කොරෝනා මඩින දේශීය ඔසුවක්.. කමිටුවේ අනැමැතිය ලැබේ.. රට පුරා වෙලදසැල්වලට..

February 1, 2021 at 9:20 am | lanka C news
කොරෝනා මඩින දේශීය ඔසුවක්.. කමිටුවේ අනැමැතිය ලැබේ.. රට පුරා වෙලදසැල්වලට..

කොරෝනා වෛරසය සුවපත් කරන ඖෂධයක් ගාල්ලේ අලුත්වල පාරම්පරික සහ ආයුර්වේද වෛද්‍ය තරංගා කුමාරි වික්‍රමසූරිය මහත්මිය විසින් හඳුන්වා දී ඇත.

එපිරෙපිස් නමින් හඳුන්වා දී ඇති මෙම ඖෂධය සඳහා යුර්වේද සූත්‍ර කමිටුවේ අනුමැතිය හිමිව තිබේ.

ඇය මීට පෙර ඩෙංගු රෝගය සඳහා ද දේශීය ඖෂධයක් නිපද වූ අතර ඒ සදහා පේටන්ට් බලපත‍්‍රයද හිමිව ඇත.

කොරෝනා සඳහා හඳුන්වාදෙන ලද නව ඖෂධය නුදුරේදීම රට පුරා ඖෂධ වෙළඳසැල් වලට යොමු කරන බව ද ඇය සඳහන් කළාය.

නමුත් දැනට විශාල පිරිසකට එකවර ඖෂධ නිකුත් කිරීමේ අපහසුතාව නිසා ඒ ගැන වැඩි ප්‍රචාරයක් ලබා නොදෙන බවද ඇය කියා සිටී.

මෙම ඖෂධය ඖෂධ අලෙවි සැල්වලට නිකුත් කිරීමට හැකියාව ඇති ලෙස අනුමැතිය දෙමින් සහතික ලැබී ඇතැයිද ඇය සදහන් කලාය.

67,046 views

33 Comments to “කොරෝනා මඩින දේශීය ඔසුවක්.. කමිටුවේ අනැමැතිය ලැබේ.. රට පුරා වෙලදසැල්වලට..”

  1. kamal says:

    මේකත් ඩෙන්ගු බෙහෙත වගේම ශාර්තක ඇති නේද?

    • Alapaluwa says:

      ඔව් බන් ඩෙංගු වලින් මැරුන වගේම මැරෙයි.

      • කුඹුක්කණ් says:

        මේ බෙහෙත බීලා මැරුණු එකෙක් කියපං ඩෙංගුවලින්

        නොදන්න කමට ගොං කතා කියන්න එපා භල්ලො

        • john the baptice says:

          උබ ඕක බීල මැරියන් 😀 අපිට මොකො

          • නොදකිං says:

            ඕන්න, දේශීය බේතක් දුටු තැන බූමිතෙල් වැදුන ගැරඬියා වගේ දඟලන ගොන්හරකා = ක්‍රිමිනල් = හොර අලපලුවා =ගොන් ජෝන් ද බැට්ටිස්….

  2. කරුපයියා සොක්ක නාදන් says:

    “නමුත් දැනට විශාල පිරිසකට එකවර ඖෂධ නිකුත් කිරීමේ අපහසුතාව නිසා ඒ ගැන වැඩි ප්‍රචාරයක් ලබා නොදෙන බවද ඇය කියා සිටී.” ඔන්න බයියනි උගත් මිනිස්සු වැඩ කරන හැටි , හැසිරෙන හැටි බලාගන්න

    එකට අපේ පච හොර ධම්මිකයා , පැණිය හදලත් නෑ , සුත්තර කමිටුවේ අනුමතියකුත් නෑ , සායන පරික්ෂනයකුත් නෑ පැණිය හදන්න සධික්කත් නෑ , එත් පච කොම්බු නාලිකාවෙන් රට පුරා ප්‍රචරණයත් කරලා ඉවරයි , ඔන්න මෝඩ තක තිරුවෝ වැඩ කරන හැටි, මෝඩ බයියන්ට හොද පච ධම්මිකයා වගේ හොරුන් තමයි

    • Nimal says:

