නැගෙනහිර ජැටිය වෙනුවට බටහිර ජැටිය.. අක්කා බේරගන්න නංගි බිලිදීමක්ද..

February 4, 2021 at 3:27 am | lanka C news
නැගෙනහිර ජැටිය වෙනුවට බටහිර ජැටිය.. අක්කා බේරගන්න නංගි බිලිදීමක්ද..

නැගෙනහිර පර්යන්තය සුරැකීමට එක් වූ ආණ්ඩුවේ පක්ෂ 10ක නායකයන්ගේ විශේෂ මාධ්‍ය හමුවේදී පිවිතුරු හෙළ උරුමය නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා මෙම අදහස් පල කලේය.

නැගෙනහිර ජැටිය බේරගන්න බටහිර ජැටිය බිලි දුන්නේ ඇයි? අක්කා බේරගන්න නංගී බිලි දුන්නාද ? නර බිල්ල බේරගන්න කුකුල් බිල්ලක් දුන්නා ද? යන ආදී වශයෙන් අද සමාජය තුළ අලුත් කතිකාවතක් බිහිවෙමින් තිබෙනවා. වඩාත් නිවැරදිව කිව්වොත් බිහි කරන්න උත්සාහ කරමින් තිබෙනවා. ඒ නිසාම මේ ජැටි පිළිබඳව මෑතකාලීන ඉතිහාසයට එබී බලන්නේ නැතුව ඇමති මණ්ඩලය ගත්ත තීරණයේ සාධාරණත්වය පිළිබඳව කාටවත්ම නිගමනවලට එළඹෙන්න බෑ.

2001- 2004 පැවති එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව කොළඹ වරායේ අලුත් දියකඩනයක් හදලා මීටර් 18 වඩා ගැඹුරු අලුත් වරායක් ගොඩනගන්න ආසියානු සංවර්ධන බැංකුවෙන් ණයක් ඉල්ලූ අවස්ථාවේ ඒ ණය ගිවිසුමේ එක කොන්දේසියක් තමයි U අකුරේ හැඩයට හැදෙන මේ වරායේ තිබෙන පර්යන්ත තුනම ආණ්ඩුවේත් පෞද්ගලික අංශයේත් හවුල්කාරී ව්‍යාපාරයක් ලෙස සංවර්ධනය කර පවත්වා ගත යුතුයි කියන එක. 2005 දී මහින්ද රාජපක්ෂ මැතිතුමන් ජනාධිපති ධූරයට පත්වෙලා මුදල් ඇමති තනතුරට පත් වුනාම මේ ගිවිසුම අත්සන් කරන්න එතුමට එනවා. එතුමා කියනවා එහෙම බෑ අඩුම ගානේ එක පර්යන්තයක් වත් වරාය අධිකාරිය සතු විය යුතු බවට මේ ගිවිසුම සංශෝධනය විය යුතුයි නැති නම් මට මේක අත්සන් කරන්න බෑ කියලා. ඒ අනුව එක් පර්යන්තයක් වරාය අධිකාරයේ පූර්ණ අයිතිය යටතේත් අනිත් පර්යන්ත දෙකම පෞද්ගලික හා වරාය අධිකාරිය හවුල් ආයෝජන විදිහට සංවර්ධනය කරනවා කියන පදනමෙන් තමයි මේ අලුත් දියකඩනය සහ අලුතෙන් ඒ මත බිහිවන වරාය බිහිවෙන්නේ.

ඒ නිසා එක පැත්තකින් එක ජැටියක් පමණයි ඒ ගිවිසුම අනුව වරාය අධිකාරියට සම්පූර්ණයෙන් තියාගන්න වෙන්නේ. චීනය සමග හවුල් ව්‍යාපාරයක් විදියට ජාත්‍යන්තර කොළඹ බහාලුම් පර්යන්තය තියෙනවා වගේම නැගෙනහිර පර්යන්තය හෝ බටහිර පර්යන්තය අනිවාර්යයෙන්ම තවත් හවුල් ව්‍යාපාරයක් ලෙස සංවර්ධනය කළ යුතු වෙනවා. ආණ්ඩුව ඉතාම නිවැරදිව නැගෙනහිර පර්යන්තය ඒ සඳහා තෝරා ගන්නවා. මොකද නැගෙනහිර පර්යන්තය උපාය මාර්ගික වශයෙන් වැදගත්. එය තමයි වරාය අධිකාරිය සතු විය යුත්තේ. 2014දී වරාය අධිකාරිය නැගෙනහිර පර්යන්තය ඉදිකරන්නේ ඒ පදනමින්. මොකද මේ වරායේ back to back ඔපරේෂන් එකක් නැත්තං පර්යන්ත අතර මෙහෙයුමක් කළ හැකියි එකම පර්යන්තය නැගෙනහිර පර්යන්තය පමණමයි.

