ශ්‍රී ලංකාවට 51%ක් ඉන්දීය අදානි සමාගමට 49%ක් වන සේ නැගෙනහිර පර්යන්තය සංවර්ධනය කරනවා.. විකිණන්නේ හෝ බදුදෙන්නේ නෑ..- ජනපති
January 13, 2021 at 5:30 pm | lanka C news
කොළඹ වරායේ, නැගෙනහිර පර්යන්තය විකිණීම හෝ බදු දීම හෝ නොකරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා වරාය වෘත්තීය සමිති නියෝජිතයන්ට කියයි.
පසුගිය රජය නැගෙනහිර පර්යන්තය ඉන්දියාවට විකිණීමට ගිවිස ගෙන තිබිණ. විකිණීමෙන් පසු ජපානයෙන් ණයක් ගැනීමත්, ණය මුදලින් ඉදිකිරීම් සඳහා වන උපකරණ මිලදී ගැනීමත් ගිවිසුමට ඇතුළත් විය. ගිවිසුම පිළිබඳව වත්මන් රජය ඉන්දියාව සමග කළ සාකච්ඡාවලින් පසු 51%ක අයිතිය සහ පර්යන්තයේ පාලනය ශ්‍රී ලංකා වරාය අධිකාරිය යටතේ තබා ගැනීමේ එකඟතාවට පැමිණීමට හැකි වූ බව ජනාධිපතිතුමා පෙන්වා දුන්නේය. රට තුළ කෙරෙන ආයෝජන මගින් රටේ ස්වෛරීභාවයට හෝ ස්වාධීනත්වයට හෝ කිසිදු හානියක් වීමට තමා ඉඩ නොතබන බවද ජනාධිපතිතුමා අවධාරණය කළේය.
වෘත්තීය සමිති කළ ඉල්ලීමට අනුව කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය සම්බන්ධයෙන් අද (13) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේදී ජනාධිපතිතුමා මේ බව සඳහන් කළේය.
පසුගිය රජය විසින් හම්බන්තොට වරාය 99 වසරකට චීන රජයට සම්පූර්ණයෙන් බදු දී තිබිණ. තමා බලයට පත්වීමෙන් පසු චීනය සමග සාකච්ඡා කර වරායට අයත් මුහුදු ප්‍රදේශයේ ආරක්ෂාව පිළිබඳ වගකීම රජය යටතට ගත් බව රාජපක්ෂ මැතිතුමා පෙන්වා දුන්නේය.
නැගෙනහිර පර්යන්ත සංවර්ධනය සැලසුම් කළේ කලාපීය භූ දේශපාලනික සාධක, රටේ ස්වෛරීභාවය, අදායම් සහ රැකියා උත්පාදනය ඇතුළු සියලු සාධක සමාලෝචනය කිරීමෙන් පසුව යැයි ජනාධිපතිතුමා සඳහන් කළේය. ආයෝජන වැඩසටහන යටතේ නැගෙනහිර පර්යන්තය “තිරසාර සංවර්ධනයකට” ලක් කරන බව ජනාධිපතිතුමා පැහැදිළි කළේය. නැගෙනහිර පර්යන්තය ප්‍රතිඅපනයන මෙහෙයුම්වලින් 66%කට ඉන්දියාව දායක වෙයි. 9% බංග්ලාදේශයටත්, ඉතිරිය තවත් රටවල් කිහිපයකටත් කෙරෙන ප්‍රතිඅපනයනයන්ය.
ශ්‍රී ලංකා රජයට 51% අයිතිය සහ ඉතිරි 49% ඉන්දීයාවේ “අදානි” සමාගමටත්, වෙනත් පාර්ශ්වයන්ටත් කොටස්කරුවන් වශයෙන් හවුල් විය හැකි ආයෝජනයක් ලෙස පර්යන්තය සංවර්ධනය කිරීම සැලසුම බව ජනාධිපතිතුමා පැවසීය. ඒ ගැන කිසිදු සැකයක් තබා නොගන්නැයි කී ජනාධිපතිතුමා සියලු වෘත්තීය සමිති නියෝජිතයන් එක්ව මේ වැඩසටහන පිළිබඳව සිය යෝජනා සහ අදහස් ඉදිරිපත් කරන්නැයි සමිති ප්‍රධානීන්ට දැන්වීය. වරාය බටහිර පර්යන්තයේ මෙහෙයුම් වරාය අධිකාරියට පැවරීමට තමා අපේක්ෂා කරන බව සඳහන් කළ ජනාධිපතිතුමා වරාය සංවර්ධනය සඳහා සැලසුම් ඉදිරිපත් කිරීමේ වැදගත්කම ද වෘත්තීය සමිති නියෝජිතයන්ට පෙන්වා දුන්නේය.
නැගෙනහිර පර්යන්තයේ මෙහෙයුම් පුළුල් කිරීමෙන් රැකියා අවස්ථා විශාල සංඛ්‍යාවක් උත්පාදනය කෙරෙන බව ආර්ථික පුනර්ජීවනය සහ දරිද්‍රතාව පිටුදැකීම පිළිබඳ ජනාධිපති කාර්ය සාධක බලකායේ ප්‍රධානී බැසිල් රාජපක්ෂ මහතා කියා සිටියේය. පසුගිය රජය මත්තල ගුවන් තොටුපොළ සහ නොරොච්චෝලේ බලාගාරය විකිණීමට සකසා තිබූ සැලසුම් වත්මන් රජය මුළුමනින්ම නවතා දැමූ බව බැසිල් රාජපක්ෂ මහතා පැවසීය.