      හෙල වෙදකමට ජය. කොචිචර කෙනහිලිකමි කරත් ධමිමික වෙද මහතා ලක්ෂ 37 බෙහෙත් දුන්නා. මෙිකට කවිරැහරි අනුග්‍රහය දුන්නනමි ලංකාවටම නොමිලේ දෙන්න තමයි එතුමා හිතන් හිටියේ. උඹලා වගේ සක්කිලියෝ මොන තරමි කුහක වැඩ කරත් හරියන්නේ නෑ,උඹ කියන යට ගහලා තියෙන්න් ඉන්නේ කවිද බං? පුලුවන්නං දිපංකෝ උත්තර ක්‍රිමිනලෝ. පැනියේ අවිලක් තිබුනනමි මෙචිචර කල් නොකියා ඉදිද. ලැජ්ජාවෙයං පරයෙක් ලෙස හිතන්ට වැඩ කරන්ට උනඑක ගැන

      • ධම්මික හූලිට ඛකලා says:

        බූරු පුතේ, මේ හුලිජ්ජ පැණිය බයි ටොයි 3% සිපයි හැමෝටම කරන කෝචෝක් එකක් විතරයි. මීට කලින් කාලිගෙ අම්මා ඉපදෙන්ඩ කලින්, ධම්මික කාලි එක්ක නිදිවදින්ඩ කලින් වයිරස් රෝග වලින් ඕන හැටිය ලෙඩ්ඩු මැරුණා. එන්නත් ඇවිත් තමයි ඒ වසන්ගත ඉවර කරේත්, වයිරස් තුරන් කරේත්. පෝලියෝ හොදම උදාහරණෙ.පැණි බීලා aසෞක්‍ය එමතිටත්, කතානායකටත්, ඇමතිවරු ගනනාවකටත් කෙළ සන්ගෙ වුණා දැකලවත් ඔය ගොන් කම අඩු කරගන්ඩ බැරිද?ඉගෙනීමක් නැත්තම් පැණි ධම්මික රවට්ටලා විතරක් නවත්තන එකක් නැ, රෑට ඉන්න තැනක් එහෙම කියන්ඩ එපා, ඌ ලෝකයා. කාලිව එවයි ඔයාව දූශණය කරලා යන්ඩ.

        • Nimal says:

          තමන්ගේ නමින් කොමෙන්ටුක් කොටන්ට කොන්ද පන නැති උනත් ක්‍රිමිනලා උත්තර දිිලා. පවි බං උඹ සැහෙන මොලේ අමාරැවක් තියෙන අසහනකාරයෙක් බලාගෙන ගිහාම

    • කුඹුක්කණ් says:

      උඹ දන්න මගුල, යකෝ පහුගිය ටිකේ නිවුස් බැලුවෙ නැද්ද?
      සූත්‍ර කමිටුවේ අනුමැතිය ලැබිලා තියෙන්නෙ, මොන පොල් බූරුවොද බං උඹලා

      • opps says:

        ඒ කියන්නේ ධමිමිකපැනිය අනුමත ඖෂධයක් එලනේ බං.

  3. බූරු පුතාණෝ සජියා says:

    සායනික පරීක්ෂණවල විස්තර සොයාබලන්නෙ නැතුව මේවා බොන්න එපා. ධම්මිකගෙ කාලි පැණිය වගේ සල්ලි උල්පතක් හදාගන්න තමයි හැමෝම වලිකන්නෙ.

    • kamal says:

      ඇයි උඹට ලින්ක් සමහන්. වෙන්ඩොල් පැනිය එහෙම පේන්නේ නැද්ද බුරැවෝ

    • කුඹුක්කණ් says:

      ගොනෝ, බටහිර ඖෂධයක් වෙලද පොල ට දාන එක යි , දේශීය ඖෂධයක් දාන එකෙයි වෙනස දන්නැද්ද?

      සූත්‍ර කමිටුවේ අනුමැතිය ලැබුනා කියන්නෙ , ඒක ආයුර්වේදය අනුව හරි. ඒක පාවිච්චි කරන්න , ලෙඩ්ඩුන්ට නිර්දේශ කරන්න දේශීය වෛද්‍යවරුන්ට පුලුවන්.

      ආයුර්වේද ක්‍රමය බටහිර ක්‍රමයට මනින එක වැරදියි,
      ඒක හරියට අර පයිසර් එන්නතට , ආයුර්වේද සූත්‍ර කමිටුවේ නිර්දේශය කිව්වා වගේ වැඩක්

      • john the baptice says:

        මේ ධම්මික පැනිය බොන්න ගිහින් කාලි බාස් ගහල එලවපු ගොන් බයියෙක් නේද?