නමුත් අවාසනාවට පහුගිය ආණ්ඩුව 2017 අප්‍රේල් මාසයේ 25 වෙනිදා එවකට අමාත්‍ය ධුරයක් දැරූ මලික් සමරවික්‍රම මැතිතුමාත් ඉන්දියාවේ සුෂ්මා ස්වරාජ් අමාත්‍යතුමියත් අත්සන් කළ ගිවිසුම් ප්‍රකාරව උපාය මාර්ගික වටිනා සම්පත් ගොන්නක්ම ඉන්දියාව සමග හවුලේ සංවර්ධනය කරන්න එකඟතාවක් හදා ගන්නවා. එතැනදී ඒ ගිවිසුමේ කොළඹ වරායේ පර්යන්තයක් යනුවෙන් පර්යන්තයක් ද සංවර්ධනය කරන්න තීන්දු කරනවා. ඒක නැගෙනහිර හෝ බටහිර විය හැකියි. මොකද ඒ වෙනකොට ජාත්‍යන්තර පර්යන්තය චීනයට දීලා ඉවරයි. 2019 මැයි මාසේ 28 වැනිදා වරාය ඇමැති සාගල රත්නායක මැතිතුමන් ජපානය සහ ඉන්දියාවේ තානාපතිවරුන් සමග අත්සන් කරන ගිවිසුමෙන් එය නැගෙනහිර පර්යන්තය බවට සඳහන් කරනවා.

ඒ නිසා මේක මේ ආණ්ඩුව ඇති කරගත්ත ප්‍රශ්නයක් නෙමෙයි මේ ආණ්ඩුව බලයට පත් වෙනකොට පසුගිය ආණ්ඩුව අපේ කර මත පටවපු කරුමයක් තමයි මේ ආණ්ඩුවට මුහුණ දෙන්න සිද්ධ වුණේ. මේ නිසා ජාත්‍යන්තර බැඳියාවක් ආණ්ඩුවට තිබුණා. හැබැයි අපේ උපායමාර්ගික වශයෙන් වඩාත් වටිනා නැගෙනහිර පර්යන්තය මහින්ද රාජපක්ෂ ආණ්ඩුව තීරණය කළ ආකාරයෙන්ම අනිවාර්යෙන්ම වරාය අධිකාරිය මත තිබිය යුතුයි කියලා මේ ආණ්ඩුව බලයට පත් කරපු ජාතිමාමක බලවේග දේශපාලන පක්ෂය පොදු සම්මුතියක හිටියා. මේ නිසා ජනාධිපතිතුමන් ජාත්‍යන්තර බැඳියාව ට වඩා රටේ ජනමතයට මුල් තැන දෙමින් නැගෙනහිර ජැටිය වරාය අධිකාරියේ පූර්ණ දායකත්වයෙන් සංවර්ධනය කළ යුතුයි කියලා තීන්දු කරලා ඒක අමාත්‍ය මණ්ඩලයත් ඒකමතිකව සම්මත කළා.

ඇත්තෙන්ම රාජපක්ෂවරුන්ගේ එක උරුමයක් කියලා අපිට හිතෙනවා. 2009 දී මහින්ද රාජපක්ෂ මැතිතුමා මෙවැනිම තීන්දුවක් ගත්තා. ලෝකයේ බලවත් රටවල් සියල්ලම එක පසෙක හිටගෙන ජාත්‍යන්තර සංවිධාන සියල්ල එතනම හිටගෙන කොටි සංවිධානය සමග යුද්ධය නොකර වහාම සටන් විරාමයක් ප්‍රකාශයට පත්කර කොටින් සමග සාකච්ඡා කළ යුතුයි කියද්දි රටේ ජනතාව ඉල්ලා හිටියා, නෑ දැන් ඉතුරු වෙලා තියෙන්නෙ කොටියගෙ වලිගේ විතරයි ඒ නිසා මේ කොටි ත්‍රස්තවාදය අවසන් වනතුරු යුද්ධය ඉදිරියට යා යුතුයි කියලා. දැවැන්ත ජාත්‍යන්තර පීඩනය හමුවේත් රටේ ජනමතයට ගරු කරලා මහින්ද රාජපක්ෂ මැතිතුමා කොටි ත්‍රස්තවාදය අවසන් කළා. එහි ජාත්‍යන්තර පලවිපාක අදත් අපි භුක්ති විඳිනවා. නමුත් රට තුළ මහා සාමයක් උදා වෙලා. සංවර්ධනයක් උදා වෙලා. ජනාධිපතිතුමාට රාජපක්ෂවරුන්ට ජාත්‍යන්තරයේ පීඩනයට අදත් මුහුණ දෙන්න සිදු වුනත් එහි ප්‍රතිලාභ රටේ ජනතාව භුක්ති විඳිනවා . ඒ වගේම ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ඒ අඩි පාරේම ගමන් කරමින් ජාත්‍යන්තර සබැඳියාවට වඩා රට අංක එකට තැබීම පිළිබඳව අතිගරු ජනාධිපතිතුමන්ට අපේ ප්‍රණාමය පුද කරන්න මේක අවස්ථාවක් කරගන්නවා.

