දෙවනගල පුදබිමේ බැකෝ දමා හාරයි..

January 18, 2021 at 6:48 pm | lanka C news
දෙවනගල පුදබිමේ බැකෝ දමා හාරයි..

ඓතිහාසික දෙවනගල පූජා භූමියට අයිති ඉඩමක් කිසිදු අවසරයකින් තොරව බැකෝ යන්ත‍්‍රයක් යොදා කරන්නට උත්සාහ කරන ලද සංවර්ධන කටයුත්තක් දෙවනගල භාරකාර ස්වාමින් වහන්සේගේ මැදිහත් විමෙන් මාවනැල්ල පොලිසිය මගින් අත්හිටුවිමට කටයුතු කර තිබුණි.

මෙම පූජා භූමියේ ඉපැරණි පුරා වස්තු විනාශය සහ පූජා භූමියට අයිති ඉඩකඩම් රැසක්ම විවිධ පුද්ගලයින් විසින් අල්ලාගෙන සංවර්ධන කටයුතු සිදු කරමින් පුරා විද්‍යා වටිනාකමට හානියක් වන ලෙසත්, ජාතික උරුමය විනාශ වන ලෙසත් දැනට වසර ගණනාවක සිටම සංවිධානාත්මක ලෙසම මෙම ඓතිහාසික උරුමය විනාශ විමට කටයුතු සිදු විය.

පසුගිය කාලයේ මේ සිදු වන විනාශය ජනමාධ්‍ය හරහා පෙන්වා දුන් අතර එහි ප‍්‍රතිඵලයක් ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ අවදානය ඒ වෙත යොමු වි මෙම ජාතික උරුමය අනාගතයට ආරක්ෂා කර දිම සඳහා දෙවනගල රජමහ විහාරයේ සංඝාවාසය අවට පළමු මැනුම හැටියට අක්කර 85 ක් මැන මායිම් ලකුණු කර අවසන් කරන ලද්දේ දැනට මාස දෙකකට පෙරයි.

ඉන් අනතුරුව දෙවැනි මැනුම දෙවනගල විහාරභූමිය ගල් පර්වතය සහ දැනට පුරාවිද්‍යා වටිනාකමක් සහිත ස්මාරක රැුසක් පවතින බිම මැනිම සඳහා රජය විසින් අවශ්‍ය සියලූ කටයුතු සුදානම් කර තිබෙන මොහොතක සංවිධානාත්මක පිරිසක් විසින් 16 වන දින පෙරවරුවේ බැකෝ යන්ත‍්‍රයක් යොදා ගෙන දෙවනගල විහාර භූමියේ පාදමේ ගොඩ කරන ලද කුඹුරු ඉඩමක් බැකෝ යන්ත‍්‍රයක් යොදා ගෙන ඉපැරණි ගල් පුවරු සහ ගල්පාදමට යොදා ගත් ඉපැරණි ගල් කණු පොළොව හරා ඒවා වල දමා ඒ සියල්ල විනාශ වන ලෙස සංවර්ධන කටයුත්තකට සකස් කරමින් තිබුණි.

එහිදි සමහර ගල් පුවරු සහ ඉපැරණි ගල් කිහිපයක් පස් යට සැගවිමටත් සමහර ඒවා කඩා බිඳ දැමිමටත් කටයුතු කර තිබුණු අතර තවත් පුරාවිද්‍යා වටිනාකමක් ඇති ඉපැරණි ගල් කිහිපයක් අසල කැලෑබද ප‍්‍රදේශයේ තිබි සොයා ගැනිමටද විහාරස්ථානයේ භාරකාර ස්වාමින්වහන්සේට සහ මාවනැල්ලේ පොලිසියේ නිලධාරින්ට හැකි විය. එමෙන්ම විහාරභූමියට අයිති එම ප‍්‍රදේශයේ කුඹුරු ඉඩම් කිහිපයක අනවසර ඉදිකිරිම්ද සංවිධානාත්මක සිදු වන අයුරු එම ස්ථානය නිරික්ෂණයට පැමිණි භාරකාර ස්වාමින් වහන්සේට සහ පොලිසියට දායකයන්ට බලා ගැනිමට හැකි විය.

කෙසේ වෙතත් මෙම ගැටලූව සම්බන්ධයෙන් රජයේ අවදානය යොමු විමෙන් පසුව ගැටලූව නිරාකරණය වන තෙක් මෙහි කිසිදු නව සංවර්ධනයක් සිදු නොකර රජයේ මැනිම් අවසන් වන තෙක් සිටින ලෙස ජනතාව දැනුවත් කර තිබියදි මෙම සිදු විම හරහා තවමත් සංවිධානාත්මක පිරිස් උත්සාහ කරන්නේ මෙම උරුමය කෙසේ හෝ විනාශ කර දැමිමට වන බවයි එම අවස්ථාවේ මාධ්‍ය වෙත අදහස් දක්වමින් දෙවනගල භාරකාර ස්වාමින් වහන්සේ වන මැදිරිගිරියේ පුඤ්ඤසාර හිමියන් ද පැවසිය.