  4. Muthu says:

    මෙයා වෙදකම කොහොම වෙතත් “තමන් ප්‍රචාරණයට” අති දක්ෂ කෙනෙක්. ඒඩ්ස් / පිළිකා / වකුගඩු ඉඳන් ඕනෑම ලෙඩකට බෙහෙත් දෙනවා. අපි බෙහෙත් ගන්න ගියාම, සැරයක් කිව්වා, සඳුදා හා බ්‍රහස්පතින්දා, එයාට මහින්ද රාජපක්ෂ ජනපති කිව්වා කියල දේශීය වයිද්‍ය ආයතනෙට ගිහින් උගන්වන්න. පස්සේ බලුම්ගලක් වගේ එකකකින් මෙයාව expose කරා. දේශීය වයිද්‍ය උපාදියක් වත් නෑ. කොරෝනා කොහොමත් මොකුත් බෙහෙත් නැතුවත් සනීප වෙනවා, වෙන ලෙඩ නැත්නම්. හුඟක් දෙශීට වෙද්දු මේවට බෙහෙත් දුන්නට, නමුත් ගෙදර හදන බෙහෙතක් නෑ. ඔය සේරම සිංහල බෙහෙත් අර තාරාවගේ බෙල්ලට වළලු දානවා වගේ. ඉඳල හිටලා වළල්ලක් වැටෙනවා. කුරුණෑගලත් ඉන්නවා මීට වඩා හොරෙක්, තනිකරම බොරුව. මේලෝකේ බෙහෙතක් හදන්නේ නෑ. හැබැයි සර්ව ලෝක වෙදෙක්. පත්තර වලට ලියනවා බෙහෙත් ලිපි, සල්ලි ගෙවල දාන්නේ. මාලබේ පන්සල ඉස්සරහ ඉන්න ol වත්නැති professors sir කියල board එකක් ගහගෙන ඉන්න එකත් ඒ වගේ. එයත් අර බලුම්ගලට අහු උනා. තුනටියේ හන්දි අමාරු මිරිකලා නැති කරනවලු. මිනිත්තු 10ට රු. 15,000 විතර ගන්නවා.

    • SKF says:

      ආයුර්වේද බෙහෙත් හොයා ගත පුලස්ති රිසි තුමාට විද්‍යා උපාධියක් තිබ්බද මචන්?
      බුදුන්ට, ජේසු තුමාට දර්ශනවේදී උපාධියක් තිබ්බද බන්?

      • බූරු පුතාණෝ සජියා says:

        අසාමාන්‍ය බුද්ධියක් සහ හැකියාවක් ඇති පුද්ගලයන් කලාතුරකින් ලෝකයට පහළවෙනවා. ඒ වගේම ඉඩි අමීන්, පොල්පොට්, ඛොකාසා, හිට්ලර්, මුසලොනි, ප්‍රභාකරන් වගේ අපරාධ කාරයොත් ටිකක් වැඩිපුර ඉපදෙනවා. හැම ගංකබරයාටම ඉබේම හොඳ වෙද මහත්තයෙක් වෙන්න බැරි නිසා තමයි කෝටි දහස් ගණන් වියදම් කරල මොළේ ටිකක් හොඳට වැඩකරන ළමයි තෝරගෙන දොස්තරල හදන්නෙ.

        • කුඹුක්කණ් says:

          කෝටි ගණන් වියදං කරවලා දොස්තරලා හදන්නෙ, උං හදන බේත් ටික ලෙඩ්ඩුන්ට පොවලා ප්‍රකෝටි ගනං හම්බකරගන්න.

