බස් එකේ නැති වු ලක්ෂ දෙකහමාරක රන්භාණ්ඩ අයිතිකරුවන්ට ලබා දුන් කොන්දොස්තර….
January 2, 2021 at 3:50 pm | lanka C news
ලක්ෂ දෙකහමාරක පමණ වටිනාකමක් ඇති රන් භාණ්ඩ කිහිපයක් ලංගම බස් රථයක ආසනයක් යට තිබි එම බස්රථ කොන්දොස්තර විසින් අදාල තරුණ යුවතියට හෙම්මාතගම බස්නැවතුමේදි අද 02 භාර දිමට කටයුතු කර අතර එය බොහෝ දෙනෙකුගේ පැසසුමට මෙන්ම කතා බහට ලක් විය.
හෙම්මාතගම හරංකව ප්රදේශයේ පදිංචි අවුරුදු 24 ක් වන අයි.එච්. ධනුෂ්කා සංජීවනි අවිවාහක තරුණියගේ මව විදේශ ගතව සේවය කරන අතර ඇය විසින් දියණියගේ රන්භාණ්ඩ බේරා ගැනිමට මුදල් ඒවා ඇත. පසුව ඇය විසින් ජනවාරි 01 වැනිදා එම රන්භාණ්ඩ බැංකුවෙන් නිදහස් කර ගෙන තමන්ගේ යෙහෙළියක හමුවිමට සවස හෙම්මාතගම නගරයේ සිට ගම්පොළ නගරයට ගමන් කරන බස් රථයකින් යමින් සිටියදි ඇය සතුව තිබු රන් භාණ්ඩ අතුරුදහන් වි තිබුණි.
පසුව ඇය ගමන් කරන ලද ගම්පොළ ඩිපෝවට අයත් ලංගම බස් රථයේ කොන්දොස්තරවරයා වන ජි.ජි. අනුර ප්රියන්ත කුමාර යන අයට දුරකථන ඇමැතුමක් ලබා දිමෙන් අනතුරුව ඔහු පවසා ඇත්තේ සවස බස් රථය අතුගා පිරිසිදු කරන විට රන්භාණ්ඩ වැටි තිබුණහොත් දුරකථන ඇමැතුමක් ඇයට ලබා දෙන බවට පොරොන්දුවක් ලබා දි ඇත.
බස් රථයේ අවසන් ගමනාන්තයෙන් පසුව සුපුරුදු ලෙසින් බස්රථය පිරිසිදු කටයුතු කරමින් සිටියදි කොන්දොස්තරවරයාට පොලිතින් කවරයක ඇතුලත දැමු රන්භාණ්ඩ හමුවි ඇති අතර එම රන්භාණ්ඩ හමුවු විගස ඔහු විසින් නැති වු තරුණියට ඒ බව දැනුම් දි ඇත. ඒවා අද දින හෙම්මාතගම බස් නැවතුමේදි 02 වැනි දින උදෑසන තරුණියට ලබා දිමට බස් කොන්දොස්තර අනුර ප්රියන්ත මහතා කටයුතු කරන ලදි.
වර්තමානයේ සමාජයෙන් මෙවැනි කටයුතු අසන්නට නොලැබෙන අතර මෙම සිද්ධිය සම්බන්ධයෙන් අපට අදහස් දැක්වු ගම්පොළ ඩිපෝවේ ලංගම බස් රථ කොන්දොස්තරවර ජි.ජි. අනුර ප්රියන්ත කුමාර යන පැවසුයේ තමන් දැනට වසර 13 වැඩි කාලයක් ගම්පොළ හෙම්මාතගම බස් රථයේ කොන්දොස්තරවරයෙක් ලෙස කටයුතු කරන බවත් මෙලෙස නැති වු භාණ්ඩ සහ මුදල් යනආදිය රැුසක් බස් රථයේ තිබි අදාල පුද්ගලයන්ට භාර දිමට කටයුතු කර ඇති බවයි.
රන්භාණ්ඩ නැති වු හෙම්මාතගම හරංකව ප්රදේශයේ පදිංචි අවුරුදු 24 ක් වන අයි.එච්. ධනුෂ්කා සංජීවනි මෙනවිය අදහස් දක්වමින් පැවසුයේ. අද කාලයේ මෙවැනි දේවල් අසන්න දකින්න නොලැබෙන බවත් තමන් බැංකුවෙන් බේරා ගත් ලක්ෂ දෙකහමාරකට ආසන්න රන් භාණ්ඩ නැති විමෙන් දැඩි මාන්සික පීඩනයකින් පසු වි සිටි නිසා බස් රථයේ කොන්දොස්තර මාමාගේ ක්රියාකලාපය අගය කරන බවද අප වෙත පැවසිය.
– කෑගල්ල සමන් විජය බණ්ඩාර
Vaccine gennana laksha 2 1/2 apen gath dosthara.
Ayurakkanthu Awadaa!
KRIMINAL PAKANIL,,- ANURA PRIYANTHATA PLU YANTA GAHAPAN,,
ME WAGE MINISSU ISSARAHATA ENAWATA UMBALA KOHETHMA KAMATI
NAHA,
KASIPPU BANDARALA. JUMPAR HESALA ISSARAHATA GANILLA,
මීට අවුරුදු 6-7 ට කලින් මම බස් එකක යනකොට, පිටුපසම සීට් එකේ තමයි ඉදගෙන ගියේ. ඒ යන අතරේ මම දැක්කා සීට් එකේ වම්පස තිබෙන හිඩැස අතර යමක් වැටිලා තියනවා. බලද්දී එතන වැටිලා තිබුණේ වටිනා ස්මාර්ට් දුරකථනයක්. මම ඒ මොහොතෙම ඒක බස් රථයේ කොන්දොස්තර මහත්මයාට ලබා දීමට කටයුතු කලා. ඔහුත් ඔහුගේ මතකය අණුව, ජංගම දුරකථනයේ හිමිකරුවන් ඉක්මනින්ම සොයා ගැනීමට සමත් වීම නිසා, මා ඉදිරිපිටදීම ජංගම දුරකථනය ඔවුන්ට ලබා දීමට කටයුතු කලා. ඒක ගන්න ආවේ නෝනා කෙනෙකුයි, මහත්මයෙකුයි. ඒ මිනිස්සුන්ගෙ මුහුණේ තිබුණේ පුදුමාකාර සතුටක්. 😊 එහෙම දෙයක් කරලා මමයි, කොන්දොස්තර මහත්මයත් එදා ලබපු සතුටත් වචනයෙන් විස්තර කරන්නත් නොහැකියි. මට ඕන නම් එදා ඒක හිමීට සාක්කුවේ දාගෙන බස් එකෙන් බැහැලා යන්න තිබුණා. මොකද ඒක එතන වැටිලා තියනවා කවුරුත් දැකලා තිබුණේ නැහැ. එහෙත් එහෙම කරා නම්, අනුන්ගෙ දෙයක් ගැනීම නිසා මට ආත්ම ගාණක් විදවන්ඩ වෙනවා.
කෙනෙකුගේ දුක හදුනාගත් මේ කොන්දොස්තර මහත්මයාටත් බුදු සරණයි. 🙏
වන සිවුපවුන් වැනි මිනිසුන් මැද, දෙවි දෙවතාවුන් වැනි මිනිසුන් ඇත.