ඒ වගේම මේ පක්ෂ 10 එකට එකතු වුණේ නැගෙනහිර ජැටිය බේරගන්න විතරක් නෙමෙයි මව්බිම අනතුරකට වැටෙන ඕනෑම අවස්ථාවක මේ සමගිය මේ ලෙසින්ම තබාගෙන රට රකින පවුරක් ලෙස කටයුතු කරන්න අපි ලෑස්ති කියන පණිවිඩයත් අපි අද ජාතිය හමුවේ තබනවා.

අපේ ජනබල පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රි පූජ්‍ය අතුරලියේ රතන හිමි, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම්, රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර, නව ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ නායක, අමාත්‍ය වාසුදේව නානායක්කාර, ලංකා සම සමාජ පක්ෂය ප්‍රධාන ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රි මහාචාර්ය තිස්ස විතාරණ, ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම් වෛද්‍ය ජී. වීරසිංහ, පාර්ලිමේන්තු මන්ත්‍රි ගෙවිදු කුමාරතුංග යන මහත්වරුන් ඇතුලු පිරිසක් මෙම මාධ්‍ය සාකච්ඡාවට එක්ව සිටියහ.

– midea unit

23,104 views

13 Comments to “නැගෙනහිර ජැටිය වෙනුවට බටහිර ජැටිය.. අක්කා බේරගන්න නංගි බිලිදීමක්ද..”

  1. Eka nam hari. Mahinda, Europe, America, England, India weni Loka Balawatunwa satha pahakata wath ganan ge nethuwa, ema maranthika, kalakanni, vinasakari, LTTE thrasthayange Yudaya War eka dinala, api Lankawe sama kenekutama, Athi Mahath nidahasa, the Greatest Peace api samata labadunna. Mahinda, loke kisima lokkekuta Lankawa LTTE thrasthayanta baa demda dunne neha. Mahinda saha Gota, oya Colombo port, waraya prashnayath ewage Indian karayo, ape Lankawata irshiya karana ewungen kohomahari galawa gani kiyala hitheawa.

    • මාක්ස්වාදී ජෙප්පා says:

      උබලා මොනවා කිවුවත් මේ ප්‍රශ්ණ ඔක්කොටම මුල, අදානි කියලා ධනපතියෙක් ඉන්දියාවෙ බිහි වීම සහ ඉන්දියාව ආර්ථික බලවතෙක් වීම.

      ඉන්දියාවෙ මිනිස්සුත්, අපේ සහෝදරවරු 88/89 කලා වගේ සියලුම කර්මාන්තශාලා ගිනි තබා ධනපතියන් විනාශ කලා නම් ඉන්දියාව දුප්පත් වෙනවා. අදානිලා බිහි වෙන්නෙත් නෑ.

  2. B4 UNP now Gota says:

    Fail

  3. kamal says:

    ගුරුදෙව්ගෙන් ප්‍රකාශනයක්
    කපටිකම තිබ්බෙ කමල්ගෙ තමා නමුත් අද පඩයක් යද්දි එහි ඇතිවුන ගැටිම සම්බන්ධව සිතා රුපය වේදනා සංඥා චෙතනා හා විඤ්ඤාණ මෙයට සම්බන්ධ බව හා පඩය විසින් අභිනන්දනය කරපු කුට වැඩ හා කපටි වන්දනාව නැතිවුනා. නමුත් තේරුම් ගත්තා ඇලිම හා ගැටිම ඇති තැන උත්පාද ඨිති භංග තුනම තියෙන බව හා පඩය විසින් හදන සංඛාර අය හැදෙන්නෙ සෝවාන් අයගේ හැදෙන විදියට කියලා. ඍද්ධි බලයෙන් පඩය ඇති කරේ මම මිට ෂඩ් අභිඤ්ඤාලාභි කිරිබත්ගොඩ මහ රහත් තෙර හා සෝවාන් වුන කමල් නමුත් කමල් 2011 න්පසුව අභිනිෂ්ක්‍රමණය කරා අද නෙක්ඛම්මය තියෙනවා නමුත් මහණ වෙනවා 2025 ජනවාරි හය මහමෙව්නාවේදි කමල්ගෙ බිරිදත් මහණ හෝ බ්‍රහ්මචාරි වෙනවා 2022 සිට මිට කමල්ගෙ විවාහයට කමල්ට උදව් කරපු කිරිබත්ගොඩ ඥණානන්ද මහ රහත් හිමි