          දැන් කියපං ඔය එන වැක්සීන් පට්ට හොදයි කියලා කියවනවනෙ, එහෙ කලාට කමක් නෑ , මෙහෙත් පරීක්ෂණයක් තියලා ගන්න එපැයි ඔච්චර විද්‍යාත්මක නං ලංකාවෙ වටහිර වෛද්‍යවරු

          එකෙක් වත් කිව්වද? ලාංකිකයො දාලා සායනික පරීක්ෂනයක් කරමු කියලා

          • Karunadasa says:

            සෞඛ්‍ය අංශේ අයට විදලා ටෙස්ටි එකක් තමයි කරන්නේ මචං ඒකනේ කැමැත්නේ විදගන්නවා කියලා ලියුමක් ගන්නේ. පහුගිය දවස්වල එන්න් ගේන්ටකියලා මැරෙන්ට හදපු එක දේසපාලුවෙක් මික් සද්දයක් නෑ, වෙන වෙලාවකනමි බලාගන්ට තිබුනා ප්‍රභූ අයිතිවාසිකමි කියලා වැලලෙන හැටි

      • Saman says:

        SKF උබ වගේ අවුරුදු දහස් ගානකට කලින් හිටපු මිනිස්සු උදාහරනෙට ගන්න අමු ගොන් හරක් තමා මේ හොරුන්ට අහුවෙන්නෙ. 😀 😀

    • Ranga says:

      ඔහේ කොහොමද නිවරදිවම නිගමනය කරන්නේ හොරැන් වංචාකාරයන් ලෙස? ඔය කියන විදියට පාරමිපරිකව ලෙඩ හොද කරන අයට පොදුවෙි ඔහේ අපහාසකරනවනේ. ඉතාම පහත් ක්‍රියාවක් වහම සමාව ගතයුතුයි

    • Hi says:

      ඇත්ත.මමත් බැලුන්ගල ඇහුවා.මේ වගේ හොර වෙද්දු නිසා තමයි අපේ හෙල වෙදකම නැති වෙන්නේ.
      අනික ඕන හොරෙක් හෙල වෙදකම ගැන කියලා බෙහෙතක් හොයා ගත්තා කියන කොට , ඒවාට හරි කියන්න ලැහැස්ති වෙලා ඉන්න අයත් මේ වගේ හොර වැඩවලට උඩගෙඩි දෙන වා.

      • කුඹුක්කණ් says:

        බැලුංගල කරන්නෙ බල්ලො දෙන්නෙක් , උන්ගෙ බිස්නස් වලට පාඩු වෙන දේවල් වලට පහර ගහනවා
        දහදාස් ගානක් ගන්නවා කිව්වා මේ වෙද නෝනා
        ඩෙංගු බේත ඒකාලෙ 2500

        බැලුං ගල මන්ද බුද්ධිකයො නැති ගානක් දානවා.

        • Saman says:

          කුබුක්කන් කියල කමෙන්ට් දාන්නෙ ඒ හොර වෙදා වගෙයි. 😀 😀

    • Muthu says:

      දේශීය වෙද්දු කීප දෙනෙක් ඉන්නවා. ඒ අය බෙහෙතුත් හදනවා. අනෙක් බොහෝ දෙනා කරන්නේ බොරුව. ආයුර්වේද වයිද්‍ය විද්‍යාලෙන් පිට වෙන අය, සාමාන්‍ය ලෙඩ වලට හොඳ සේවයක් කරනවා. මේ වගේ බොරු ප්‍රචාර දාගෙන මිනිස්සු අමාරුවේ දන්නේ නෑ. මම අත් දැකීමෙන් මේ මිනිස්සු ගැන කියන්නේ. නිකන් බලන්න ඔය ජනපති මෙයාට ගිහින් ආයුර්වේද විද්‍යාලේ උගන්නන්න කියපු බොරුව එන ලෙඩ්ඩු හැමෝටම වගේ කිව්වම ලැබෙන ප්‍රචාරය කොහොමද. අර අතුරුගිරියේ ඉන්න කේන්දර හොරා ඇතුළු මංජුල වගේ සේරම කේන්ද්‍ර හොරු කරන්නෙත් ඒකමයි, ජීවත් වෙන්නේ දැනුම මත නොවේ ප්‍රචාරය මත. බටහිර වේදකමේත් මේ වගේම හොරු ඉන්නවා. මීට වැඩිය මිනිස්සුන්ගේ ඉහ මොළ හුරගෙන කනවා. ඔය මම කලින් කියපු මාලබේ පන්සල ඉස්සරහ ඉන්න ol වත් නැති professor sir ඒ වගේ මිනී කාක්කෙක්. තක්කඩි දේශපාලකයොයි මුන් අතර කිසිම වෙනසක් නෑ. වරක් අමෙරිකානු මෙඩිකල් සඟරාවක තිබුනා, ලෙඩරෝග වලින් 70% වැඩිය කිසිම බෙහෙතක් නැතිව ප්‍රතිශක්තිය තුල සනීප වෙන බව. මිනිස්සු දැනුවත් වෙන්න ඕනේ මෙන්න මේ ගැන.