එම අවස්ථාවේ මාධ්‍ය වෙත අදහස් දැක්වු දෙවනගල භාරකාර ස්වාමින් වහන්සේ වන මැදිරිගිරියේ පුඤ්ඤසාර හිමියන් මෙසේ කිය.

මේ වන විට රජයේ විශේෂ අවදානයක් දෙවනගල උරුමය ආරක්ෂා කර දිමට යොමු වි තිබෙනවා. ජනාධීපති ගෝඨාභය රාජපක්ෂ මහතාට දැඩි වුවමනාවක් තිබෙනවා මෙම ගැටලූව නිරාකරණය කොට අනාගතයේ මෙම විහාරභූමියට ගැටලූවක් වන තැනකට පත් විමකින් තොරව අවශ්‍ය නිරවුල් කිරිම සිදු කර දෙන්න. එතුමාගේ උපදෙස් මත පළමු මැනුම අවසන් කලා. දෙවැනි මැනුම විහාරභූමියේ සිදු කිරිමට අවශ්‍ය පියවර සකස් කරමින් පවතින විට නැවත වතාවක් මෙම භූමියේ ගැටලූවක් වන ලෙස බැකෝ යන්ත‍්‍රයක් යොදා ගෙන මෙ සිදු කරන සංවර්ධන කටයුත්ත ගැටලූ සහගතයි. නිතීයට අවනත නොවි සංවිධානාත්මක පිරිස් මේ වන විට බොහෝ දේ දෙවනගල උරුමයට හානි වන ලෙස සිදු කලා. කබිර් හෂිම් ඇමැති වි සිටින කාලයේ මාර්ගයේ සංවර්ධනයට මුවා වේලා මෙහි පුරා විද්‍යා වටිනාකම හානියක් වන තැනට වැඩ සිදු කලා. මේ දේවල් වලින් පෙන්න තියෙන්නේ එය තාමත් නැවති නැති බවයි. අපි දැක්කා මේ භූමිය බැකෝ කරනකොට හමු වි තිබෙන ඉපැරණි ගල් පුවරු පාදමේ ඉපැරණි ගල් වැටි වල ගල් තවත් ගල් වලදලා තියෙනවා. සමහර ඒවා ඒ අසල කැලෑවට දාලා එක කාලයකදි සඳකඩ පහන කැඩුවා, ඉපැරණි පිං තාලිය විනාශ කලා. ඉපැරණි අම්බලම තිබුණු ප‍්‍රධාන පිවිසුමේ අනවසර ඉදිකිරිම් කලා වගා කලා. විහාර බිමට යන මාර්ගයේ කැමරා සවි කලා බැමි බැන්දා සෙල් ලිපි සහ මටත් මේවා ගැන වාර්තාකරණ මාධ්‍යවේදින්ටත් රාජ්‍ය නිලධාරින්ට දැන් අවස්ථා කිහිපයකදි තර්ජනය කලා මතක ඇති ඒ නිසා මේ සුළු තර සංවිධානාත්මක පිරිස් වල බලයට යට වේලා මේ උරුමය අනාගතයට වියකෙන්නට දෙන්න බැහැ. දළදා හාමුදුරුවෝ එක් දිනක් සමවත් සුවයෙන් වැඩ සිටි මෙම පුදබිම ආරක්ෂා කර දෙන ලෙස අපි සියලූ බලධාරින්ගෙන් ඉල්ලා සිටිනවා.

ඒ වාගේම මල්වතු මහා විහාර පාර්ෂවයේ ශ‍්‍රීමත් මහානායක මාහිමිපාණන් වහන්සේගේ නියමය පරිදි මල්වතු මහා විහාර පාර්ෂවයේ ලේඛකාධිකාරි ඓතිහාසික සෝමාවති රජමහ විහාරාධිපති අති ගෞරවණිය පහමුණේ සුමංගල නායක හිමිපාණන් වහන්සේ සහ මල්වතු මහා විහාර පාර්ෂවයේ කාරක සංඝ සභික නායක මාහිමිවරු කිහිප නමක් ඓතිහාසික දෙවනගල රජමහ විහාරයේ පුරා වස්තු සංහාරය සහ ඉඩම් ගැටලූ සියසින් දැක නිරික්ෂණය චාරිකාව යෙදුනා. ඒ නිසා මං හිතනවා මේ ගැටලූව විසදිම වෙනුවෙන්ද කඩිනමින් විසදුම් ලැබෙවි කියා.

