිබුනේ රත්නායක නැමති ප්‍රාදේශීය කළමනාකරුවෙකු වී කිලෝ ලක්ෂ 12 ක් මිලදී ගැනීමේ දී එක් කිලෝවකින් රු. 03 බැගින් කොමිස් මුදල් ලබාගත් බවයි.
ඉතිරි වී ප්‍රමාණය මිලදී ගැනීමට ද තමන්ගෙන් කොමිස් ඉල්ලා සිටින බව එම ව්‍යාපාරික මහතා අමාත්‍යවරයාට දන්වා තිබුණා. ඒ අනුව මේ පිළිබඳව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පසුගය 24 වනදා පැමිණිලි කරනු ලැබුවා.
පැමිණිල්ලට අනුව ක්‍රියාත්මක වුණු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද දින කිළිනොච්චියේ දී අල්ලස් මුදල්ද සමඟින් අදාල ප්‍රාදේශීය කළමනාකරු අත්අඩංගුවට ගැනීමට කටයුතු කළා. පසුගිය රජය සමයේ දී බිලියන ගණනක් රජයට අහිමි කරමින් සත්ත්ව ආහාර වලට බව පවසමින් වී අලෙවි මණ්ඩලයේ මහා පරිමාණ වංචාවන් සිදු වුණා. ඊට සම්බන්ධ වූ නිලධාරීන් දැනටත් වංචාවන් වල නිරත වන අතර, මෙම නිලධාරියා ද එවැනිම පුද්ගලයෙක්.
මහ කන්නයේ වී මෙට්‍රික් ටොන් ලක්ෂ 03 ක් වී අලෙවි මණ්ඩලය හරහා මිලට ගෙන හාල් මාෆියාවට එරෙහිව රජය වී සංචිතයක් පවත්වා ගැනීමට කටයුතු කර තිබෙනවා. ඒ සඳහා ගබඩා හිස් කිරීමේ කටයුතු සඳහායි වී මෙට්‍රික් ටොන් 30,000 අලෙවි කිරීමට උපදෙස් ලබාදී තිබුනේ. ඊට මුවා වෙමින් නාඩු කිලෝවකින් රු. 03 ක් සහ සම්බා කිලෝවකින් රු. 10 ක් ලෙස කොමිස් මුදල් ඉල්ලමින් මෙම සැකකරු වී අලෙවි කිරීමේ කටයුතු වල නිරත වූ බවට අදාල ව්‍යාපාරිකයා කෘෂිකර්ම අමාත්‍යවරයාට පැමිණිලි කර තිබෙනවා.
– සුජිත් විතානපතිරණ
පරිපාලන දුර්වලතා
වී හැරිසන් ක්‍රමය තවමත් ක්‍රියාත්මක බව පෙනේ
කවුද ඉතින් මිස්ට ටෙන් PRASANTප්න්ප්න්ට්වෙන්නැති
මත්තල ගබඩා කරපු වී වලට කොමිස් ගහපු අය ගැනත් සොයන්න. එක්කෙනෙක් කන්ද උඩරට.