  4. Dinu Jayasekara says:

    විශිෂ්ට පැහැදිලි කිරීමක්. ඔබතුමන්ලා හරි. ඒත් ජනපතිතුමන් එකක් අපිට කියන්න ඕනෑ. නැගෙනහිර ජැටිය පසුගිය ආණ්ඩුව විසින් ඉන්දියාවට ගිවිසුමකින් දීලා නම් මොන බම්බුවට ද ඒක වරාය අධිකාරිය විසින් පමණක් සංවර්ධනය කරනවා කියා ප්‍රතිපත්ති ප්‍රකාශයට දැම්මේ?

    ප්‍රතිපත්ති ප්‍රකාශයේ එහෙම දාලා නැගෙනහිර ජැටිය ඉන්දියාවට දෙනවා කියලා ජනපති ඉන්දියාවට සහ රටට කිව්වේ ඇයි?

    ජනපතිතුමා දක්ෂ පරිපාලකයෙකු වුණාට දේශපාලනය තේරෙන්නේ නැති පාටයි.

  5. B. Anthony says:

    තොපිත් මේකට වග කියන්න ඕනෙ. නිවට හැතිකරය. මලික්, රනිල් රවි තුන්කට්ටුවට දීලා තොපිට අත හෝද ගන්න බැහැ. හොදයි බොලා සුදනො නම් එදා ඒ ගහපු ගිවිස්ම් වලට යහපාළණේ ඉදගෙන විරුද්ධ වෙච්ච එකෙක් අත උස්සපල්ලා. ඇයි නැවිලා ඇඹරෙන්නෙ. බැහැ නෙහ්!

  6. Upul says:

    Negenahirath denna wali kala, beri una thena pora talk denawa…gobbeya…thope oya pukawal wage katawal walin kiyana ewa ehila minisdunta epa wela tiyenne..hamuduworingo siurata muwawela parliament awa gommanpilaya..denwath oya gobba katha natara kaparan…

  7. බූරු පුතාණෝ සජියා says:

    දිව දෙකක් තියෙන එකාට හැරෙන පැත්තට කතා කරන්න පුළුවන්. බැරිවෙලාවත් නැගෙනහිර ජැටිය ඉන්දියාවට දුන්නානම් ඒකෙ වරණනාව මීටත් වැඩිවෙන්න තිබුණා.

  8. Darshana abayakoon says:

    යකඩො දැන් ජනදිපති තුමා කැබිනට් පෙපර් එක දාල කිව්වෙ නැගෙන හිර ජැටිය විකුනන්නෙත් නෑ බදු දෙන්නෙත් නෑ පට්ට දේශප්‍රෙමි විදිහට හැන්ඩල් කරනව කියල නෙ. ඉතින් ඇයි බන් ජනදිපති නන්දසේන ගෙනාපු එච්චර පට්ට ගිවිසුමක් නැවත්තුවේ? ජනාදිපති තුමා බොරු කියල ජනතාව රවට්ටන්න ගියා, ඔයාල එකතු වෙලා ජැටිය බේර ගත්ත කියලද කියන්නෙ?
    ඒකල්ල බටහිර ජැටියේ 85%ක් ම විකුනන් කන කොට ඒක පට්ට දේශප්‍රෙමි කියලද දැන් කියන්නෙ? හරි බන් එල ඇමති තුමා. අපි දැනුවත් වුනා.

    • අන්දෝ සන්සාරේ says:

      අයියෝ මොන්ගල් සෑර්, මේ බූරූවට යමක් කියවා තේරුම් ගැනීමේ හැකියව ලබා දීලා; ඉන් පසු වැඩට ගනින්.

  9. දසුන් says:

    ජැටියේ ඉතිහාසය පිළිබඳ නොදාන්නා අයට හොද පැහදිලි කිරීම ක්.

Main News