රන්ජන්ට ජනාධිපති සමාව ඉල්ලයි..

January 17, 2021 at 9:20 am | lanka C news
රන්ජන්ට ජනාධිපති සමාව ඉල්ලයි..

සිරදඬුවම් නියම කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායකට ජනාධිපති සමාව ඉල්ලීමට සූදානම් වෙයි.

ඒ සඳහා වන මහජන පෙත්සමක් අන්තර්ජාලය ඔස්සේ අත්සන් කිරීමේ කටයුතු මේ දිනවල සිදු වෙමින් ඇත.

අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට වරදකරු කරමින් මන්ත්‍රීවරයා මේ වන විට වසර 4 ක බරපතල වැඩ ඇතිව සිර දඬුවම් විඳිමින් සිටී.

ඔහුට ලබා දුන් නියෝගය අභියාචනය කිරීමට හැකියාවක් නැත්තේ එය ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබා දුන් නිසාය.

එනිසා අදාල දඬුවම විදීමෙන් තොරව නිදහස ලැබිය හැකි එකම ක‍්‍රමය වන්නේ ජනාධිපති සමාවයි.

83,389 views
Main News