බස් රථයක් අලුවෙන්නම ගිනි තියයි..
January 17, 2021 at 5:30 pm | lanka C news
මුලතිව් ආලංකුලම් ප්‍රදේශයේදී ගිනිගෙන් විනාශ වූ බස් රථයකට ගිනිතැබුවේදැයි යන්න පිළිබඳව මේ වන වටි පරික්ෂණයක් ආරම්භ කොට ඇති බවට මල්ලාවි පොලීසිය පවසයි.
ආලංකුලම් ප්‍රදේශයේ නිවසක් ඉදිරිපිට නවතා තිබූ අදාල පෞද්ගලික බස් රථය ඊයේ (16) අලුයම් කාලයේදී එකවරම ගිනිගෙන ඇති අතර නිවැසියන් හා අසල්වාසීන් ගින්න දකින අවස්ථාවේදීද ගින්න බස් රථය පුරාම ව්‍යාප්ති වී ඇති අතර ගින්න නිවාදමන විටත් බස් රථය ගිනි ගෙන විනාශ වී ඇති බවට ප්‍රදේශවාසීන් පැවසූහ.
රාත්‍රී කාලයේදී මෙලෙ බස් රථයේ ඉබේම ගින්නක් ඇති වීමට හේතුවක් නොමැති බවටත් කිසියම් පිරිසක් විසින් බස් රථයට ගිනිතබා පලා ගොස් ඇති බවටද ප්‍රදේශවාසීන් පවසා සිටිති.
කෙසේ නමුත් අදාල ගිනිගැනීම සම්බන්ධයෙන් පරික්ෂණ පවත්වන මල්ලාවි පොලීසිය වැඩි දුරටත් පවසා සිටියේ අදාල ගින්න බස් රථයේ කාර් මික දෝෂයක් හේතුවෙන් හට ගත්තේද නැතිනම් ගිනිතැබුවේද යන්න නිශ්චිතවම දැනට පැවසීමට නොහැකි බවටත් ඒ සම්බන්ධයෙන් පුලුල් පරික්ෂණයක් මේ වන විට ආරම්භ කොට ඇති බවටද පැවසීය.
– වන්නි රොමේෂ් මධුෂංඛ
ඉස්සර ල0ගම ට තිබ්බේ ඉන්දියාවෙ ටකරන් බස් නෙවේ, ජර්මන් බස්. ඒ ඔකොම පුච්ච්ලා අලු කරල දැම්මෙ ජෙප්පො.
නඩු වලින් බේරෙන්න, චන්ද නැති ප්ක්ශයක් අටවගෙන පාර්ලිමේන්තවට පැනල ඉන්නෙ. උන්ට චන්ද වලින් වැඩක් නෑ. නඩු වලින් බේරිලා ඉන්න පුලුවන් නම් ඇති.
“කැළේ මාරු වුනත් කොටියාගේ පුල්ලි මාරු වෙන්නේ නෑ” …
ජෙප්පෙක් කරටි කැඩෙන්ට ගහලා කරපු වැඩක් වෙන්ට බැරිද. ඉස්සර කරපු දේවල් මතක් වෙල
තාත්තේ, මට ඔහොම අපහාස කරන එක හරි නෑනේ.
Could be someone who nearly lost his life due to the reckless driving of this bus.