කටුනායක අක්කර 100ක කර්මාන්ත පුරයක්..

January 28, 2021 at 5:30 pm | lanka C news
කටුනායක අක්කර 100ක කර්මාන්ත පුරයක්..

කටුනායක, කලුදියවල රජයේ ඉඩමෙහි අක්කර 100කට අධික භූමිභාගයක හරිත කර්මාන්තපුරයක් පිහිටුවීම සඳහා ඉදිරිපත් කළ අමාත්‍ය මණ්ඩල සංදේශයට අනුමැතිය ලැබී ඇති බවත් කර්මාන්ත අමාත්‍යාංශය මගින් රුපියල් මිලියන 2000කට අධික පිරිවැයක් යොදවා ජලය, විදුලිය හා ප්‍රවේශ මාර්ග පහසුකම් සහිතව එම භූමිය පරිසර හිතකාමීව සංවර්ධනය කර බස්නාහිර පළාතේ කර්මාන්ත ඇරඹීම පිණිස ඉල්ලුම් කර ඇති ආයෝජකයන්ට ලබා දීමට කඩිනමින් කටයුතු කරන බවත් කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි.

දැනට බස්නාහිර පළාතේ කර්මාන්ත ඇරඹීම පිණිස ව්‍යාපෘති යෝජනා ඉදිරිපත් කර ඇති ආයෝජකයන් පිරිස 150කට අධික බවත් ඒ පිරිස අතරින් බතික් ඇතුළු දේශීය ඇඟලුම් ආශ්‍රිත නිෂ්පාදන, රබර්, ප්ලාස්ටික්, ඖෂධ ආශ්‍රිත නිෂ්පාදන, විදුලි හා ඉලෙක්ට්‍රොනික උපාංග, ඇසුරුම්කරණ, අගය එකතු කළ කෘෂි කාර්මික නිෂ්පාදන යන නිෂ්පාදන ක්ෂේත්‍රවල ආයෝජකයන්ට මෙම හරිත කර්මාන්තපුරයෙහි කර්මාන්ත ඇරඹීමේදී ප්‍රමුඛතාව ලැබෙන බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

බස්නාහිර පළාතේ කර්මාන්ත ඇරඹීම පිණිස ව්‍යාපෘති යෝජනා ඉදිරිපත් කර ඇති ආයෝජකයන් 150කට අධික පිරිසට මෙසේ කර්මාන්තපුර පිහිටුවා පහසුකම් සැලසීමෙන් රුපියල් බිලියන 03කට අධික ආයෝජනයක් යටතේ රැකියා අවස්ථා 11,500කට පමණ උත්පාදනය වන බව ද වීරවංශ මහතා පෙන්වා දෙයි. මේ වන විට කර්මාන්ත අමාත්‍යාංශය යටතේ කර්මාන්තපුර 32ක් සක්‍රීයව පවත්වාගෙන යන අතර ඉන් 09ක් බස්නාහිර පළාත තුළ පිහිටා තිබේ. කටුනායක කලුදියවල කර්මාන්තපුරය ඉදිවන්නේ බස්නාහිර පළාතේ 10 වැනි කර්මාන්තපුරය ලෙසයි.

කටුනායක කලුදියවල හරිත කර්මාන්තපුරය තුළ අක්කර 05ක භූමිභාගයක සංචාරක ආකර්ෂණය දිනාගත හැකි අයුරින් සියලු පහසුකම්වලින් සපිරි වෙළඳ මධ්‍යස්ථානයක් ද ඉදිකරන බවත් එමගින් හරිත කර්මාන්තපුරයෙහි කර්මාන්තකරුවන්ට සිය නිෂ්පාදන අලෙවි කර ගැනීමේ ඉඩකඩ ද නිර්මාණය වන බවත් විමල් වීරවංශ අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

අනුරුද්ධ බණ්ඩාර රණවාරණ,
මාධ්‍ය ලේකම්,
කර්මාන්ත අමාත්‍යාංශය

19,277 views

11 Comments to “කටුනායක අක්කර 100ක කර්මාන්ත පුරයක්..”

  1. මාක්ස්වාදී ජෙප්පා says:

    කර්මාන්තශාලා දැම්මාම ධනපතියන් බිහි වෙනවා. ඒ නිසා 88/89 කලා වගේ කර්මාන්තශාලාව ගිනි තියලා අයිතිකාරයා මරා දාන්න ඕනෑ.

    ඊට පස්සෙ සේවකයන්ට කොරියාවේ ධනපතියන් ලග වැඩට යන්න පුලුවන්. සේවිකාවන්ට මැදපෙරදිග ධනපතියන් ලග වැඩට යන්න පුලුවන්.

    • සුනිල් says:

      ලොක්කා රීලා හත්පොලේ ගාගන්නව දැකල මඥ්ඥං වෙච්ච ඕනම සාඩිං බයියෙක්ට අන්තිමේදි මතක් වෙන්නෙ 88/89. ගිහින් උඹල කරේ තියාගෙන වඩම්මපු ලොක්කට කියපන් හතර අතේ ඇවිදින්නෙ නැතිව එක තැනකට වෙලා පිලිවෙලකට වැඩකරන්න කියලා.

      • මාක්ස්වාදී ජෙප්පා says:

        ධනපතියන් ලග කටු ලෙවකන උන්ට අපිව පෙන්නන්න බැරි බව අපි දන්නවා. ඒ නිසයි අපි කැරලි 2ක් ගහලා ධනපතියන් සහ කටු කන්නන් 90,000ක් විනාශ කරල දැම්මේ.

        • අසංක කුමාර says:

          ඔබලා ඔය විදිහට අපහාස කරන මියගිය තරුණයො ජීවිතය දුන්නෙ ඔබලාගේ අපේ අනාගත පරම්පරාව වෙනුවෙන් කියල තේරුම්ගැනීමට සක්තියක් ඔබ වගේ වහල් මානසකිත්වයක් ඇත්තෙකුට තිබීම අරුමයක් නොවේ. උපහාස වදන් ලියමින් සංතෝසවෙමින් ජීවත්වෙන්න. ඔබ මියෑදෙන්නට පෙර ඔබගේ මුනුඹුරෙක් හෝ ඔබට මේ ටිකම පවසාවි.

    • 1/4 Marx says:

      Ayi kochchara kappam gaththa hedda. Yanawa strike karanawa kiyanawa kappam gannawa, ape lapa kumarayage dakshathawayane!

  2. ප්‍රියන්ති says:

    කටුනායක වෙළද ප්‍රවර්ධන කලාපයේ (1,2,3 සහ 4 කලාප වල) දැනට වැසී ඇති,ගොඩනැගිලි සහ අනෙකුත් යටිතල පහසුකම් ඇති කර්මාන්තශාලා නැවත රජයට පවරාගෙන නව ආයෝජන වලට ලබා දෙන්න.

    ඉතාමත්ම කඩිනම් විසඳුම එයයි.

  3. Kapila says:

    Why not enough zone you have ,

  4. Love nature says:

    රජයට අපේ ප්‍රණාමය අපේ දේ රැකගමු.

  5. SKF says:

    Good work. Respect sir!

  6. Karu says:

    In Horana and Mirigama 1000acrs lands identified under Megapolis project for industries.Why they were forgotten.

  7. Elakiri says:

    If clean and honest..ha ha..guy’s joyking…..we are in srilanka do whatever you want with this silly 225 heads

Main News