  5. රන්වල says:

    ඊට කලින් මේ නෝනා ඩෙන්ගු වලට බෙහෙතක් හැදුව ඒකට මොකෝ උනේ ලන්කාවෙ කීදෙනෙක් ඒක දැනට පාවිච්චි කරනවද ඒ බේත නිසා ලන්කාවෙ ඩෙන්ගු ලෙඩ්ඩු කීයක් හොද උනාද කියල හොයල බැලුව නම්.මේ රට කියන්නෙ ඕනි මගුලකට ඇන්දෙන අමු බයියන් සහ ඇන්දූම් සූර තක්කඩින්ගෙ තිප්පොලක් .එහෙව් රටක ඕනි එහෙකුට ඕනි සෙල්ලමක් කිසි අවුලක් නැතුව දාතැකි.

    • මාක්ස්වාදී ජෙප්පා says:

      ඕව මොකටද හොයන්නේ?
      කේරල ගවමුත්‍ර බිවුවම කොරෝනා හොදවෙනවා කියලා අපේ පක්ෂේ සහෝදරයා කිවුවේ. ඒක බිවුව නම් ඉවරනේ. බුද්ධිමත් සහෝදරයෙක් නිසා, සායනික පරීක්ෂණ එහෙම කර වෙන්න ඇති ඒ බෙහෙත ගන්න කියල කිවුවේ.

      • මාක්ස්වාදී ජෙප්පා says:

        මමනම් රුපියල් දෙදාස් පන්සීයක් දීල ධම්මික පැනිය බීල ඉන්නෙ. මගෙ පු* අමාරුවනම් සනීප වුනා.

  6. ගමේ මනුස්සයා says:

    හෙල වෙදකම් එන්නෙ පාරම්පරිකව, ඒවට උපාදි නෑ.හෙල වෙදකම් කියන නමවත් අහන්න අකමැති කන්ඩායක් රටේ ඇතිවෙයි වගේ..

    • Saman says:

      හෙල නම ගහගෙන ඉන්න බහුතරය හොරු. ඇත්ත වෙදාට මාධ්‍ය නෑ.

  7. Kuma says:

    Mutu ඔබ සීයට සීයක් හරි මේකෙ කමෙන්ට් කරන අයගේ අදහස් බැලුවම දුකත් හිතෙනවා මේ කුමාරි නෝනා ඩෙංගු වලට බෙහෙත් කරපු හැටි දන්නෝ දනිති .කවුරුවත් හෙළ වෙදකම සිංහල වෙදකම පහත් කරලා කතා කරනවා නෙමෙයි .ලංකාවේ තියෙන්නෙම සල්ලි හම්බ කරගන්න කරන බොරු ඒ නිසා කරන වෙදකම හරි කියලා ඔප්පු කරන්න ඕනේ .කොරෝනා ඩෙංගු වගේ නෙවෙයි ,නිධන්ගත ලෙඩ රෝග නැතිනම් සතියක් විතර යනකොට ඉබේ හොඳ වෙනවා .ඉතින් මොවුන් සීයකට බේත් දුන්නොත් අසූවකට හොඳ වුනොත් කියන්නේ මේ බෙහෙතෙන් හොඳ වුනා කියලා .කරුණාකරලා තේරුම්ගන්න .

    • කුඹුක්කණ් says:

      ඒකට තමා බූරුවො සායනික පරීක්ෂනයක් කලේ වතුපිටිවල රෝහලේ, ආචාර ධර්ම කමිටුව දැනුවත් නෑ කියලා ඒක පිලිගත්තෙ නෑ මේ බල්ලො

      දැන් ආචාර ධර්ම කමිටුව OK කිව්වා, දැන් සායනික පරීක්ෂණය ඇද ඇද ඉන්නවා, උඹලා වගේ බටහිර ගොන්නුන්ට පේන්න ගොසිප් දානවා, විද්‍යාත්මක විධික්‍රමය ගැන දැනුමක් නැති උඹලා බැන බැන එන්නතටම ආවඩනවා

Main News