– කෑගල්ල සමන් විජය බණ්ඩාර

27,689 views

13 Comments to “දෙවනගල පුදබිමේ බැකෝ දමා හාරයි..”

  1. Saradiel says:

    අපේ රටේ එකම පිල්ලිය සුලු ජාතින් කනගාටුයි

    • MD says:

      විශේෂයෙන් බහුතර මුස්ලිම් ජනතාව මව්බිමට සාපයක් වීම රටේ අභාග්‍යයක්.මෙයාල බහුතරය ඇත්තටම මරාගෙන මැරෙන්න ආපු බෝම්බ කරුවන් වගේ.කනගාටුයි

  2. dishum says:

    ලංකා බෙල් ,සහ බෙල් සොලියුෂන් යන ආයතන වල 5 දෙනෙකුට කොරෝනා බව තහවුරුය්

  3. nariya says:

    balayata athi kaadarakamata sinhala jaathiye vinaashaya ganan nogena innahati harima nindithai paalakaini

  4. Jehan says:

    Let’s go in thousands and remove these bastards

  5. අජානීය ඉස්කූටර් says:

    මෝඩ සිංහල බෞද්ධයන් දෙවනගලින් ඒකාලේ ඈත් උනා… ඒ භූමි පාලු උනා. කපටි හම්බ හැතිකරය එව්වයෙ ගෙවල් හදාගත්තා. දැන් රණ්ඩු… ධර්මපාලතුමා ඉන්දියාවට ගිහින් කිව්වේ ලංකාව පැත්තට තමන්ගෙ දේහයේ හිසවත් හරවන්න එපා කියලයි. මේ රටේ මිනිස්සුන්ට කියලා වැඩක් නෑ

    • Sky says:

      දෙවනගල පොලිස් ස්ථානයේ සියලු නිලධාරින් වෙනස් පළාතකට මාරු කරනු …මොවුන් මුස්ලිම් ජාතිකයින්ගෙන් අල්ලස් ගන්නවා වියහැකියි වහාම ඒ ගැන පරීක්ෂණ කල යුතුයි…අපේ රටේ මුස්ලිම් ආක්‍රමණය වැලක්වීමට වත්මන් රජය වහාම කටයුතු කරන මෙන් ඉල්ලමු …දැන් යහපාලන කාලයටත් වඩා අන්තවාදය වැඩි වී ඇත…වරද අපේම පාලකයින්ගේ නොවේද ? රටක එක නීතියක් එක භාෂාවක් තිබුනා නම් මේ ප්‍රශ්න ඇති නොවේ

    • LION says:

      අපේ රටේ කොන්ද පන ඇති නියම දේශප්‍රේමී සිංහල පාලකයින් නොමැති වීමේ හේතුව නිසා සුළු ජාතින් බලෙන් අපේ රටේ බෞද්ධ පුජා බිම් කොල්ලා කනවා
      හෙළයිනි ,දැන්වත් පෙරට වරෙව් ..බලා සිටියා ඇති

  6. Asela says:

    Niyamayi ratema gas kapanawaa , pura vidya stahana doser karanawaaa…? Kadu ehema nidhan walan hambaunoth Mahinda aiiyata , Namal ta denna Nandasena lokka…? Ane ithin ape modayoth Thamuse wage ratak jathiyak nathi ekekuta rawatilaaa chande dunnane…? Ape rata beraganna thibuna anthima awasthawa e nathi unee…?

  7. Darshana abayakoon says:

    ඔවා සුලු දේවල් අප්ප ගනන් ගන්න එපා.කන්න නැත්තත් ඉන්න රටක් තියෙම්න ඔනේ. බඩ ගැන හිතල නෙවෙයි ජනතාව මේ ආන්ඩුව පත් කර ගත්තෙ.

  8. Theeraka says:

    All Mussies in Srilanka should be sent back to where they belong in the desert lands in the middle East. While they are destroying our country Gotabaya the warrior is having a nice slumber.

  9. Zed says:

    කෝ මේ කෑගල්ල නියෝජනය කරන සිංහල පාර්ලිමේන්තු මන්ත්‍රීන්? මුස්ලිම් ජන්දවලට තියන කෑදරකමට දෙවනගල පැත්ත පලාතේ යන්නෑ. ඔවුන්ව ඊලග ජන්දයේදී ප්‍රතික්ෂේප කරන්න. මුස්ලිමුන්ට මෙච්චර ඉඩම් සහ පල්ලි ඕනෙ උන් පිටින් ගෙනවිත් පදින්චි කරවන නිසා.

  10. Ranjith(SPRRW) says:

    Muslims here are not children of Arabic traders. They are children of Sakkiliyar plus Afghan solders. Tamils are historical traditional enemies of ours. They want to destroy our Sinhalese heritages same as Tamils Muslims.

Main News