මන්ත‍්‍රීනිය ගුටි අනී.. සභාපති රෝහලේ….

January 27, 2021 at 4:40 pm | lanka C news
මන්ත‍්‍රීනිය ගුටි අනී.. සභාපති රෝහලේ….

ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරියක් පහරදුන් බවට පවසමින් කන්දකැටිය ප්‍රාදේශීය සභාවේ සභාපති කමල් රාජපක්ෂ මහතා අද (27) දින කන්දකැටිය පොලීසිය වෙත පැමිණිල්ලක් ඉදිරිපත්කර තිබේ.

පහරකෑමට ලක්වීමෙන් තුවාල ලබා ඇති කන්දකැටිය ප්‍රාදේශීය සභාවේ සභාපති කමල් රාජපක්ෂ මහතා අද දහවල් කන්දකැටිය රෝහලට ඇතුළත් කර ඇතැයි වාර්තා වේ.

කන්දකැටිය ප්‍රාදේශීය සභාවේ මාසික රැස්වීම පැවැත්වෙමින් තිබියදී සභාපතිවරයා සහ අදාළ මන්ත්‍රීවරිය අතර බහින්බස්වීමක් සිදුවී ඇති අතර පසුව සභා ගර්භයෙන් පිටතට පැමිණ සිටියදී මෙම පහරදීම සිදුවී ඇත.

අදාළ පහරදීම සිදුකළ බවට චෝදනා එල්ල වී ඇත්තේ එක්සත් ජාතික පක්ෂයේම කන්දකැටිය ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරියකටය.

පහරදීමට නිශ්චිත හේතුවක් මේ දක්වා අනාවරණය වී නොමැති අතර සිද්ධිය සම්බන්ධයෙන් කන්දකැටිය පොලීසිය විමර්ශන සිදුකරයි.

– aruna

31,300 views

2 Comments to “මන්ත‍්‍රීනිය ගුටි අනී.. සභාපති රෝහලේ….”

  1. Sarath says:

    ඕක මොකක්ද ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකාත් කෙල්ලෙක්ගෙන් කාලා ඉස්පිරිතාලෙ ගියේ. සරත් ෆොන්සේකට බෝම්බේ ගැහුවේ ගෑණු ළමයෙක්. ගෑණු ළමයෙක් හමුදා මූලස්ථානෙට ඇවිත් හමුදාපතිගෙ බඩවැල් එලියට ඇදපු එකම රටේ පුරවැසියෙක් වීම ගැන ආඩම්බරයි.

  2. Gamarala says:

    පළාත් සභා අහෝසි කොට පළාත් නවය සඳහා ඇමැතිවරුන් 09 දෙනකු පත්කළ යුතුය.

Main News