කොටි සන්නද්ධ අරගලයට යලි සූදානම්..

February 7, 2017 at 3:25 am | lanka C news
කොටි සන්නද්ධ අරගලයට යලි සූදානම්..

පිවිතුරු හෙළ උරුමයේ පක්ෂ මුලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකදී එම පක්‍ෂ ප‍්‍රධාන ලේකම් පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල මහතා මෙසේ අදහස් පල කලේය.

2017 ජනවාරි 23 දින ත්‍රස්තවාදි විමර්ශන භාර නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා පොලිස්පතිට කොටි නැගිටීම පිලිබඳ රහස්‍ය වාර්තාවක් දුන්නා. වාර්තාව රහස්ස්‍ය උනත් අවධානම අරගෙන මේ වා කාරනා මම රටට හෙළි කරන්නේ රට මෙය දැනගතයුතු නිසියි. කොටි යලි සන්නද්ධ වී ඇති නිසා.  ඒ වාර්තාවේ කොටි සංවිධානයේ මෑත කාලීන ක්‍රියා අඩංගු වෙනවා.

2017 ජනවාරි 13 දින පොලිසියේ ත්‍රස්තවාදි විමර්ශන කොට්ඨාශය විසින් කිලිනොච්චියේ සිදු කළ මෙහෙයුමකින් කොටි ත්‍රස්තවාදින් තිදෙනෙක් අත්අඩංගුවට ගත්තා.  ඒ කොටි සංවිධානය සෝලෙයි නමින් හැඳින්වූ කාරාලසිංහම් කුලේන්ද්‍රන් නොහොත් මාස්ටර්.  කොටි සංවිධානය කඩලවන් නමින් හැඳින්වූ ලුවිස් මරියනායගම් අජන්තන් නොහොත් ජනා.  කොටි සංවිධානය වෙන් අර්සන් නමින් හැඳින්වූ මුරුගයියා නවවේන්ද්‍රන් නොහොත් වේන්ද්‍රන්.

මේ අය කොටි සංවිධානය යලි නැගිටවීමට පමණක් නොව සන්නද්ධ අරගලයටත් සූදානම් වුණා.  එහි ආරම්භක පියවරක් වශයෙන් මරදන්කේනි ප්‍රදේශයේ ප්‍රභූවරයෙකු ඝාතනය කිරීමට උපයෝගී කර ගැනීම සඳහා විදේශ රටක නිපද වූ ක්ලෙමෝ බෝම්බයක් ද සඟවා තිබුණා.  ඒ වගේම සී4 අධි බලැති පුපුරණ ද්‍රව්‍ය යොදා ලංකාවේ නිපද වූ බෝම්බයක් ද සොයා ගත්තා.

වාර්ථාවේ පිටපතක් දේශප්‍රේමී නිලධාරීන් හරහා අපිට ලැබිල තියෙනවා. වාර්තාවට අනුව 2016.11.27 දින කිලිනොච්චියේ තිරුවියාරු ප්‍රදේශයේ ඉතාම විවෘතව කිසිම බයකින් තොරව කොටි ධජය ඔසවා උත්සවයක් පවත්වා එහි ඡායාරූප විදේශීය කොටි ජාලයට යවා තිබෙනවා.  එමෙන්ම කිලිනොච්චි ප්‍රදේශයේ මාර්ග ආරක්ෂක කටයුතු වල යෙදී සිටින පොලිස් නිලධාරින්ට පහර දී ඔවුන්ගේ අවි පැහැර ගැනීමට ද උත්සාහ දරා තිබෙනවා.  කිසිදු බාධාවකින් තොරව කිලිනොච්චි ප්‍රදේශයේ කොටි අවි සඟවා ඇතැයි විශ්වාස කරන ස්ථානයන්හි කැනීම් සිදු කර තිබෙනවා.

අපි දිගින් දිගටම කොටි නැගිටිනවා කිව්වාම ආණ්ඩුව ඒක විශ්වාස කලේ නෑ.  ඔන්න දැන් බුද්ධි අංශත් අපි කියන දේම කියනවා.  මේ නිසා ජාතික ආරක්ෂාව දැඩි තර්ජනයක් එල්ල වී තිබෙනවා.  මේ පසුබිම තුල දෙමළ සංධානයත් විශේෂයෙන්ම විග්නේශ්වරන් මහ ඇමතිතුමාත් කෙතරම් බෙරිහන් දුන්නත් උතුරේ හමුදා කඳවුරු ඉවත් කර ගැනීමේ ක්‍රියාවලිය වහාම නවත්වන ලෙස අපි ආණ්ඩුවට බල කර සිටිනවා.

දෙමළ අන්තවාදින් සුමන්දිරන් මන්ත්‍රිතුමා මරා දැමීමට කුමන්ත්‍රණය කරනවා කියලා පසුගිය සතියේ මාධ්‍ය වාර්තා කළා.  දෙමළ ඊලම පේන මානයේ තිබෙන පෙඩරල් වෙනුවෙන් පෙනී සිටින සුමන්දිරන් මන්ත්‍රිතුමාට මෙහෙම මරණ තර්ජන නම් ඊළාම් සිහිනය කුඩු පට්ටම් කළ මහින්ද රාජපක්ෂ මැතිතුමාට කොහොම තර්ජනයක් ඇද්ද?  නමුත් ආණ්ඩුව “තෝව කොටියාම කාපන්“ කියලා තිබුණු ආරක්ෂාවත් ඉවත් කළා.  වත්මන් අනාරක්ෂිත තත්වය හමුවේ මහින්ද මැතිතුමාට පෙර තිබුණු ආරක්ෂාව යලි දෙන්න කියලා අපි ආණ්ඩුවට බල කරනවා.

– අරවින්ද අතුකෝරල

4 views

6 Comments to “කොටි සන්නද්ධ අරගලයට යලි සූදානම්..”

  1. අනාථ ජනයා says:

    කොටි නෑ. හිටන් කලා ට කලානෙ ඉතින් නො ප්‍රොබ්ලම්.

  2. Nalika says:

    Apinam mulinma kiwwa yahapalana asamathjathikayonta manapa dunnoth thope iranama meka kiyala.Pitaratawala inna koti sudanam wenakota apita aranchi wenawa api ekath thopita kiwwa.Thopi ekatath banna kotinta neme apita.Thopita Honda nam apita mokatada. Beraganna mahindath naha thopi emanusayage oluwa kala iwarai. Mahindage bhugatha maligawa lokema dannawa. Hitantai hutantai hoyala deepala honda goni padangu dekak hangenna.

  3. යුක්තිය says:

    යුද්ධ පටන්ගෙන හරි කමක් නෑ රට අාපස්සට අැදින කවදාවත් රට ජාතිය හදන්න නොදෙන යූ.එන්.පොන් ල බෝම්බ වැදිල හරි මේ රටෙන් මුලින් සුද්ද වෙලා යනවනම්…..

  4. hari says:

    Ayi Mahinda ta vitharak arakshawa ape srilanka newada

  5. chamith says:

    Onna OKane kara ganna ona une………

  6. ලක්මව says:

    අනේ මේ හරක්පාලකයො බම්බු ගහනවා, ඕයි!, ගෝටාට දීල ගෙදරපලයල්ලා මේ රට ආපහු කොටියට දෙන්නෙ නැතිව.

Main News