වරාය අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන, ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර, වරාය අමාත්‍යාංශයේ ලේකම්, වරාය සභාපති ඇතුළු නිලධාරීහූ සහ වෘත්තීය සමිති 23ක නියෝජිතයෝ සාකච්ඡාවට එක්ව සිටියහ.
– ජනාධිපති මාධ්‍ය අංශය
. විකිණන්නේ හෝ බදුදෙන්නේ නෑ..
ශ්‍රී ලංකාවට 51%ක් ඉන්දීය අදානි සමාගමට 49%ක් වන සේ නැගෙනහිර පර්යන්තය සංවර්ධනය කරනවා.
විකුනන්නෙත් නැත්නම් බදු දෙන්නෙත් නැත්නම් අදානි සමාගමට 49% වෙන්නේ කොහොමද ?
ගිය රජය වැරදි වැඩ කළා
ඒවා නිවැරදි කිරීමට මෙම රජයට 2/ 3 බලයක් ජනතාව ලබාදුන්නේ එම වැරදි නැවත නිවරදිකිරීමටය්
මේ මොන හරුපයක්ද ?
where are these baisons? Baison or no Baiyyas…
Mun Aaapu Hama paarama Bayyanta kole wahala gema dunna..2/3 deela po…a atha ga ga innauna owwa kalpana karanna welaaawak naha..onekamakuth naha …
Amend constitution to make it commendatory to get people consent through referendum for such decisions as far as such importance . properties of government is concern. Set example going for referendum in this case
ඔටුනු වෙෙරසය යනු අාර්ථිකය හැසිරවිමේ බටහිර මෙවලමකි. බටහිරයන් උපක්රමෂීළිව යටත් විඡිත ඔස්සේ පවත්වාගෙන යනු ලැබු අති සුඛෝපභෝගී ඡිවන රටාවන්ට අහියෝගයන් ඵ්ලවෙමින් පවතී. බටහිරයන්ගේ අර්ථිකයට අභියෝගය චීනය විසින් හා යුධමය ශක්තියට අභියෝගයක් රැසියාව විසන් දැඩිව ඵ්ල්ල කරනු ලැබ තිබේ.
චීනයේ සිදුවන්නාවු අාර්ථික සංවර්ධනය සමග සිදු වන්නා වු ලෝක අාර්ථිකයේ පිබිීදීමට ඵරෙහිිව ක්‍රියාත්මක ව්න්නාවු මෙහෙයුමේ අවාසනාවන්තම කොටස්කරැවන් බවට ඹබ විසින් දැනටමත් ශ්‍රිලංකාව පත්කර තිබේ.
ඹබගේ වරාය දියුනු කිරිම යැයි පවසමින් තෝරාගනු ලැබු පාවාදීමේ කුට උපක්‍රම තරයේ හෙලා දකිනු ලබයි. ඊනියා අායෝඡන මුලාවට ගොදුරක් වී සිදුකරන්නාවු විනාසය ඉතාම පහත් නොකලයුතු ක්‍රියාවකි.
කල යුතුවන්නේ අවබෝධයෙන් තොරව ගතකරනු ලැබූ
යුධ සහයෝගතා ගිවිසුම් වලින් හා.. වික්රති ව්‍යවස්තාපිත කාරනා වලින්ද රට නිදහස් කර ගැනීම විනා, අැමරිකානු “මර” යුධ උගුලේ රට සිරකරවීම නම් නොවේ.!
අනාගතයේ බලයට පැමිනෙන උන් අනිවාර්යෙන්ම පාඩුලබන බැවින්, කොලඔ වරායේ ඉතිරි කෙටස්
විදේශිකයන්ට විකුනා දමනු ලබයි…!
ළුම් සී සී ගිවිසුම පලමු අදියර, යුධමය ඵකගතාවන් අැතුලත් පලමු ගිවිසුම සමග ගිවිසුම් ගතවු පුද්ගලයාම අැමරිකාව විසින් නිර්මාණය කරනලද ඉන්දියානු නියෝඡිතයාට වරාය පිිරිනැමිමෙන් ශ්‍රීලංකාවේ සවෙෙරීත්වය බරපතල අභියොගයට ලක්කරනු ලබයි.!
කෙනෙක් ආයෝජකයක් කරන්නෙ ප්‍රතිලාභයක් බලාගෙන.ඒක ආයෝජනය කරන ආයතනයේ සහ ආයෝජනය ලබා ගන්න පුද්ගලයාගේ ස්භාවය ,ප්‍රතිපත්ති , සදාචාරාත්මකබව, පරිපාලන මත තිරනය වෙයි.ලංකාවට පාඩු වෙන විදියේ කරුනු අන්තර්ගත උනොත් ප්‍රශ්නයක් වෙන අතර බුද්ධිමත්ව ආයෝජනය කලමනාකරන කලොත් ගොඩ යන්න පුලුවන් . ඒක ආයෝජනය හසුරවන අයගේ වැඩක්.
පුරාවස්තුටිකත් ඉවරටම ඉවරයයි…!
රටේ ඉඩං ටික ,පරිසරය ගහකොල සතා සිව්පාවා ඉවරයි..!
මහබැංකු හොරා, රනිල්ට, ඡනතා බදු මුදලින් දෙසීයක අාරකෂාව..!
විකුනං කාල.. වරායටත් කෙලවල.. කද බැදගෙන යාවිද අමෙරිකාවට නැයො බලන්න..?